හිටපු ජනාධිපති ගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ල නාවික හමුදාපති සමග එක්ව පරීක්ෂණයක් පවත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීයැයි බීබීසී සංදේශය වාර්තා කරයි.
ඔහු නාවික හමුදාවෙන් ඉවත් කැර ගත් ආකාරයට ද , පරීක්ෂණයකට ඉදිරිපත් නොවී රට යෑමට අවසර දීම ගැන ද ජවිපෙ නොසතුට පළ කරයි.
හිටපු ජනාධිපතිගේ ආරක්ෂක අංශයේ භටයකු ලෙස තමා පත් කරන ලෙස යෝෂිත රාජපක්ෂ ජනාධිපති සහ අගමැති ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඇමැතිවරයා කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිධ හමුදා වලට තරුණයෝහොයාගන්න බැරි කාලේ ජනාධිපතිතුමා තම පුතු හමුදාවට බඳවලා ආදර්ශයක් දුන්නා. එදා එහි ප්‍රතිඵල ඉහළින්ම තිබුනා. එහෙම තරුණයෝ බඳවාගත්තේ නැත්නම් යුද්ධය දිනන්න බැහැ. (නි)
මේකේ අදහස් දාන සමහර අය හිතාගෙන ඉන්නේ ගමේ කොල්ලෙකුයි රටේ ඉහළම පාලකයාගේ පුතයි එකවගේ කියලා (නි)
පැවති රජය ගැන ජනතාව කළකිරුණේ වසර අටක පමණ පාලනයකින් පසුවයි. වත්මන් රජය ගැන දින සියයට පෙරම විශාල ජනතා අප්‍රසාදයක් ඇතිවී තිබෙනවා. එය රජය තේරුම් නොගත්තොත් එම ජන බලය වෙනත් දිශාවකට යොමුවීම කිසිවෙකුට වැළැක්විය නොහැක. (නි)
මීට වැඩිය නරකද වංචා දුෂණ කරලා ඒවා වහගන්න පක්ෂ මාරුකළ දේශප්‍රේමියෝ ගැන විමර්ශනය කළොත්? (නි)
මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයිද? (නි)
ඔක්කොම පුස් වෙඩි පමණයි වගේ. මහජනතාව රවටනවා. (නි)
අමිල, සමහර කට්ටිය නම් බය ඇති. (නි)
මට නම් මේ පරීක්ෂණ ගැන කියවලාම එපාවෙලා. කෙරෙන කිසිම දෙයක් නැහැ. (නි)
ඇයි මේතරම් ප්‍රමාද වෙන්නේ මේවාට? (නි)
තමන්ගේ ආරක්ෂාව වත් සලසා ගන්න බැරි කෙනා කොහොමද තමන්ගේ පියාව ආරක්ෂා කරන්නේ. ? උඩින් ගියත් බිමින් ගියත් ප්‍රභූ ආරක්ෂක භටයන් එක්ක ගිය කෙනා විහිලු කරනවද මන්දා !(හේ)
මොහු යුද අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.(හේ) .
ගමේ කොල්ලෙක් ඔහොම දෙයක් කරානම් කොහොමද හමුදාවේ නිතිය ? මෙයාලට ඉතින් වෙනම නීතියක් අනේ මන්ද අපේ රටට කවදා හරි යයිද කියලා ?(හේ)
රටට හොඳ දෙයක් වෙනවා නම් කැමතියි (නි)
කළ වරදට අනිවාර්යෙන්ම දඩුවම් විදිය යුතුමයි..(හේ)
එයාට වෙනම නීතියක්ද? මේ වගේ මිනිස්සු ඉන්න රටක යහපාලනයක් ගෙනයන්න පුලුවන්ද? (නි)
මේ හැමදේම ගැනම විදිමත් පරීක්ෂණයක් කරන්න.(හේ)
පරීක්ෂණය ඉක්මන් වන තරමට හොදයි නේද?(හේ)
මොහුව යුධ අධිකරණයට ඉදිරිපත් කරන්න. කිසිම අඩු වැඩියක් නැතුව ජෙනරාල් සරත් ෆොන්සේකාට සැලකු අරකාරයටම සලකන්න. (නදී)
මේ ගැන අවධානයෙන් ඉන්න ඕනෑ (නි)
ඒ දවස්වල කිවුවේ රට වෙනුවෙන් පුතා හමුදාවට බාර කරනවා කියලනේ. දැන් මොකද? රට වහකදුරු වෙලාද? (නි)
අන්තිමේදී මෙයත් හොද වෙයි (දිල්)
රටට යහපාලනයක් සැබෑවට එන්නට නම් , අනුර කුමාර දිසානායක මහතා වැනි නායකයෙකු යටතේ රජයක් ඇතිවිය යුතුයි කියායි මම නම් විශ්වාස කරන්නේ. මම රාජපක්ෂ පවුලට විරුද්ධව කිසිම දෙයක් සිදුවේයැයි කියා විශ්වාස කරන්නේ නැහැ. (නි)
හමුදාවේ විනය ආරක්ෂා කරගන්න නම් තරාතිරම නොබලා හමුදා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.(හේ)
මේ ගැන පරික්ෂණයක් සිදු කර පියවරක් ගත්තොත්.(හේ)
පරික්ෂණ විතරක් තියලා බෑ.මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න.(හේ)
පොල් ගෙඩි 8ක් හොරකම් කළා කියලා පාසල් ළමයෙකුට අධිකරණයෙන් දඬුවම් කළ රටේ නාවික හමුදාවට සෙල්ලම් දාන කෙනෙකුට දඬුවම් තාම නීතියේ නැතුවාවද්ද? ලංකාවේ නීතිය දුප්පතාට විතරයිද? (නි)
මේ වගේ වැරැද්දක් සාමන්‍ය කෙනෙක් කරානම් මේ වෙන කොට මොන දඩුවමක් ලැබිලද දන්නේ නෑ.(හේ)
ඉක්මනට මේ දුෂණ රටෙන් තුරන් කරන්න බලන්න.දැන් දෙන දඩුවමක් තමයි අනාගතයට ආදර්ශවත් වෙන්නේ.(හේ)
හා හා! කට... කට... කට!!! (නි)
රටේ ජනතාවගේ මුදලින් යැපෙමින් දිගටම ගෙදරට වෙලා ඉන්නද කල්පනාව.මේක අනුමත කළොත් නම් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව ගැනත් දෙපාරක් හිතන්න වෙයි (නි)
ගෙදර ඉඳගෙනම වැටුපක් ගන්න හදනවද? (නි)
මේ පුතා නමටවත් හමුදාවේ හිටියා. ඔය අනිත් පුතාලා වගේ රටේ ගෞරවය නැතිකළේ නැහැ (නි)
හොර දේශපලකින්ට නීතියක් නැත. අපිට තමා හැම නීතියක්ම !!(හේ)
මේවාට නියම පරීක්ෂණයක් කළේ නැත්නම් පවතින ආණ්ඩුව ගැනයි ජනතාව කළකිරෙන්නේ. පිටබැද්දර ජයා, ඔයා හරි. (නි)
අපේ රටේ නීතිය බලවතාට එක විදිහකටත් දුබලයාට තව විදිහකටත් ක්‍රියාත්මක වෙන බවට මෙය තවත් සාක්ෂියක්. මගේ අදහසේ හැටියට කිසිදෙයක් වෙන්නේ නැහැ. තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ මෙයා හමුදාවෙන් නීත්‍යානුකූල විදිහට ඉවත්වෙලා කියලා (නි)
පළමුව විනය පරීක්ෂණයක් කරන්න (නි)
වෙන හමුදා සෙබලෙකුට නම් තමන්ගේ ගමට අාසන්න ස්ථානයකට මාරුවීමක් ලැබේද මොන කරදරයක් තමන්ගේ ගෙදර තිබුනත් (නදී)
හමුදා සෙබලුන්ට ඉල්ලන ඉල්ලන තැන් වලට පත්වීම්දීමේ ක්‍රමයක් තිබෙනවාද? (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ඉස්තාලය ඇරලා බව දැන දැනත් අශ්වයා පැනලා ගියාට පස්සේ බොරුවට කෑගහලා වැඩක් නැහැ (නි)
මෙහි කිසිම වැරැද්දක් නැහැ. ලංකාවේ පවතින ක්‍රමයක් සහ අපට උරුම වූ දෙයක්. අපි උපන් රටට කොතරම් ආදරය කළත් නැවත උපදින්නට නම් ප්‍රාර්ථනා කරන්න එපා. අනාගතය තවත් භයානක වෙයි. (නි)
රටේ 33% කොටින්ට දෙන එක තරම් මේක නරක නෑ (බ)
උණු නිසා බොන්නත් බැහැ කිරි නිසා අහකදාන්නත් බැහැ (නි)
හමුදා කොල්ලෙකුගේ විවාහ උත්සවයකටවත් මාසයක් නිවාඩුවක් දෙන්නේ නැති එකේ, මෙයා මාස තුනක්ම නිවාඩු ගත්තේ කොහොමද? (නි)
ආයෙත් අවොත් එහෙම කියලා සමහර කට්ටිය බය ඇති (නි)