(නිමල කොඩිතුවක්කු)
යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරක රථ වාහන සංඛ්‍යාව දිනකට 450 දක්වා සීමා කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව එක් සංචාරක කාල සීමාවකට පලටුපාන පිවිසුමෙන් වාහන 100ක්ද කටගමුව පිවිසුමෙන් වාහන 50ක්ද වන ලෙස උදෑසන 6.00 සිට පෙරවරු 10.00 දක්වාත්, පෙරවරු 10.00 සිට පස්වරු 2.00දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වාත් කාල සීමාවන් 03ක් සදහා මෙම රථවාහන වනෝද්‍යානය තුළට ඇතුළත් කරනු ලැබේ..
බලපත්‍ර නිකුත් කරනු ලබන වේලාවල්ද සීමාකර ඇති අතර උදෑසන 5.30 සිට පෙරවරු 7.00 දක්වාත් පෙරවරු 9.30 සිට පෙරවරු 11.00 දක්වාත් පස්වරු 1.30 සිට පස්වරු 3.00 දක්වාත් පමණක් බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
සංචාරකයන්ගේ පැමිණීමෙන් සතුන් හා පරිසර පද්ධතියට ඇතිවන බලපෑම් කළමනාකරණය කිරීම සදහා විද්වත් කමිටුවක් මගින් කළ නිර්දේශ මත යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් පළමු වැනිදා සිට නොවැම්බර් පළමු වැනිදා දක්වා මාස දෙකක කාලයක් සඳහා වසා දැමීමට පියවර ගත්තද අමාත්‍යවරයාගේ නිර්දේශ මත වනෝද්‍යානය මහජනතාව සදහා විවෘත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දෙයක්. ඕකත් එක්කම විල්පත්තුව විනාශ කරන එකත් නතර කරන්න පුලුවන්නම් වටිනවා. කපපු ඔක්කම ගස් වලට වන්දි ගෙවලම.
වන උද්‍යාන සඳහා ශබ්දය අඩු විදුලි වාහන සඳහා පමණක් භාවිතා කරන්න. ඉන්දියානු ජීප් රථ සෆාරි සඳහා සුදුසු නොවේ.
මෙම වාහන ප්‍රමාණය අඩු කිරීම නම් ඉතාමත් වැදගත් පියවරක්
වනජීවී දෙපාර්තුමේන්තුවෙන් පරිසර හානිය අවම වාහන යොදවා මනා ලෙස සොබාදහමට හානිකර නොවන ඒවා හසුරුවන ලෙස පුහුණු කරපු රියදුරන් යොදවා සංචාරකයන් එම වාහන වලින් පමණක් ඇතුලට රැගෙන යන්න. දැන් සිදුවන වාහන පොරය නිසා යාලත් තව ටික දිනකින් අපට නැති වෙයි.
සංචාරක අයාතන යාල හැර අනෙකුත් උද්‍යාන නැරඹීමට යාමට උනන්දු කල යුතුයි..ව්සේශයෙන්ම ගල්ඔය ලාහුගල වස්ගමුව උඩවලව විල්පත්තු වනි වන උද්‍යාන .මෙම ප්‍රදේශ වල නව හෝටල් පටන් ගත යුතුයි. මෙවැනිම ගැටළුවක් කවුඩුල්ල ප්‍රදේශයේත් පැන නැගී අතර එම උදායනය තුල ටට ජීප්රථ ඇතුළු ඉදියානු ජීප්රථ තහනම් කර දිනකට ජීප්රථ 200 ට සීමා කල යුතුයි. මේවා නැරඔීමට විදුලියෙන් දුවන වාහන පාවිච්චිය යෝග්‍යයයි. සත්ව සම්පත රැකගැනීමට වන ජීවී නිලදාරීන් සහ දේශපාලන අදිකාරිය ගන්න උත්සාහයට අපේ සහා යෝගය. විදුලි වාහන සඳහා අයවැයෙන් බදු අඩු කරන්ඩ.