සිඑස්එන් නාලිකාවේ බරපතල දුෂණ සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනාට කොළඹ මහාධිකරණයේ දී අද (14) ඇප නියම විය.
යෝෂිතට අමතරව එහි අධ්‍යක්ෂ රොහාන් වැලිවිට, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් වන අශාන් ප්‍රනාන්දු හා කවිෂාන් දිසානායක මේ අතර වෙති.
ලක්ෂය බැගින් ශරිර ඇප ද රුපියල් දස ලක්ෂය බැගින් ඔවුන් මුදා හරින ලෙස නියම කැරිණි.
යෝෂිත ඇතුළු පිරිස රිමාන්ඩ් බාරයට පත් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් කළ නියෝගය ප්‍රතිශෝධනය කරන බව ද කොළඹ මාහාධිකරණ විනිසුරු ආර්.ආර්.ඒ.හෙයියන්තුඩුව මහතා අද ප්‍රකාශ කළේය.
අධිකරණයේ අවසරයක් නොමැතිව සැකරුවනට විදේශ ගමන් ද තහනම් කැරිණි.
එමෙන්ම කොළඹ මහාධිකරණ විනිසුරු හෙයියන්තුඩුව මහතා මෙම ඇප සම්න්ධ නියෝගය වහාම නඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.
නිශාන්ත රණතුංගගේ නඩුව වෙනත් අධිකරණයක විභාග වෙමින් පවති. නඩුව අවසන්වීමෙන් පසු ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සමග හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයෙන් පිටතට පැමිණියේය. යෝෂිත වෙනුවෙන් ඇප අයැදුම ඉදිරිපත් කිරීමට මුල් වූයේද මාරපන මහතායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේ එකා දෙන්න දෙව්ලොව යන නිසා බයට ඇප දෙන්න ඇති පොල් වදී කියල. (බ)
රුපියල් ලක්ෂ 24,000 ක් සොයාගත්තේ කොහොමද කියලා කියලද ඇප ලබාගත්තේ? රටට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. වෙන මොනවා කියන්නද? (නි)
ඇප දෙන්න ගත් තීරණය ගැන නම් අවංකවම සතුටුවෙනවා (නි)
දැන් ඉතින් නිදහස් වෙන විදිහ කියන්න ඕනේ නැහැනේ.පරීක්ෂණ මෙහෙයවපු නිර්බිත නිලධාරීන්ට සහ සාක්ෂි කාරයන්ට දෙවියන්ගේම පිහිටයි. (බ)
දැනටත් රාජපක්ෂලාට මොනවද කරන්න බැරි?හරිම සතුටුයි. (බ)
ඉසුරන්දිට විතරක් නොවෙයි දැන් වැඩි දෙනෙකුට එහෙම තමයි හිතෙනවා ඇත්තේ. (ර)
මොලේ ගැන හිතල නම දාන්න ඇත්තේ, බිංදු කියල. (අ)
අම්මෝ ඇති යන්තන් ජාතික ප්‍රශ්නයක් විසදුනා (බ)
රටේ ජනතාව ත්‍රස්ත වාදයෙන් බැට කන කාලයක රටේ ජනාධිපතිගේ පුතා විදියට හමුදාවට එකතු වී එදා හමුදාවේ සිටි සෙබළුන්ට ශක්තියක් වීම නොඉවසන කොටසකගේ උදහසට ලක්වීම නිසා සිරගත වූ ඔබට තෙරුවන් සරණයි. (බ)
මගේ යාලුවෙක් ලක්ෂ 4 .25 ක මුදල් වංචාවකට අහූවුනා චෙක් එකක් මකලා වෙනස් කරලා මාස 3 ක් යනකන් ඈප දුන්නේ නැහැ (බ)
අපි දන්නවා තීන්දුව දෙන්න කළින්ම මේයයි තීන්දුව කියා...තව දෙයකුත් වෙයි ඉදිරියේ දී.......(බ)
ඇප දුන් එක හොඳයි, අපේ බදු සල්ලි වලින් කන්න දිදී තියාගෙන ඉන්නවට වඩා. හැබැයි වංචා කර ඇත්නම් ඒ මුදල් නැවත අයකරගන්න විධිමත් නීතියක් හැදිය යුතුයි. (නි)
දැන් ඔතනින් ඉවරයිනේ. බයවෙන්න එපා කිසිදේකට. අපේ රටේ ඔහොම තමයි. නමුත් අපිට වෙනස් (නි)
අපි නොදන්නවායැ මේවා ගැන. මහජනතාවගේ සල්ලි නේද මේ? (නි)
පළි ගැනීමට තිත වැටෙන දිනය ළඟයි.(බ)
බිංදුගේ මොලේ බින්දුවට බැහැලා. කොයි ලෝකේ ඉන්නවද දන්නේ නෑ. (ර)
ඇප නොදී වෙන මොනවා කරන්නද? ඉදිරියේදී අපි බලමු මොකද වෙන්නේ කියලා. (නි)
යහම්පත්, රාජපක්ෂලාට කරන්න පුළුවන් හෝ බැරි දෙයක් මෙතන නැහැ. මේක නීතියේ තිබෙන ස්වාධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනකමයි (නි)
දැන්වත් ඉගෙන ගන්න බලය තිබෙන කොට මහජන මුදල් තමුන්ගේ බුදලයක් කියලා හිතාගෙන යැපෙනේ නැතුව තමුන්ගේ ශක්තියෙන් නැගිටින්න!!!! (බ)
රාජපක්ෂලාට නීති උපදෙස් ලැබෙන්නේ මාරපන පවුලෙන්. කවද හරි වර්තමාන රජයට මේ මාරපන පවුලෙන් තමයි මාර වැඩක් වෙන්නේ. 2004ත් ඕක තමයි වුනේ. (බ)
රාජපක්ෂ කෙනෙක්ට මොනවහරි කරලා රටේ තියෙන අනිත් දාහක් ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කරවනවා. යහපාලනයට ඡන්දෙ දුන්න අය කට අැරගෙන බලාගෙන ඉන්නවා! (බ)
සැමට නිතිය එක විදියට ක්‍රියාත්මකද ? (බ)
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කීයක් අයකළාද දන්නේ නෑ එලියට අරගෙන දෙන්න..(බ)
ඇප නෙමෙයි දෙන්න ඕන ,ජම්පර් ගස්සල කාණු කපන්න දාන්න ඕන (බ)
සමහර අයගේ අදහස් බැලුවම පෙන්නේ බදු මිල වැඩි වෙලා නොකා නොබී හිටියත් කමක් නැ. කව්රු හරිහිරේ දානවා නම්. (අ)
රජයට අහිමි වූ මුදල් නැවත ලබගන්නවද..එම මුදල සොයාගත් විදිය සොයා බලනවද.මෙම ප්‍රසන්න අධිකරණයට වැදගත් ද.? එසේ නොවන්නේනම් කරුණාකර සක්විති වත් අනෙක් මුල්‍යම වැරදි කරුවන්ටත් ඇප ලබාදෙන්න (බ)
අපේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගැන මොකද කියන්නේ? ඒවා තියාගන්න දෙනවද? (අ)
බිංදුගේ කතාව 100% හරි .මේවා කාටත් තිත්ත වුණාට ඇත්ත මොනවා කරන්නද දැන් පේනවනේ උඩ පැනගෙන දීපු වෙනස (අ)
බින්දු හොද හොද විහිළු කතා කියනවනේ. (ර)
මේ ගොල්ලට ඇප දුන්නම යහපලනෙට ඡන්දෙ දීපු අපට අබ සරණයි .(අ)
යෝශිතට තියෙන අධි චෝදනාවේ හැටියට දීපු ඇපය නම්, ඉස්සර කාලේ පාර අයිනේ හිඟා කන මනුස්සයකුගේ පොල්කට්ටට වැටෙන සත දහයේ කාසිය තරම් වත් වටින්නේ නැහැ කියල මගේ සීයා කියනවා......(බ)
බලාගෙන යනකොට රාජපක්ෂ පවුලේ කලුකෝට් කාරයෝ දෙන්නාම යෝෂිත එළියට ගන්න උසාවියේදී හොඳට කතා කරලා තියෙනවා වගෙයි එහෙනම් !! (බ)
නැති බැරිකමට තම දරුවට කිරි උගුරක් අරන් දෙන්න රුපියක් 20 ක් හොරකම් කරපු මවකට අවුරුදු 10 ක් හිරේ ප්‍රබු වරු කොටි ගණන් හොරකම් කරලා මාසයක් වත් හිරේ නැහැ නියම රට (බ)
නාමල්. චෙක් පත් වැරදි සම්බන්ධයෙන් නඩු පවරන්නේ අපරාධ පනත යටතේ.. ඒ නිසා මාස තුනෙන් හරි අැප හම්බුනා එ්කට සතුටු වෙන්න..(බ)
චෝදනා බොරු බව තහවුරු වෙලා වගේ (බ)
අපි අපිටම තලාගන්න ඕන කාලයක් මේක. (බ)
අපේ රටේ හැමෝටම ඔබට, මට, දේශපාලක පින්වතුන්ට ඉතාම සාධාරණ නීතියක්! අනේ මෙහෙම රටක ඉපදෙන්න අපි වාසනා කරන්න ඕනේ (අ)
බිංදු - ඔයා මොකක්ද මේ කියන්නේ ? මෙය කොහොමද සෙබළුන්ට ශක්තියක් වුනේ? ඒ කියන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ සම්පත් හූරගෙන කෑවත් එක රාජපක්ෂ පවුල නම් වරදක් නැහැ කියන එකද ඔයා කියන්නේ? මේවට තම කියන්නේ කඩේ යනවා කියල. (බ)