සී එස් එන් නාලිකාවේ සිදු වීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින යෝෂිත රාජපක්ෂ, රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග, අශාන් රවිනාත් සහ කවිෂාන් දිසානායකගේ සුවදුක් බැලීමට කලා ශිල්පීන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට ගියහ.
නීතීඥ ඩග්ලස් සිරිවර්ධන, සුදත් රෝහණ, පාලිත පෙරේරා, සඳුන් විජේසිරි, සම්පත් තෙන්නකෝන්, අජිත් ලොකුගේ ඇතුළු පිරිස් එහි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ සෙල්පි ගහන්නද ගියේ (ම)
ලජ්ජා නැතිකම ....මහමුදලි කමටත් වඩා.....ලොකුයිලු...(බ)
නෑගම් යනවා වගේ. (බ)
කවුද බොලේ මේ අය? ඔතන ඉන්න දෙන්නෙකුට වඩා මම නම් දැකලා නැහැ. දැක්කෙත් අහම්බෙන් රුපවාහිනියේ. අර කඩේ ගිය කෙනා මග ඇරිලා වගේ. දැන් ඉතින් පැත්තකට වෙලා ඉන්න එක ඇඟට ගුණයි කියලා හිතෙන්න ඇති. (බ)
කළ ගුණ සලකන්න ගිහින් වගේ.(හේ)
මේ අය ලකුණු දා ගන්න ගිය ගමනක්.(හේ)
කැවුම් කිරිබත් අරගෙන නේ යන්න තිබුනේ (බ)
කස්ටිය බොහොම සතුටෙන් වගේ.? (ර)
ඈත්තටම, රස්තියාදු කාරයො සෙට් එකක් වගේ.. මේ අයට නලු නිලි කිව්වොත්, ගාමිනී, විජය, ටෝනි, ඩොමී, බෙල්ලෙ වෑල දාගෙන ආයිමත් මෑරෙයි. (ර)
හොරුන් බැලීමට යනවට ගමන්...සෙල්ෆියක්! (අ)
මනුස්සකමට ගිය ගමනක්ද (කෞ)
බණ්ඩාර මේ ගොල්ල නෙමෙයි අර සමනලී අන්න බඩු (කෞ)
ආ! මේ අයද කලාකරුවො කියන්නෙ. දෙතුන් දෙනෙක් කසිකබල් නට්‍ය කීපයක දැකල තියෙනව. අනික් අයව දැක්කෙත් අද. පොදු කලාකරුවා පිළිබඳ මගේ වැටහීම වුනේ බලවත් සමාජ සවිඥාණකත්වයක් සහිත සමාජයක පෙරගමන්කරුවෙක් ලෙස. මේ ඉන්න උදවිය කලාකරුවන් පිළිබද මගේ පරිකල්පනයට කරන නින්දාව මට ඉවසගන්න බෑ. දුකයි. හරිම දුකයි. (බ)
දරුවන් ගෙන් පලිගන්න කාලේ ඇවිත් මේවා ඉතිහාස ගත වෙනවා (බ)
කවුදෝ සමග හෙළුවෙන් කිව්වලු (බ)
කට්ටිය සිරීපාදේ ගිහින් වගෙයි (බ)
හොරු වෙනුවෙන් වටිනා කලාව පාවාදෙන්න එපා ඇත්තටම මේ අය කලාකාරයෝද ? බොලිවුඩ් එකේනම් මේ ටී බෝයිස්ලා (බ)
කට්ටිය දැකල සතුටින් ඉපිලගීහින් වගේ (ර)
අපි ආවා කියලා පෙන්නන්න කට්ටිය යනවා.(හේ)
මේ කලාකරුවන්ට ලැජ්ජ නෑනේ.(හේ)
මේ අයට වැඩ නැතුව ඇති, මුණ පෙන්නගන්න... (ර)
මේ ඔක්කම නළුවොද ?(කෞ)
ඉක්මනට නඩුව ගත්තොත් හොඳයි (ම)
විනෝද ගමනක් ගිහිල්ල වගේ (හේ)
නියම කලාකරුවෝ.(හේ)
මම හුගක් ආදරේ කරන නලුවෙකුත් ඉන්නවා.පාලිත පෙරේරා.................(කෞ)
බණ්ඩාර කුවේට්.ඔබගේ කටට මසුව්රන් දන්නා වටිනා කතාවක්.(කෞ)
ගමනට සහභාගී වීම වෙනුවෙන් කට්ටියට සතුටින් ඉපිල යන්න දේවල් ලැබිලා වගේ. ඒ දවස්වල රැස්වීම්වල සෙනඟ පුරවපු හැටි සිහිවෙනවා. ඒවාට ගිය අයත් ආපසු ගියේ හරි සතුටින්නේ. මේ වගේමයි. ආපහු එනකොට ගියේ කොහෙද කියලවත් මතක නැහැ. (නි)
මෙයාල නිකන් හිරගෙදර බලන්න විනෝද චාරිකාවක් ඇවිල්ලා වගේනේ. (ර)
මේ නළු නිළියෝද. (ර)