ඕස්ටේ‍්‍රලියාවේදී ලබන අගෝස්තු මස 11 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිත ද මෙල් නම් කර තිබේ. උප නායකත්වය මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඇන්ජලෝ ජයසිංහට හිමිවිය. තුන් ඉරියව් ක‍්‍රීඩක සනිත ද මෙල් ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ක‍්‍රිකට් සම්මාන උළෙලේදී නැගී එන ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම: සනිත ද මෙල් (නායක - මොරටුව ශා. සෙබස්තියන්), ඇන්ජලෝ ජයසිංහ (උප නායක - මාරිස්ටෙලා), පබසර වඩුගේ (රිච්මන්ඞ්), ෂෙහාන් ප‍්‍රනාන්දු සහ රනිත ලියනාරච්චි (බම්බලපිටිය ශා. පීතර), කසුන් විඳුර (වෙන්නප්පුව ජෝශප්වාස්), ජේසන් පෙරේරා (ශා. බෙනඩික්), නිරෝෂන් දිල්වැල්ල (ත‍්‍රිත්ව), සඳුන් වීරක්කොඩි (මහනුවර ධර්මරාජ), පුලින තරංග (අම්බලන්ගොඩ දේවානන්ද), ළහිරු මධුසංඛ (මාතලේ ශා. තෝමස්), චමෝද් පතිරණ (ගල්කිස්ස සා. තෝමස්), අනුක් ප‍්‍රනාන්දු සහ අමිල අපෝන්සු (මොරටුව ශා. සෙබස්තියන්) සහ තරිඳු කෞෂාල් (රත්ගම දේවපතිරාජ)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටු කොල්ලට ජය වේවා
මොරටු කොල්ලට ජය වේවා
අනිත් කොල්ලෝ ලංකාවේ නෙමෙයිද ??
මේ කාලේ මෙහේ සීතලයි. හොඳට පුහුණු වෙලා එන්න. ඕස්ට්‍රේලියා, එංගලන්ත, දකුණු අප්‍රිකා, නවසීලන්ත අයට මේ දේශගුණය හොඳට හුරුයි.