ලොව පුරා යෞවන යෞවනියන් අතර මිත‍්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් වසරක් පාසා විවිධ රටවල තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ලොව රටවල් රැසක සංචාරය කරන නිපෝන් මාරු ලෝක තරුණ නෞකාව අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රීලංකාව නියෝජනය කරමින් තරුණ තරුණියන් 12 දෙනෙකු මෙවර සංචාරය සඳහා එක්ව සිටින අතර ජපානය, බහරේන්, චිලී, මෙක්සිකෝව, නවසීලන්තය, රුසියාව, ටැන්සානියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් තරුණ තරුණියන් 243 දෙනෙකු මෙවර නිපෝන් මාරු සමග ලොව වටා සංචාරය කරන පිරිසට අයත්ය.
28 වැනි වරට නෞකාව සිය සංචාරයේ යෙදෙන්නේ වන අතර, ජපානයේ යොගෝහමා වරායෙන් පසුගිය ජනවාරි 28 වැනිදා මෙම සංචාරය ආරම්භ කර ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහාටද මේ නැව නැංගුරම් දාන්නේ ? නැවක් එනකම් මුහුද දෙසට කට ඇරන් බලා ඉන්න අයට දැන් වහල උඩට නැගල කෙකර ගාන්න පුළුවන් "මෙන්නෝ නැවක් ආවෝ " කියල. (රේ)
හරිම ලස්සන පිළිගැනීමක් (නි)