අලුත්කඩේ මහාධිකරණයෙන් අද (14) ඇප ලැබූ යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනා මින් මද වේලාවකට පෙර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කඩුවෙල මහාධිකරණයට ගෙන ගිය අතර ඔවුහු කඩුවෙල උසාවියෙන් ඇප අනුමත කිරීමෙන් පසු නික්ම ගියහ.
හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක්ද එහි පැමිණ සිටියහ. මන්ත්‍රී නාමල් රාජපක්ෂද සිය සොයුරා සමග සිටින අයුරු දැකිය හැකි විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක තමා උපුල්, මමත් කියන්නේ දෙවියන්ට මේවා බලාගන්න කියලා. අපි වෙන කාට කියන්නද? දෙවියනි ඔබ කොහිද? (නි)
නඩුව තාම උසාවියේ. නමුත් රටේ මිනිස්සු තීන්දුවත් දීලා. කවුරුවත් හොරකම් කරනවා දැක තිබෙනවද? (නි)
කෙසේ වෙතත් ජනතා මුදල් හොරුන්ට කිසි දිනක හෝ ඒහි විපාක ගෙවන්ට සිදුවෙනු අැත.(අ)
දැන් ඉතින් හැමෝටම සන්තෝෂ ඇති (අ)
මුහුණේ තියෙන සතුට මහින්ද මහත්තයාගේ ලොකු සැනසීමක් සැනෙනවා ඇති (ම)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය. ඔබ කියන දේ සත්‍ය වෙන්නේ හයිබ්‍රිඩ් අධිකරණයකින් නඩුව ඇසුවොත් පමණයි. එහෙම නැතිව ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. බලන්නකෝ. (ර)
ජයවික්‍රම , මෙම පරම්පරාවම දගලන්නේ ලැබුනොත් නැවතත් බලය අරන් ඔයාල වගේ අයට හොදට කොරන්න තමා, බලාගෙන ඉන්න (අ)
අනේ ..මන්දා. මේවාට කිසිවක් කිව නොහැකියි (අ)
රාජපක්ෂ පවුලේ හැමෝම ආසා කරන විදියට මේ දෙන්නත් කැමරාවට හොඳට විරිත්ත ගෙන ඉන්න හැටි බලාපල්ලකෝ. අම්මා විතරයි හිනා වෙන්න දන්නේ නැත්තේ. අයිය මලෝ හිතා ඉන්නේ මෙයා සදාකාලිකවම ආණ්ඩුවේ බෝඩිමෙන් දොට්ට දැම්ම කියලද ? නඩු තාම ඉවර නැති බවත්, පටන් ගත්තේත් නැති බවත් මේ දෙන්නටම අමතක වෙලා වගෙයි. මුට්ටියේ වතුර උතුරන තුරු කකුළුවෝ නටන හැටි නම් අපූරුයි....(බ)
ජීවිතයට නව පන්නරයක්, මගෙන් සුබපැතුම්. (අ)
බැසිල් ඔය හොඳට ඇවිදින්නේ.හෙට අනිද්දා නඩු එනවිට ආයිත් බැසිල් අසනීප වෙනවා. (බ)
මහජන මුදල් බිලියන ට්‍රිලියන ගණනින් මංකොල්ල කාලා රටටත් ජනතාවටත් කොකා පෙන්වන අපුරූ සහොදර යුවල (අ)
මෙචර කල් දෙසා බවේ වැරදි කරපු නිසා හිරේ දැම්මේ කියල..දැන් මොකෝ (අ)
වර්ණ , ලංකාව තුල අවධියෙන් හිටිය බොහෝ අයනම් මේ අය කටයුතු කළ අයුරු හොදින් දැක්ක.(බ)
සමගි සම්පන්න පවුලක්.අපේ ජීවිත වලට අභය දනය දුන්න පිනෙන් අගතියක් සිදු නොවේවා.ජනතාවට හිතෛශී විදිහට වැඩ කරන්න. (බ)
අයියගෙයි මල්ලිගෙයි සතුට බලන්නකෝ! උතුරා යනවා (නි)
දැන්වත් මෙහෙම වැරදි වලට පැටළෙන්නේ නැතුව ඉන්න බලන්න. මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
අපි මේවා කළා නම් වෙනම නීතියක්. ඇප ගන්න පුළුවන් මෙයාලට විතරයිනේ මෙහෙම. (නි)
පොදු දේපල හොරාකන්නන්ට කර්මය ළඟදීම පළදෙනවාමයි (නි)
එලියට ඇවිල්ලා තව චියර්ස් කරන ලස්සන. (ර)
මේවාට තවත් ආවඩන අය ඉන්නවනේ. අපිට නම් මෙයාලා වීරයෝ නොවෙයි (නි)
මෝඩකමට බෙහෙත් නැහැ. හරියට වීරකම් කරලා වගේ පොදු දේපල හොරකම් කරලා හිරේයාම. ලැජ්ජාවක් නැති මිනිස්සු (නි)
දේශපාලඥයින්ට ඉතින් ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැනේ (නි)
ආ! ඔය කට්ටියම පින්තූර වල ඉන්නේ හරිම ආඩම්බරයකින්. (නි)
ගොඩක් අයට ගොඩක් රිදිලානේ. හැමදාම බොරුව ගෙනියන්න බැහැ මහත්තයෝ. (නි)
ඇප දීම යනු චුදිතයෙක් නිදහස් කිරීම නොවන බව ඔය ෆොටෝ වල ඉන්න අයට නොතේරුනාට රටේ ජනතාව නම් දන්නවා. නිදොස් වෙන්න තිබෙන්නේ සුළු දෙයයි. ඔය කෝටි ගණන හම්බවුණ සාධාරණ විදිය ගරු අධිකරණයට කියන්න. (නි)
සැබෑ ජනතා පාලනයකදී මේ අයට අනිවාර්යෙන්ම සිර කුඩුව හිමියි. (අ)
සහෝදරයිනි, 60% ශ්‍රී ලංකාවේ ජීවත්වන ඡන්දදායකයා කුමනාකාරයේදැයි මනසේ රඳවාගෙන ඉදිරියේදී හොඳ දේශපාලකයින් වීමට සුබ පැතුම්! (නි)
මේ කොකා පෙන්නන්නේ ඡන්දය දීපු හරකුන්ට (බ)
ජීවිතය සම්පූර්ණ වෙන්නනම් අත්දැකීම් බහුල වෙන්න ඕන ඒ අනුව යෝෂිත මහත්තයට හොඳ අවස්ථාවක් ලැබුණ කියලයි මට නම් හිතෙන්නෙ. කරුණාකර දැන්වත් අයියල මල්ලිල එකතු වෙලා මේ රටේ දහදුක් විදින තරුණ තරුණියන්ගේ අනාගතයට යමක් කරන්න හිතට ගන්න. (බ)
පංච මහා වීරයන් වගේ !! අපොයි !! පවු මෙයා !! කෙට්ටුවෙලානෙ !! (බ)
මෙවුන් දෙන්නගේ පෙනුම නම් මනුස්ස පෙනුමක් නෑ. සල්ලි කාල මුන්ගේ පෙනුම විරූපී වෙලා වගේ (අ)
මෙහෙම මොනතරම් හිනාවෙලා හිටියත් මෙයාලගේ හිත දන්නවා මෙයාලා කරපු දේවල් (නි)
අයියාට මේ රඡගේ මල්ලි සදාලා, සහෝදර ප්‍රෙමය මුලු රටටම ආදර්ශයක් (අ)
අපිට ඉතාමත්ම සතුටුයි. ඔබට ජය! (නි)
උසාවිය අවට සියලුම දෙනා තම තමන්ගේ රන් ආභරණ පරිස්සම් කරගන්න ,,, පොර ඇවිල්ල ඉන්නවා ,,,,(බ)
ලොකු වැඩක් කරලා වගේ හිනා වෙන්නේ... ලජ්ජා නැති කම අර මොකක්ද එකකට වැඩිය ලොකුයී කියන වා නේ ...හිරේ විලංගුවේ වැටුනේ රට ජාතිය ආගම බේරගන්න ගිහින් නෙමෙයි නේ ... හොරකම් කරලා ...හොරකම් කරලා .(අ)
නියැන්ඩතාල් පොරවල් දෙකක් ,,(බ)
බලාගෙන ගියහම නාමලුත් හොද ලෝයර් කෙනෙක් නේ. හැමදාම කළු කෝට් එක දාගෙන ඇවිත් මල්ලිව එලියට ගත්ත නේද? (අ)
ඇයි මේ තොත්ත බබාලට කරදර කරන්නේ තොටිල්ලක දාල නලවන්නේ නැතිව.(බ)
මහින්ද අමාරුවේ වැටුනේ මොනවගේ වීරයෝ නිසාද කියලා අපි හොඳින් දන්නවා (නි)
ඇප ලැබුනට නඩුව අවසන් වෙනතුරු ඉමුකො. මේ ලැබුන සහනයත් ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. (නි)
මහා වීර කම් කළ අපේ කාලේ වීරයෝ! (බ)
තරුණ ළමයින්ට ගරහන්න එපා හැම දේ කම සීමාවක් තියෙනවා පළමුව තමන් ගැන හිතල අනුන්නට ඇඟිල්ල දික්කරන්න (අ)
සහෝදරයෝ සමගියෙන් ඉන්නවා ලස්සන දර්ශනයක් (අ)
කට්ටියටම හරි සතුටුයි වගේ. අපිටත් සතුටුයි ගොඩක් (නි)
ජනතාවගේ බදු මුදල් වංචා කලාට ජනතා ශාපයෙන් නිදහස් වෙන්නේ නැහැ.බදු පිට බදු ගහල,ජනතා මුදල් වංචා කරපු හැම එකාටම මේ කියමන වලංගුයි.(අ)
ඔන්න පිටි මිලත් ගණන් ගිහිල්ලලු. යහපාලානේ සුපිරි.(අ)
හෙට අනිද්දා නඩු එනවිට ඇවිදින්න බැහැ කියලා ආණ්ඩුවෙ ගිලන් රියකුත් ඒසි ගෙනෙයි. එහෙම ඇවිල්ලා දවසම උසාවිය ළඟ තියාගෙන ඉඳියිද දන්නෙ නැහැ. අනේ මේවට දෙවියො දඬුවම් දෙන්න ප්‍රමාද ඇයි? (නි)
දෙසපාලනයෙන් තොරව බලන්න සහෝදරයෝ ඉන්න ඕනේ මේ වගේ සමගියෙන් (ම)
මේ තරම් හිනා වෙන්න ලෝක කප් ගත්තද . හිරෙන් ඇප ගත්තද. (අ)
කෑම්ප් එකට වඩා හොඳින් ඉන්න්නවා කියලා නේද කිව්වේ? අපරාදේ එළියට දැම්මේ (නි)
සතුටු වෙන්න එපා එලියට ආව කියල. නීතියට වඩා දේව දඩුවම ඉක්මන් වෙනවා. සමහර පිරිසක් නොදන්නවා වගේ හිටියට මුළු ලෝකෙම දන්නවා ඔය පිරිසක් රටට කළ දේවල්. දෙවියෝ ඉන්නවා රටේ. වැඩිය සතුටු වෙන්න එපා සහෝදරවරු. (බ)
කාලෙකට පස්සේ දකින්න ලැබුණු "නියම දසුනක්". (නි)
ආයෙත් යන්න තියෙනවා නේද අර රාජගිරියේ කේස් එකට. ගෙදර ගිහිල්ල හොඳට කාලා සුදානම් වෙන්න (බ)
මහින්ද මහත්තයට දිනන්න ඕනෑ නම්, දේශපාලනයට පවුල් කතාව ගාවාගන්නේ නැති විදියට ක්‍රමයක් ජනතාවට ඉදිරිපත් කරන්න ඕනෑ. ක්‍රමවේදය හරියට හදලා ඉදිරිපත් කරන්න. ජය නියතයි (නි)
මෙයා වීරයෙක්ද? (බ)
ඇප ලැබුනේ ප්‍රමාණවත් චෝදනා මදි නිසාද දන්නෙ නැහැනේ. ගහමුද තව පොල් මුරයක්? (නි)
මේ ෆොටෝ එකේ අයිය කෙනෙක් මල්ලිට තියන අවංක සහෝදර කැක්කුම හොදටම පේනවා (බ)
රටේම ඉන්න අහිංසකම තරුණ ඩබල එකට ඉන්න ලස්සන, පහලම පොටෝ එක සාක්කි , ඉන් ගොඩක් දේ පිලිබිඹුවේ (බ)
මේ වගේ පවුලක් ලංකා ඉතිහාසයේ නැත. මේ දෙන්නා හිතාගෙන ඉන්නේ නඩුව ඉවරයි කියලා. එය වැරදි වැටහීමක්. (නි)