යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මිට සුළු වේලාවකට පෙර කඩුවෙළ අධිකරණයට රැගෙන එන ලදී. අද පස්වරු පහවන විට යෝෂිත ඇතුළු සිව්දෙනාම කඩුවෙළ අධිකරණයට ගෙන එනු ලැබූහ. යෝෂිතගේ බාප්පා කෙනකු වන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ද, නාමල් රාජපක්ෂ සොයුරා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු ද අධිකරණ භූමියට පැමිණ සිටිති.
අධිකරණය අවට එස්.ටී.එෆ්. භට පිරිස් යොදවා ඇති අතර අතිරේක පොලිස් කණ්ඩායම් ද පැමිණ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්ක කරමින් තිබේ.
(ඡායාරූප අනුග්‍රහය - නිවුස් ෆස්ට් සහ යූ.පී.එෆ්.ඒ. අ බ්‍රයිටර් ෆියුචර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යෝෂිත රාජපක්ෂ විසින් ඔප්පු කල හැකි මහාපරිමාණ වංචා රාශියක් කල ඇතිබව සාක්ෂි පිට සොයා ඔහුව සිරගත කිරීමමෙන් නිදහස් කිරීමට මේ දක්වා ඇති පාටකයන්ගේ අදහස ඔවුන්ගේ පියා රට ගලවා ගත් නිසාද. එහෙනම් අපට අධිකරණයක් අවශ්‍ය සාමාන්‍ය සිවිල් පුරවැසියන්ටද? (කෞ)
කෙළෙහිගුණ නොදන්නා අය ගැන අපි කුමක් කියන්නද? (නි)
රුචි වගේ අය නිසයි නීතිය තමන් අතට අරන් වැඩ කරන්න පාලකයන්ට ඉඩලැබුනේ (නි)
30 වසරක යුද්ධය නිමාකරලා, දහසක් මව්වරුන්ගේ, දහසක් පියවරුන්ගේ දෑස් වල කඳුළු පිහදාපු, මේ මනුස්සයාගේ දෑසට කඳුළු දුන් මේ දෙයම ඇති අපි වගේ ගුණමකු ජාතියක් ලෝකෙන් තුරන්වෙන්න (නි)
අපි අපිම මේ පළිගන්න පළිගැනිල්ල කවදා නවතියිද? හැබැයි සියලුම බැතිබර මිනිස්සු වෛරයෙන් මත්වෙලා. මහින්ද මහත්තයා දැන් බලයෙන් තොරවනේ ඉන්නේ. ඉතින් ඇයි මේ තරම් එතුමාගේ පස්සෙන් පන්නන්නේ? එතුමා රටට කළ සේවය ගැනවත් හිතලා එතුමාට එතුමාගේ පාඩුවේ දැන්වත් ඉන්න දුන්නොත් හොඳයි නේද? (නි)
එන්න එන්නම අධිකරණයට තේරුම් යනවා පහුගිය සමයේ තිබුන නැටුම්. සමහරු දැනටම කියනවා එයාලටත් එයාලගේ පවුලේ අයටත් රජය සීමාරහිතව පහර ගහනවා කියලා. එහෙම කියුම් වලට අපට කියන්න තියෙන්නේ මේකයි. වසර ගණනක් තිස්සේ මුළු රටේම ජනතාව හූරාකාපු ඒවා, ගහපු ගැහිලි කවදාහරි වමාරන්න වෙනවා කියන එක අමතක වුණාද? (නි)
අපිට නම් දැනෙන්නේ පුදුම කළකිරීමක්. (නි)
අපිට වහා මැතිවරණයක් අවශ්‍යයි. මේ වැඩපිළිවෙල සහමුලින්ම විකෘතිසහගතයි. (නි)
නීතිය කාටත් එකයි. රාජපක්ෂ පවුලත් නීතියට ගරු කළයුතුයි (නි)
අපිට නම් මේවා දැන් දැකලා දැකලාම ඇතිවෙලා (නි)
කාට උනත් නිතිය හරියට ක්‍රියාත්මක විය යුතුය. එම නිසා එක යහපත් දෙයකින් සියලු දුෂණ වැසිය නොහැක. (ම)
රාජපක්ෂවරුන් රට ජාතිය වෙනුවෙන් කළ යුගමෙහෙවර වෙනුවෙන් එතුමන්ලාට රටේ පාරම්පරික නායකත්වය ලබාදී රටතුළ එතුමන්ලාගේ අභිප්‍රාය පරිදි ඕනෑම දෙයක් කිරීමට නීතියෙන් ප්‍රතිපාදන සැළැස්විය යුතුයි වගේනේ සමහරු කතාකරන්නේ (නි)
ගයාන්ගේ කතාවට මමත් එකඟයි (නි)
රට බේරගන්න විශාල සේවයක් කළ සරත් ෆොන්සේකා මහතාව කූඩුවට දානකොට මූල්‍ය වංචා මහා පරිමාණයෙන් කළ අය වෙනුවෙන් කෑගහන අය හිටියේ කොහෙද? (නි)
රටේ නීතිය, පොලීසිය දේශපාලන අරමුණු වෙනුවෙන් දිශාගත කිරීමේ ප්‍රතිඵල මොනවට පැහැදිලි කෙරෙන අවස්ථාවක්. මේ ආයතන පසුගිය කාලයටත් වඩා පුද්ගල බද්ධතාවයෙන් කටයුතු කරනවා වගෙයි. රටට දෙයියන්ගේම පිහිටයි. (නි)
අපේ මිනිසුන්ගේ තිබෙන ලොකුම අඩුපාඩුව තමයි පුද්ගල ගැතිබාවය. මිනිසුන් එම මානසිකත්වයේ ඉන්න තාක්කල් ඔවුනට හොඳ නරක පිළිබඳ නොදැනේ. පුද්ගල ගැති මානසිකත්වය තිබෙන පුද්ගලයන්, වැරැද්ද දැක දැක එය සිදුකළ අය නිවැරදි කිරීමට විශාල ප්‍රයත්නයක් දරයි. මෙවැනි පුද්ගලයන්ගෙන් රටට සිදුවන්නේ බලවත් හානියකි. (නි)
මේ ඔක්කොම රාජපක්ෂවරුන් රට නිදහස් කළ නිසයි (නි)
දිට්ඨ ධම්ම වේදනීය කර්ම ,,,, (ම)
වැරදි කරලනම් දඬුවම් ලැබිය යුතුයි. හැබැයි ත්‍රස්තවාදී ශාපයෙන් මේ රට බේරා ගන්න මුලික වුනු රාජපක්ෂ පවුල දඩයම් කරනවට මම විරුද්ධයි. (බ)
මෙය පුද්ගලික පළිගැනීමක්. රනිල් මොනාද වෙලා වගේ කෑගහනවා. මේ දේවල් වලින් රටේ සංවර්ධනයක් නැහැ. (බ)
අපිටම ගහගන්න ඕනෑ මේ යහපාලනයට ඡන්දෙ දුන්නට. රටේ කරන වැඩක් නැහැ, දේශපාලන පළිගැනීම විතරයි (නි)
හමුදාවට කොල්ලෝ එන්නේ නැති කාලේ මේ වගේ පුතාලා එවලා, රට බේරාගත් කරුමය අද ගෙවනවා. (නි)
ගයාන්, මේ රටේ යුද්ධය දිනුවේ නායකත්ව 3ක් යටතේ. දේශපාලන නායකත්වය, යුධ නායකත්වය හා සදාචාරාත්මක මාධ්‍ය හැසිරවීමයි. රණවිරුවෝ කිවුවහම ඔක්කොම හිතාගෙන ඉන්නේ ත්‍රිවිධ හමුදාව විතරයි කියලා. පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ග්‍රාමාරක්ෂකයින් ගැන ඔක්කොටම අමතකවෙලා. හැඳි 3 කින් තමයි මේ අයට බෙදන්නේ. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ.... (නි)
සුරසේන මහත්තයෝ, යහපාලන ආණ්ඩුවට ගැති වුණා නම් කුමන වැරැද්දක් කළත් දඬුවම් නැහැ නේද...? ගිය ආණ්ඩුවේත් ක්‍රියාකළේ මේ විදියටමයි නේද..? මේකද වෙනස....? (නි)
රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකුවීම අධිකරණය මග හැර යාමට සුදුසු කමක් ලෙස කවුරුන් හෝ සිතන්නේ නම් ඊටත් වඩා මෝඩකමක් තිබිය නොහැක. (බ)
වැරදි කරපු අයට දඩුවම් දෙන්න ඕනේ ......... ඒවුනාට මේ කරන්නේ දේශපාලන පළිගැනිමක් (බ)
මනෝජ්, මම කිව්වේ රාජපක්ෂ පවුල තනිවම යුද්ධ කළා කියලා නෙමෙයි. ඒකට මුලිකත්වය ගත්තා කියලයි කිව්වේ. (නි)
ආරක්ෂක ලේකම් ගෝඨාභය මහත්තය ජනාධිපති මහින්ද මහත්තය සහෝදරයෝ තනතුරු දෙකේ අ දෙන්න හිටි නිසා යුද්දය ඉවර වුණා. දෙදෙනාගෙන් එඒ අයකු නැතිව සිටියානම් තවම යුද්දෙන් අපි බැට කනවා ඒක ඇතුලතින් සිතා බැලිය යුතු කරුණක් (බ)
මහින්ද මහත්තය රටට කල සේවය කොහම වෙතත් තමන්ගේ පවුලට නම් සේවය කරගත්ත රට උකසට තියල ණය අරන් බාල් නැටුවා රටේ අහිංසක පුරවැසියන්ට ණය ගෙවන්න සිදු වුනා(කෞ)
එතකොට ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතාව හිරේ දානකොට? ඒක තමයි කියන්නේ කළ දේ පළ දේ කියලා. රාජපක්ෂවරු කවදාහරි හිතුවද තමන්ට මෙහෙම තත්වයක් එයි කියලා. රාජපක්ෂවරු නිසා මේ රටේ කී දෙනක් අමාරුවේ වැටුනද? මේක කාට කාටත් පාඩමක්. (නි)
රටේ සංවර්දනය බිංදුවට බැහැල. කාලයක් අවන්ගර්ඩ් එක තියන් කෑවා. දැන් මේක තියන් කනවා. (කෞ)