කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා අත්අඩංගුවට ගත් බවත් එම සිද්ධිය ගැන දිගටම පරීක්ෂ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද මාධ්‍ය හමුවකදී පැවසීය.
එම පිරිස අත්අඩංගුවට නොගෙන පරීක්ෂණ සිදු කළ නොහැකි බවද ඔහු පැවසීය.
ඇඹිලිපිටියේ එක් දරු පියාග් මරණය ගැන මාධ්‍යෙවේදීන් ප්‍රශ්න කළ විට ඔහු පැවසූයේ එය ඇඹිලිපිටි මහේස්ත්‍රාත් ලේඛකාධිකාරීගෙන් අසන ලෙසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලනයේ අමිහිරියාව.(බ)
කෝපිකඩේ අබිලින් නැති නිසා ඒ ජොබ් බාරගන්න මහත්තයෝ (බ)
ඔයා තාමත් ප්‍රකාශ නිකුත් කරනවාද ලැජ්ජයි (බ)
තිලක් ඩුබායිලා වගේ අදහස් තියන අය ඉන්නකම් මේ රටට අබ සරණයි. (ර)
සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ..අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...කළ කර්මය පල දෙනවා...රජු මාවත බැස යනවා. (බ)
මෙයා කොහොමද මෙහෙම කතාකරන්නේ? (නි)
අපිට ඔය කතා වලින් වැඩක් නැහැ (නි)
අපි නම් ඕවා පිළිගන්නෙ නැහැ දැන් (නි)
සිංහලයෙකු වීම ආඩම්බරයක් යැයි මම පෙර සිතා කටයුතු කළෙමි. නමුත් දැන් රටේ සිද්ධවෙන දේවල් අනුව ඇත්තටම එය දැන් ලැජ්ජාවට කරුණකි. මේ සටහන දකින කෙනෙකු මට කරන චෝදනාව වන්නේ මහින්ද මහතාට බරට කඩේ යන්නෙක් කියායි. නැත. එතුමා අතින් වැරදි සිද්ධවන්නට ඇත. නමුත් ඒ සැමට වඩා එතුමා මගේ ජාතියට සිංහලයාට කළ ඒ උතුම් දේ මට වැදගත්ය. මහින්ද මහතා කළ වැරදි වලට බලයෙන් පහකර මහජනතාව දඬුවම් දී හමාරය. නමුත් රාජ්‍ය මැදිහත්වීමෙන් මේ කරන්නේ කෘෘර දේශපාලන පළිගැනිම්ය. (නි)
ඔබට ගැළපෙන තැන පාර්ලිමේන්තුවයි. (නි)
දැන් මොකටද හේතු අපිට? (නි)
ඔය මහත්තයා කොහෙවත් යන්නෙ නැතුව ඔතනම ඉන්න. දිනපතාම මොනවාහරි කියන්න. ඒ ඇති අපිට (නි)
යෝෂිත ගැන අපිට දුකයි (නි)
ජනතාව නොමඟ යවන්න නම් එපා (නි)
අපි මොනවා කළත් කිවුවත් අඳින නිල ඇඳුමේ ගෞරවය රැකගනිමු නේද? (නි)
කුමාර ඔබ හරි (ර)
පුද්ගලයා කවර තරාතිරමක වුවත් ඔහු වැරදිකොට ඇත්නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතුයි. (නි)
අර මහා බැංකුවේ මුදල් වංචාවට කවුරුවත් හිරකළේ නැහැනේ. ඒක රටට බලපාන ප්‍රශ්නයක් නෙමෙයිනේ, නේද? (නි)
දැන්නේ හේතුව තේරුනේ. අපි හිතාගෙන හිටියේ වෙන විදිහකටනේ (නි)
ඔබ ගැන අපේ විශ්වාසයක් නැහැ එම නිසා මෙම තනතුරට ඔබ නුසුදුසු (ම)
ඔබ ගැන අපේ විශ්වාසයක් නැහැ (හේ)
ඒකනම් හරි.(හේ)
මේ වසරේ මගේ ලොකුම බලාපොරොත්තුව, සිහිනය, යහපාලන මායාවට උල්පන්දන් දී රට ජාතිය වට්ටන්න උරදුන් අය ඇතුළු බහුතර ඡන්ද කැමැත්ත දුන් සිංහලයාට යහපාලනේ නිසාම වැලේ වැල් නැතුව යනවා දැකීමයි. (නි)
හිරුණිකාව නිදහස් කරලා තියෙන්නේ සිවිල් නීතියෙන්. ඒත් මේක එහෙම නෙමෙයි වගේ (නි)
මටත් හිනා යනවා මෙහෙම පළිගැනීම් කරලා හදිසියේ ආණ්ඩුව මාරුවුණොත් අනිත් අයට කන්න වෙන පරිප්පුව මතක්වෙලා (නි)
තිලක් ඩුබායි ,තමුන්ලාට උණ ගැනෙන්න අපේ රජයකින් යහපාලනයේ කළු සුද්දන්ට පෙර කර තිබෙන වැරදි සහ දැන් කරමින් තිබෙන වැරදි වලට නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා ඇත (නි)
ඔබතුමා කිවුව එක හොඳයි. නැත්නම් අපි දන්නෙ නැහැනේ (නි)
අනේ මහත්තයෝ, ආණ්ඩුවේ ඕනෑ එපාකම් වලට අනුව නීතිය වෙනස් කරන්න එපා (නි)
අර ඩුබායි බැංකු වල රුපියල් කෝටි 46,782 කක් තැන්පත් කරලා තිබෙන උපාසක මහත්තුරු හිරේ යවන්නේ කවදද?ඒ මුදල් ජනතා සතු කරන්නේ කවදද? (බ)
කුමාර. මේ අයට ඔහොම නෙමෙයි සලකන්නේ. ලිබියාවේ ගඩාෆිට වගෙයි සලකන්න තිබුනේ. (බ)
මෙයාලගේ මහා ලොකුකම මෙච්චර බොරු කියලත් ඉවත් කරන්නේ නැති එක තමා ප්‍රශ්නය (බ)
ඇති යන්තම් හොරු ඇතුළට යනවා (නි)
තිලක් ඩුබායි, උපාසක මහත්වරුන්ව හිරේ යවන්න ඕනෑ, අර මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය කළ සහ ඒවා කරන්න ඒ තැනැත්තන්ව පත්කරලා බලය දීපු අයටත් දඬුවම් ලැබෙන දවසට. (නි)
ඇසින් දුටු සාක්කි තිබියදීත් ඇඹිලිපිටිය වරදකරුවන් අත් අඩංගුවට නොගැනීම රටේ නීතිය ගැන ජනතාවට ඇති විශ්වාසය බිඳ දැමීමකි. (ම)
මොන ආයතනයේත් සේවකයාට ඉහළින් එන අණ පිළිපදින්න වෙනවා. නැත්නම් ඉතින් වෙන රස්සාවක් හොයාගන්න වේවි. අපේ පොලිස් මහත්වරුන්ටත් එයම තමා වෙන්නේ. (නි)
යහපාලන විහිළු අපි බලනවා දැන්. (නි)
නිම්මි, ඔයා ලංකාවේ ඉඳලද අදහස් පළකරන්නේ? නිකන් කට තිබුන පළියට කතානොකර ඉන්න අනේ (නි)
නීතියේ දෙවඟනගේ ඇස බැඳි රෙදිකඩ කවදා ගැළවේද? (නි)
එතකොට හිරුනිකා. ඥානසාර හිමියන්? දැන් නම් හැමදේම හැඳි කිහිපයකින් බෙදෙන බවයි පෙනෙන්නේ.(කෞ)
රජකම් කෙරුවත් කළ කම් පලදේ කියන්නේ මේවාට තමයි (ම)
ලජ්ජා නැතුව තවත් එනවද ප්‍රකාශ නිකුත් කරන්න ඇඹිලිපිටියේදී 7 පොලේම ගාගත්ත අමතකද?(කෞ)
රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ සටන් බිමේ වැඩ කරපු සරත් ෆොන්සේකා හිරේට දානකොට ඒ අම්මලට දරුවන්ට කොච්චර දුක හිතෙන්න ඇති නේද. (ම)
මහා බැංකු මංකොල්ලේ සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදද? (ම)
මහා බැංකු හොරකම ගැන කතා කරන අය කලින් වුණ හොරකම් ගැන කතා කරන්න නැත්තේ මොකද? (ම)
කෙලින් වැඩ කරන්න බැරිනම් කරුණ කරලා රස්සාවෙන් අස්වෙලා ගෙදර ඉන්න මහත්තයෝ. රටේ ජනතාව ඔබට ගරු කරයි. දැන් නම් රටට ඔබ විහිලු සපයන්නෙක්.(කෞ)
යන්තම් ආයිත් එලියට එන්න චාන්ස් එකක් හම්බවුණා, පහුගිය දවස්වල අපි හිතුවේ ඉල්ලා අස්වුණා කියල. (කෞ)
එදා නීතියේ ඇස සාටකයෙන් බැඳ -අද සාරි පොටින් බැඳ (ම)
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ කියනවා. අපරාදේ අහිංසක දරුවෝ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (බ)
ආණ්ඩුවේ රෙදි හෝදන එකත් හොද ජොබ් එකක් තමා (බ)
ඒ කියන්නේ මේ සමාගමේ යෝශිතට ලිඛිත නීතියෙන් කිසිම අයිතියක් නැහැ. තියෙන්නේ ලියපු ඊ-මේල් වලින් තියන සාක්ෂි යෝෂිත සම්බන්ධයි කියල. නියම නිතිය ලංකාවේ. අනේ පොලිසි මාධ්‍ය ප්‍රකාශක රටේ ජනතාව හිනා වෙනවා මේවා අහල. (බ)
කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් කට්ටිය අනවසර රැස්වීම් තිබ්බා කියලා නෙමේද රිමාන්ඩ් කළේ ? (බ)
එතකොට මහත්තයෝ හිරුනික නෝනගේ ප්‍රශ්නේ ගැන හෙව්වේ එයාවත් දවස් 14 හිරේට යවලද ? (කෞ)
හොරා ගේ අම්මා ගෙනාව පෙන අහලා වැඩක් නැහැ..(කෞ)
මට අන්දරේ මතක් වෙනවනේ..(කෞ)
අනේ මහත්තයෝ, දැන් ඔයා කියන ඒවා කවුද පිළිගන්නේ? (නි)
කෝ බන් මේ කෝලම ඉවර නැද්ද (කෞ)
මෙයා කට ඇරියොත් ගිරවා වගේ කියවනවා.අබිලිපිටියේ ගිහිනුත් මට්ටුවෙලා නැනේ .විලිලජ්ජාවේ බෑ(කෞ)
අම්මෝ......ඔබතුමා කට ඇරියාද....???..මට තේරුනා දුගද එනකොටම. (බ)
යුද්දයක් නොමැති රටකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයෙක් කුමකටද ?!!!!!එසේ නොමැති නම් පොලිස් රජයක්ද තිබෙන්නේ ?.(බ)