මාපිය සෙනහස අහිමි වන වැඩිවියට පත් ගැහැණු දරුවන් තෙවැනි පාර්ශවයකින් සෙනෙහස පැතීම ස්වභාවික බවත් පේ‍්‍රමය හා ලිංගිකත්වය අතර වෙනස තේරුම් ගැනිමට වත්මන් තරුණ පරපුරට නිසි මඟපෙන්වීමක් නොතිබීම කනගාටුවක් බවත් මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ප්‍රකාශ කළාය.
බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක නඩු තීන්දුව ප්‍රකාශයට විනිසුරුවරිය මේ බව කීවාය.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් ඉතාමත්ම පැහැදිලිව දක්වා ඇත්තේ වයස අවුරුදු 18 සම්පුර්ණ වීමෙන් අනතුරුව තමා කැමැති අයකු සමඟ විවාහ වීමේ අයිතිය ශ්‍රි ලාංකික පුරවැසියන්ට ඇති බවයි.
එය නීතියයි. එය සංස්කෘතිය නොවේ. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ කෘතීන් මත පිහිටා බැලූවොත් යෞවන පේ‍්‍රමය සම්බන්ධයෙන් නීතිය කවරාකාරයෙන් බලපාන්නේ ද යන්න ඉතාමත් අලංකාරව විග්රහ කර ඇත. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ නව කතා මෙන්ම කරුණාසේන ජයලත්ගේ ‘ගොලූ හදවත’, ‘ගැහැණු ළමයි’ වැනි කෘතීන් ගත්තද මෙම යෞවන පේ‍්‍රමය සහ නීතියේ අණදීම අතර තිබෙන දුරස්ථභාවය සළකා බලා ඇත. අප සංස්කෘතියේ ගුරුවරයා සහ ගෝලයා අතර ආදරය හෙළා දැක්ක ද මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය නව කථාවේ නන්දාට අධ්‍යාපනය ලබාදීමට එන පියල් අතර පේ‍්‍රමය සම්බන්ධය සුළු ආකාරයට විග්රහ කර ඇත.
‘යෞවනයේ පේ‍්‍රමය අන් සියල්ල බැද දමා ඇත. මෙම නඩුවේ වින්දිත දැරියගේ මව ඇයට වයස අවුරුදු 3 ක් පමණ වන විට ඇගේ පියා අතැහර දමා ගොස් ඇත. පසුව දැරිය රැකබලා ගෙන ඇත්තේ ඇගේ පියාගේ දෙමවිපියන් විසිනි’.
දැරියගේ පියා ද පසු කලක වෙනත් විවාහයක් සිදු කරගෙන වෙනත් ස්ථානයක පදිංචියට ගොස් තිබේ. පසුව දැරිය හැදෙන්නේ වැඩෙන්නේ පියාගේ වැඩිහිටියන් අතරය. මෙහිදි විවාහක දෙපළක් වෙන්වීම නිතිය පිළිගනී. නමුත් වයස අවුරුදු 3 ක දැරියට එම නීතියේ පිළිගැනීම තේරුම් ගැනීමට නොහැකිය. ඇයට තේරෙන්නේ ඇයට මව් සෙනහස අහිමිවීම පමණය. එතැන් සිට ඇය සොයා යන්නේ ඇයට අහිමි මව් සෙනෙහසය.
ඇගේ යටි සිතේ තදින්ම කාවැදි ඇත්තේ එයයි. තම පියා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන බිරිද නැති අඩුව ඔහු පිරිමසා ගෙන ඇතත් එය තේරුම් ගැනීමට ඇගේ මනසට ශක්තියක් නැත. ඒ අනුව පියා දෙවැනි විවහයක් සිදු කර ගැනිම ඇය දකින්නේ පියා තමන්ට විශාල අඩුපාඩුවක් සිදු කළ බවකි. මෙම තත්ත්වය මත මවගෙත් පියාගෙත් සෙනෙහස අහිමි ආදරය දැරිය තෙවැනි පාර්ශවයකින් සෙනහස පැතීම ස්වභාවිකය.
කලක් ගතවී ඇය වැඩිවියට පත් වන විට ඇය රැක බලා ගත් ඇගේ ආචිචි සහ සීයා හිරිහැරයක් වන තත්වයකට පත් වෙයි. මන්ද යෞවන ප්‍රේමය තේරුම් ගැනිමට එම වයෝවෘද්ධ දෙපළට නොහැකිවීම නිසා දැරිය පේ‍්‍රමවන්තයකු සමඟ කතා කළ පමණින් ඇයට බැණ තර්ජනය කිරිමය. එම තත්ත්වය මත ඇයට එම නිවස අපායක් වූවා විය හැකියි.
ඒ බව දැරිය පොලිසියට ඇති ප්‍රකාශයෙන් තහවුරු වී ඇත. තම පේ‍්‍රමවන්තයා සමඟ කතා කළ පමණින් ඇයට තර්ජනය කිරීම හේතුවෙන් තම පේ‍්‍රමවන්තයා සමඟ පලා යාමට දැරිය පෙළඹීම ස්වාභාවිකය.
මවගෙත් පියාගෙත් ආචිචිගෙත් සීයාගෙත් සෙනෙහස රැකවරණය නොලද තැන ඇය ඇගේ පේ‍්‍රමවන්තයා වීරයකු සේ සළකා කටයුතු කර ඇත. මෙහිදි නීතියේ සීමාව සහ එහි දැඩි බව පිළිබඳව ඇයට අවබෝධයක් තිබී නැත. මෙම නඩුවට අදාල විත්තිකරු බේකරි රැකියවක් කරන ඉතාමත් අපහසුවෙන් ජීවත්වන 19 හැවිරිදි අයෙකි. එහෙත් ඔහුගේ අරමුණ වී ඇත්තේ ඉදිරි අනාගතය යහපත් කර ගැනිමය.
ඒ අනුව සළකා බැලීමේදි මෙම දැරිය රැගෙන ගිය විත්තිකරුට දඩුවම් නියම කිරිමේදි දැරිය එදා සිටි මානසිකත්වය සහ ඇගේ දෙමව්පියන් ඇයට කර ඇති විනාශය සළකා බැලිය යුතුය. ඇගේ මව පියාගෙන් වෙන් වුවද ඇයට සිය මවගේ වගකීම ඉටු කළ යුතුව තිබිණි.
ඇගේ මව විදේශ ගතව ඇති අතර ඒ තුළින් දියණියකට මවකගේ සෙනහෙස අහිමි කර ඇත. යෞවන වියේදි තමාට ඇති වන ගැටලූ කතා කිරීමට ඇයට කෙනෙකු නැත. යෞවන පේ‍්‍රමය ඇගේ පියාගේ පියා විසින් දැක ඇත්තේ විශාල අපරාධයක් ලෙසය. මෙම නඩුවේ විත්තිකරු ඔහුට එරෙහිව ඇති සියලූ චෝදනා වලට වරද පිළිගෙන ඇත.
ඒ අනුව ඔහුට නීතිය හමුවේ දඩුවම් ලබාදිය යුතුව ඇත. එම දඩුවම් නියම කිරිමේදි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලද 17/13 දරණ නඩුවේ හරය කෙරෙහි සැළකිල්ල දක්වමි.
එයින් අදහස් කර ඇත්තේ ව්‍යාවස්ථාදායකය විසින් දඩුවම් නියම කිරිමේදි අවම සහ උපරිම දඩුවම් නියම කර ඇති විටෙක වුවද එම නඩුවේ කරුණු සළකා බලා ද ලිහිල් දඩුවම් නියම කිරීමේ අයිතිය නඩුව විභාග කරන විනිසුරුවරයා සතු බවයි. විත්තිකරු මේ වන විට බේකරි රැකියාවෙන් ඉවත්ව යුද හමුදාවට බැදි පුහුණුව ලබමින් සිටින බවද කියයි. එම තත්ත්වය මත ඉදිරි අනාගතය රටට වැඩදායි පුද්ලයකු වශයෙන් ජීවත්විමට ඔහුට අවස්ථාව ලබාදිය යුතුය.
ඒ අනුව වයස අවුරුදු 21 වැනි වියෙහි පසු වන ඔහුට මා විසින් සක්‍රිය සිර දඩුවමක් නියම කළහොත් ඔහු රටට බරක් වන පුද්ලයෙක් වනු නොඅනුමානය. ඒ අනුව විත්තිකරුට සියලූ චෝදනා වලට අත් හිටවූ සිර දඩුවම් සහ රජයේ ගාස්තු නියම කරමි. ඔහුට දෙවසර සිරදඩුවමක් නියම කළ විනිසුරුවරිය 10 වසරකට දඬුවම අත්හිටුවාය. රුපියල් 2500 ක් රජයේ ගාස්තු ගෙවන ලෙස නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම විශිෂ්ඨ නඩු තීන්දුවක්. නීතිය හුදෙක් රට වැසියාගේම යහපත උදෙසාම බව පසක් කරගත් සහ එය පසක් කරදුන් විනිශ්යකාර තුමියට ප්‍රණාමය. (ම)
දැනුම පොතට පමණක් සීමා නොවු ප්‍රයෝගික විනිදුරුවරියක්.එතුමියගේ දේශනය වැඩිහිටි කාටත් හොඳ ආදර්ශයක් ඇයට ආචාර කරමු (ම)
පලමු වරට ලංකා නීති ක්ෂේත්රයෙන් ප්රායා් ගික තීන්දුවක්. (ම)
විනිසුරුතුමියට ආචාර කිරීමට මමත් අසාන් සමඟ එකතුවෙමි. (නි)
විනිසුරුතුමියට මගේ ප්‍රණාමය! (නි)
ජනතාව මේවා සම්බන්ධයෙන් දැනුවත් මදි (නි)
ඉතා හොඳ පැහැදිලි කිරීමක් (නි)
ඔබතුමිය වැනි විශිෂ්ඨ විනිසුරුවන් මේ රටේ හිටියානම් අද අපි මේ මුනදෙන ගොඩක් සමාජීය අර්බුධ ඇති නොවෙන්න තිබුනා. (ර)
විනිසුරුවරියගේ තීරණය අගය කරමි.(ම)
විශිෂ්ඨ තීරණයක් ගරු විනිසුරු තුමියනි ඔබට හිසනමා අචර කරමි. මෙය හැමදෙනාගේම අවධානයට ලක් වේවා කියා ප්‍රර්ථනා කරමි. ඔබට දීර්ගායුෂ පතමි. තව තවත් මෙවැනි තීරණ ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා.! (ර)
විනිසුරු තුමියට සුභ පැතුම්. අනිත් හැමට ආදර්ශයක්. දහස් ගණන් බිහිවේවා මෙවැනි උතුම් විනිසුරුවන්.! (ර)
ඉතාම විශිෂ්ඨ ප්රායා්ගික නඩු තීන්දුවක්. (ර)
මෙම තීන්දුව ඉතාම ඉහලින් අගයකරනවා, බොහොම සාධාරණ අද සමාජයට යමක් ඉගෙනේ ගන්න යාම ඔබතුමිය මේ තීන්දුවෙන් දීල තියනවා ඔබතුමියට අපගේ ආචාරය. (ර)
සමුහ විවහා , එක ගෙයි කෑම ආදී සංකල්ප යට පත් වෙලා ද්වි විවහය කියන දේ සමාජ ගත වෙන්නේ විශේෂයෙන්ම සම්පත් අවම වීම කියන කාරනය තුල, එත් ඒ ද්වි විවහ සංකල්පය වඩා ප්‍රයෝජනවත් වන්නේ මිනිසාගේ පැවත්මට විශේෂයෙන්ම දරුවන්ට. ඒ නිසා තමයි ද්වි විවහ සංකල්පය සමජය පිළිගන්නේ වගේම ප්‍රසිද්ධ වෙන්නේ. දරුවෙකු සිටින දෙපලකගේ විව්හයක් කැඩී යාමෙන් මව සහ පියාට ඉක්මනින්ම යතා තත්වයට පත් විය හැකි වුවත් දරුවෙකුට එය කිසි සේත්ම කල නොහැකි දෙයක්, ඒ මානසික පිඩාව කුමන ආකාරයෙන් හෝ ඔහු හෝ ඇය තුල මුළු ජීවිතයටම බලපානවා. (ර)
විශිෂ්ඨ තීන්දුවක්. දඩුවම් නියම කිරීමට විනිසුරුවෙකුට හැකියාවක් ඇත්තාසේම, එසේ කිරීමට පෙර වරදකරු ඒ සඳහා පෙළබුනේ කෙසේද යන්න සොයාබලා, ඔහුට ලබාදෙන දඩුවමින් ඔහු යහපත් මිනිසකු කිරීමේ වගකීමද ඔහුට හිමිය. මෙම විනිසුරුවරිය එම වගකීම මැනවින් ඉටුකල බව පෙනේ. (ර)
මෙවැනි නීතිය හා සමාජය යන දෙපැත්ත පිළිබදවම පැහැදිලි අවබෝධයකින් හා සැලකිල්ලකින් දුන් නඩු තීන්දුවක් මෙවැනි තීන්දු වලින් සමාජයට සොරසතුරන් වැනි මිනිසුන් බිහිවීම අඩුවේවි ... විනිසුරුතුමියට ආචාර කරමු.! (ර)
රටේ නීතිය හැසිරවිය යුත්තේ රටවැසියන්ගේ සංවර්ධනයට මිස මර්ධනයට නොවන බව මෙතුමියගේ උගත්කම මෙන්ම බුද්ධිමත් භාවයෙන් මනාව ඔප්පුකර තිබෙනවා.අයාලේ යන විවාහකයන්ට,තම ලෙයින් මසින් බිහිකළ ආදරණීය දරු පැටවුන් "අම්මා" "තාත්තා" යන සැබෑ අරුතෙන් ආරක්ෂාව,ආදරය,පෝෂණය සහ අධ්‍යාපනය ලබාදිය යුත්තේ ඇයි ද යන්න මනාව පැහැදිලිකර තිබෙනවා.ඔබ තුමියට මා හිස නමා ආචාර කරනව.(අ)
ඉතමත් හොද නඩු තීන්දුවක් ප්‍රයෝගික තත්වය දන්නා විනුසුරුවරියක්(අ)
අධිකරණය කෙරෙහි පුර වැසියන්ගේ ගෞරවය ඇතිවන්නේ නීතිය පමණක් නොව ජීවිතය ගැන ගැඹුරු අවබෝධයක් ඇති මෙවැනි විනිසුරුවරුන්ගේ යුක්තිය පසිඳ ලීම් තුලිනි. මෑතකදී කෙමෙන් ඇත් වී යන ඒ ගෞරවය ඔබතුමිය නැවතත් ආපසු හරවා ඇත. (හේ)
ඉතාම වැදගත් සහ සංවේදී නඩු තීන්දුවක්. මෙම විනිසුරු තුමියට අපගේ ආචාරය පිරිනමමු. ඒ වගේම මෙවැනි මිනිසුන් රටකට වාසනාවකි. ඒ පොතට සහ සම්ප්‍රදායට සීමා නොවී , අලුතින් යමක් හිතා , අලුත් විදියට එය සම්මත සමාජයට ඉදිරිපත් කිරීමේදී දක්වා ඇති දක්ෂතාවය නිසාය. අපි නීති ක්ෂේත්රයේ දකින, කම්මැලි, පීඩාකාරී , යල් පැනගිය විනිශ්චයන් දෙස බලන ආකල්පමය දෘෂ්ටිය ඔබ වෙනස් කොට ඇත (හේ)
උගත්, මනා බුද්ධියකින් පරිණත, ප්‍රායෝගිකව තීරණ ගන්නා ඉතා ශ්‍රේෂ්ට විනිසුරුවරියක්. ඔබ වැනි දූ පුතුන් අප මව්බිමට දස දහස් ගණනින් බිහිවේවා ! ඔබ තුමියට මාගේ උත්තමාචාරය පුදන්නෙමු. (ම)
විනිසුරුවරියගේ දැක්ම පිළිබඳ සතුටුවෙමි. නීතිය මවකගේ මානුෂිකත්වය ලැබුවාක් වැනි හැඟීමක් පහළවිය. (නි)
නීතිය කෙසේවෙතත් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණ නියමයටත් වඩා ශ්‍රේෂ්ඨය. විනිසුරුවරයාත් මනුෂ්‍යයෙකි. හැඟීම් වලට වහල් නොවූ බුද්ධියට ගරුකරන කෙනෙක් (නි)
කියන්නට වචන නැත. දක්වා ඇති අදහස් වලින් ම එය පෙනේ. හිස නමා ආචාර කරමි. අනෙක් විනිසුරුවන්ද මෙය ආදර්ශයට ගනිත් වා! (ම)
ඇත්තටම සතුටුයි මේ වගේ අවංක, බුද්ධියට මුල්තැන දෙමින් තමන්ගේකම රැකගනිමින් තමන්ගේ රාජකාරිය නිවැරදිව කරන මේ වගේ විනිසුරුවරියන් ගැන. මගේ හදවතින්ම ඔබට ප්‍රණාමය! මේ සිද්ධියෙන් පේනවා තවමත් සාධාරන අවංක නිලදරුවන් මේ සුන්දර දේශයේ ජීවත්වෙන බව. ඔබතුමියට තෙරුවන් සරණින් තව තවත් තම රාජකාරියෙන් අහිංසක හදවත් සුවපත් කරන්න ශක්තිය ලැබේවා! (නි)
මෑත කාලයේ මා ඇසු ඉතාත්ම තර්කාන්විත, ඥානාන්විත සහ මානුෂීය නඩු තීන්දුවක් හැටියට මේක සළකන්න පුළුවන්. මෙවැනි කලක ඉහත විනිසුරුතුමිය මුළු නීති ක්ෂේත්රයටම ආඩම්බරයක්. (නි)
කදිමයි. විශිෂ්ටයි. (නි)
යථාර්ථය තේරුම්ගෙන මෙවැනි තීන්දු දෙනවා නම් කොපමණ හොඳ අධිකරණයක්ද අපේ රටේ තිබෙන්නේ. (නි)
මෙවැනි බුද්ධිමත් විනිසුරුවන් මෙන්ම වෘතීය වේදීන් වඩවඩාත් අපිට අවශ්‍යයි. මෙම ලිපිය පෙළපොත් වලට ඇතුල් කල යුතුයි. (ර)
ඉතාමත් හොද නඩු තීන්දුවක්, ගැඹුරින් කරුණු සලකා බලා ඇති බව පේනවා (ම)
අතිවිශ්ෂඨ නඩු තීන්දුවක්. සියලු දරුවන්ට දෙමාපියන්ට මේ විනිසුරුවරියගේ ප්‍රකාශය කියවන්නට සැලැස්විය යුතුය (ම)
විනිසුරුතුමියගේ මානුසික භාවයට හිස නමා ආචාර කරමි.(ම)
විවෘත ආර්ථිකයත් එම විවෘත ආර්ථිකයේ ආදීනව අප සමාජයට බලපාන ආකාරය සහ එහි බලපෑම අප සමාජ හරයයන් කෙරෙහි බලපාන ආකාරය ගරු විනිසුරුතුමිය ඉතාමත් පැහැදිලිව විග්රහ කර ඇත. (ම)