හිටපු ජනාධිති පුත් යෝෂිත රාජපක්ෂ, සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරු වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, ජේ.ටී.එස්.ප්‍රනාන්දු හා කවීෂාන් දිසානායක මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් හා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන දැන් කඩුවෙළ උසාවියට රැගෙන යන බව පොලිස් ආරංචි කියයි. සී.එස්.එන්. නාලිකාවේ වංචාවක් සම්බන්ධයෙන් මේ තිදෙනාගෙන් අද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ප්‍රශ්න කළේය. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නාවික හමුදාව භාරයෙන් යෝෂිත ද පොලිසිය භාරයෙන් අනෙක් හතරදෙනා ද කඩුවෙළ මහේස්ත්‍රාත් හමුවට රැගෙන යමින් සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩුවෙල උසාවියට දාන්නේ ඇප ලබා නොදෙන්ටයි. අර පා.ම. මැඩම්ව දැම්ම උසාවියට දැම්මනම් පැයෙන් එළියේ. (කෞ)
අර හොර සහතික අරගෙන නාවික හමුදාවට ගිය එකත් හොයල බලන්න. මෙයාලට හිරුනිකගේ රෙකෝඩ් එක කඩන්න දෙන්න එපා.(කෞ)
ඉතාම හොඳයි බලය නිසා උඩුගු වී සිටි අයට වැරදිකරුවන් ද කියා සොයා දඩුවම් නියම කළ යුතුය (ම)
මේ වෙන අසාධාරණ හමුවේ රටේ සියලුදෙනා රාජපක්ෂවරුන් වෙනුවෙන් එකවිය යුතුයි (නි)
ප්‍රියංකර, පෙරේරා, මම ඔබ දෙදෙනා ගැන කණගාටුවෙනවා (නි)
දැන් ඉතින් මොකද වෙන්නේ කියලා බලන් ඉන්න තමයි තියෙන්නේ.(හේ)
යුද්ධය දිනුවා කියලා කරන වැරදි සධාරණීකරණය කරන්න බැහැ. සීඑස්එන් එකට මුදල් ආවේ කොහොමද කියලා ඔප්පු කළයුතුය. රජයේ දේපල පුද්ගලික නාලිකාවක පාවිච්චියට ලැබුනේ කෙසේද? (නි)
වැරදි කළ අයට දඬුවම් දෙන්න ඕනෑ. ඒ වුණාට මේ කරන්නේ දේශපාලන පළිගැනීමක් කියලයි අපි හිතන්නේ (නි)