IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


යාල සතුන්ට වතුරයි පලතුරුයි කතරගමින්

අධික නියඟය නිසා පීඩා විදින යාල ජාතික වනෝද්‍යානයයේ  සතුන්ට බීමට ජලය හා කෑමට පළතුරු වර්ග රැගෙන ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ජනතාව මේ දිනවල  සිතුල්පව්ව  පුද බිම් පැත්තට පැමිණෙති.

මාස නවයක් පමණ  වර්ෂාව නොලැබුණු බව සිතුල්පව්ව ආශ්‍රිත වැසියෝ කියති.

කටගමුව ,කොච්චිපතාන,වරහන,කටගමුව බොරළුවල,කොටි වැව ආශ්‍රිතව සිදී ගිය වැව් අශ්‍රිත දිය කඩිති වලට වතුර බවුසර මගින් ජලය පිරැවේ.

ඓතිහාසික  සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියන්ගේ   ඉල්ලීම මත වන සතුන්ට අවශ්‍ය ජලය හා ආහාර සැපයීම පිළිබඳ ඉකුත් දිනවල ලංකාදීපයේ පළ වු පුවත් වලින් පසු විවිධ සංවිධාන හා විවිධ ප්‍රදේශයන්හි ජනතාව සතුන්ට ආහාර පාන ලබා දීම සඳහා ඉදිරිපත් වී සිටි සිටිති.

DSC02994 DSC02995 DSC03024 DSC03031 DSC03033  DSC03037 DSC03038 DSC03039 DSC03042 DSC03053 DSC03054

 

 

 

 



අදහස් (0)

යාල සතුන්ට වතුරයි පලතුරුයි කතරගමින්

උපාලි Wednesday, 03 September 2014 12:48 AM

ජලය යනු ජීවයයි. ලොක්කන් අලි මරන රටේ අලි ජීවත්කරවන්න උත්සාහ කරන මේ පොඩ්ඩන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

කසුන් Thursday, 04 September 2014 02:11 AM

සමාජ ශාලා වල රුපියල් ලක්ෂ ගණනින් සුදු කෙළින අපේ රටේ දේශපාලකයින් මේවා දකීද? ඇතැම් අය මස් වැද්දන් වගෙයි සතුන් මරාගෙන කන්නේ. එහෙම අයට මේවා පෙනෙයිද?මේ පින්කමට සම්බන්ධ වූ අයට ගොඩක් පින්..... (නි)

:       0       0

රජින්ද Tuesday, 02 September 2014 09:20 AM

මහානුභාවසම්පන්න කුසල කර්මයක්.!මෙවන් සිත් පහළවූ සැමටත් ඒවා ක්‍රියාත්මක කළ සැමටත් පිං සිද්ධ වේවා...!!!(දිල්)

:       0       0

ප්‍රියාල් Tuesday, 02 September 2014 09:37 AM

සත්තු මරණ නොමිනිසුන් ඉන්න රටක දෙවියන් වගේ මිනිස්සුත් ඉන්නවා (නි)

:       0       0

සැමුවෙල් Wednesday, 03 September 2014 01:49 AM

විෂ්ණු, කතරගම, කඩවර, ගම්භාර, අස්න උණුවෙලා බල සක් ඇස් ඇහැර, ගස්ම කප කපා ඉන්නා උන් නොහැර, වස්ම වදින්නට කවි කියපන් මිතුර. (නි)

:       0       0

දසනායක Tuesday, 02 September 2014 09:48 AM

විශාල පිනක්, අපිත් පුළුවන් හැටියට උදවු කරනවා (නි)

:       0       0

ඇසළ Tuesday, 02 September 2014 09:51 AM

තව තවත් වනාන්තර වල තිබෙන ගස් කැපුවොත් ලබන අවුරුද්දේ වෙන්නේ මේ වතුර ටිකත් නැතිවෙන එකයි. ගස් කපන අයට විරුද්ධව ආයුධ සාමාන්‍ය ජනතාවගේ අතට ගන්න කාලය ඇවිල්ලා. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 02 September 2014 09:49 AM

උන්ගෙන් සමහර වෙලාවට අපට කරදර ඇති වුණත්, වතුර සහ කෑම හොයාගන්න අමාරුයි මේ වගේ නියඟයක් තියෙන වෙලාවක. වන සතුන්ට මිනිසාගේ පිහිට නැතුව වෙන කාගේ පිහිටක්ද? බොහොම පින් අතේ වැඩක්. (නි)

:       0       0

සාරංග Tuesday, 02 September 2014 09:54 AM

ඔබ වහන්සේ ඇතුළු මෙම සද්කාර්යයට දායකවන සෑම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත පතමි (නි)

:       0       0

හේමන්ත Wednesday, 03 September 2014 03:04 AM

මේ වනය අයිති සතා සිවුපාවන්ට සහ පරිසරයට ආදරය කරන මිනිසුන්ට.එම නිසා තමයි මිනිසුන් තමන්ගේ යුතුකම ඉටු කරන්නේ. සුළුතරයකට නැතත් වන සිවුපාවුන්ගේ පවා දුක හඳුනන මිනිසුන් සිටින රටක තමයි අපි සිටින්නේ (නි)

:       0       0

සෑම් Tuesday, 02 September 2014 10:06 AM

මේ දසුන දකිනකොට තවමත් අපේ රටේ මනුස්සකම තිබෙනවා කියලා හිතෙනවා.අතිගරු ජනාධිපතිතුමාත් මේ ගැන අවධානය යොමු කරලා තිබෙනවා.මේ වගේ වැඩක් කරන්නේ ලංකාවේ මිනිස්සු විතරයි කියලා හිතෙනවා. සුනාමිය වෙලාවේ උතුරටත් දකුණෙන් සහනාධාර යැව්වනේ.මොනතරම් වාසනාවන්ත රටකද අපි ඉපදුනේ කියලා හිතෙනවා .හැකි ඉක්මනින්ම වර්ෂාව ලැබේවා කියලා දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ප්‍රාර්ථනා කරනවා.ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 02 September 2014 10:18 AM

යාන්තම් ඇති. සතුන්ට ජලය ටිකක් ලැබෙනවා (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Tuesday, 02 September 2014 10:20 AM

පින් සිදුවෙනවා මහත්වරුනේ... (නි)

:       0       0

වීරසිංහ Tuesday, 02 September 2014 10:30 AM

හාමුදුරුවෝ වගේම මිනිස්සුත් කරන්නේ හිතට හරිම සතුටක් ගෙනෙන දෙයක්. හැමෝම මෙහෙම දුප්පත් අයටයි අසරණ සතුන්ටයි උදවු කළොත් කොච්චර ප්‍රශ්න විස‍ඳේවිද? (නි)

:       0       0

මහේෂ් - ජකර්තා Wednesday, 03 September 2014 03:39 AM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත... (නි)

:       0       0

මහින්ද Tuesday, 02 September 2014 10:35 AM

මේ වනෝද්‍යානය අයිති වන ජීවී දෙපාර්තමේන්තුවටද? දන්නා කෙනෙක් මට උත්තරයක් දෙන්න (නි)

:       0       0

රසික Tuesday, 02 September 2014 10:47 AM

මේ නම් මහඟු පිනක්! (නි)

:       0       0

රුවන්තක Tuesday, 02 September 2014 10:49 AM

හැමෝටම ගොඩක් පින්. (නි)

:       0       0

සම්පත් Tuesday, 02 September 2014 11:00 AM

මිනිසුන්ට විතරක් නොව සතුන්ටද කරුණාව පතුරවන හේමරතන නාහිමියන් සියලුම දෙනාට ආදර්ශයක් (නි)

:       0       0

ලලිත් Tuesday, 02 September 2014 11:07 AM

පින් සිදුවේවා! (නි)

:       0       0

ජයනන්දන Tuesday, 02 September 2014 11:10 AM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

කසුන් මලින්ත Tuesday, 02 September 2014 11:08 AM

බොහොම පින් අයිතිවෙන වැඩක් අපේ හ‍ාමුදුරුවනේ. සහයෝගය ලබා දෙන සියලුම දෙනාටත් ගොඩක් පින්.....! (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 02 September 2014 11:12 AM

ඉතාමත් වටිනා සහ යහපත් ක්‍රියාවක්. ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 03 September 2014 04:51 AM

මේක ඉතාම කාලෝචිත පින්බර වැඩක්. හැබැයි කැලේ තියෙන වලකට වතුර පුරවනවා වගේ නෙමෙයි සත්තුන්ට කෑම ගිහින් දෙන එක. සතුන් මෙහෙම ලැබෙන කෑම වලට පුරුදු වුණොත් අර උඩ වලවේ පාරේ අලින්ට වෙච්ච දේ මේ සතුන්ටත් වෙයි. එහෙම වුණොත් අද කෑම දීලා රැකගත් සතා හෙට පවුකාරයෙක්ගේ උණ්ඩයකට බිලිවෙන්න පුළුවන්. ඒ ගැනත් සැළකිලිමත් වුණා නම් තමයි හොඳ. (නි)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 02 September 2014 11:21 AM

හොඳ වැඩක්. මේ වැඩේට දායකවුණ ඔබ සැමටත් ලංකාදීප පුවත්පතටත් පින් ලැබේවා! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 02 September 2014 12:00 PM

ඉතා කාලෝචිත වැඩක් (නි)

:       0       0

රූපා Wednesday, 03 September 2014 05:22 AM

දන් පිළිගන්න වැඩි යුතු හාමුදුරුවනේ... දන් පිළිදෙන්න වඩිතියි සත්තුන්ට වනේ.... පින් ලැබගන්න එන අය හට කියනු මැනේ... සම්පත අපේ ගහකොළ ටික රකිනු මැනේ.... (නි)

:       0       0

රණේපුර Wednesday, 03 September 2014 05:32 AM

මොළේ නැති ටික, ‍ කැලේ ගස් ටික, කපා ටික ටික, සිඳියි විල් ටික.... සතුන් අසරණ, වෙලා ඇවිදින, මරා මස්කන, උන්ට වෙයි හෙණ. (නි)

:       0       0

රොෂාන් Wednesday, 03 September 2014 05:34 AM

ඉතාම යහපත් ක්‍රියාවක්! බන්දුල පෙරේරා, තමන්ගේ ඔලුව පරීක්ෂා කරගත්තොත් හොඳයි (නි)

:       0       0

ගයාන් Tuesday, 02 September 2014 12:17 PM

ඇස් දෙක පින් කරලා තියෙනවා දැන් කාලේ ලංකාවේ මේවා දකින්න. හැමෝටම ගොඩක් පින්.. (නි)

:       0       0

සංජීව Wednesday, 03 September 2014 05:35 AM

සතුන්ට අවශ්‍ය ජලය , ආහාර සැපයීම මිනිසාගේ වගකීමක්. මොකද මිනිසා ඇතුළු සියලු සතුන්ට අයිති මේ මහ පොළොව මිනිසා විසින් තනි අයිතියට භුක්ති විඳිනවා. එසේනම් සතුන්ට අවශ්‍ය එම දේවල් ලබාදීම මිනිසුන් වන අපගේ යුතුකමක් නොව වගකීමක්. අප කාටවත් කැලෑවේ සතුන් අපේ නෙමෙයි කියා එම වගකීම පැහැරහරින්න බැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 02 September 2014 01:00 PM

සතුන් සාපිපාසාවෙන් දිය බිඳක් සොයා යන අතරතුර උන්ට ගිනි බිඳ මස් ටිකකට කෙළ හලන, දල දෙකට මිලක් ගහන , හම් කැබැල්ලට රුපියල් සත බලාපොරොත්තු වෙන සමාජයක මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ඇතුළු මේ සද්කාර්යට අත හිත දුන් සැම ලෙඩදුක් වලින් අත්මිදේවා! සියලු සැප සම්පත් ළඟා වේවා! (නි)

:       0       0

රත්නායක කොරියාව Tuesday, 02 September 2014 01:17 PM

ඇත්තටම ගොඩක් පින්. වන සංරක්ෂණ, වන ජීවී දෙපාර්තමේන්තුව මේ වනාන්තර විනාශයට වහාම ක්‍රියාත්මක වියයුතුයි. ඒ වගේම මේ වන සතුන් වෙනුවෙන් හොද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

භානු Tuesday, 02 September 2014 01:36 PM

වටිනා වැඩක්. උදව් කළ සැමට සසර පුරා ආහාරපාන ආදියෙන් අඩුවක් නොවී යහපතක්ම වේවා. (නි)

:       0       0

කනිෂ්ක විජයානන්ද Tuesday, 02 September 2014 01:57 PM

මේවා දිව්‍යය ලෝකයේ දෙවියොත් වඳින පින්කම්. ඔබ වහන්සේගේ මේ සත් ක්‍රියාවට අපි ඔබට හිසනමා දහස්වරක් වඳිනවා හාමුදුරුවනේ. ඔබ වැනි බුද්ධ පුත්‍රයන් සසුනට ආඩම්බරයක් (නි)

:       0       0

ආනන්ද Wednesday, 03 September 2014 08:06 AM

බන්දුල පෙරේරා නම් ඉබ්බෙක්ම තමයි. (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 03 September 2014 06:36 PM

මහඟු පින්කමකි. අපේ මැති ඇමති ගොල්ලෝ ලක්ෂ ගණන් හම්බ කරනවා. බැරිද කීයකින් හරි ආධාරයක් කරන්න? එහෙම කළොත් ලබන ආත්මෙදිත් ඇමති කෙනෙක් වෙන්න පුළුවන් (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 02 September 2014 05:06 PM

මේ දවස්වල වැව්වල වතුර අඩු නිසා ඉබ්බන් හැමතැනම දැකගන්න පුලුවන් (නි)

:       0       0

පද්මිණි Tuesday, 02 September 2014 05:22 PM

අනේ අපිටත් මෙවන් සද්කාර්යයකට සහභාගි වෙන්න ඇත්නම්... සංසාරය පුරා විපාක දෙන පිනක්. ඔබට නිරෝගී සුව ලැබේවා! (නි)

:       0       0

වගේගොඩ සීලානන්ද හිමි.ඉතාලි Tuesday, 02 September 2014 05:40 PM

අපේ නායක හාමුදුරුවන් කරන සද්ක්‍රියාවට සහය දක්වන සැමටද නිරෝගි සැප ලැබේවා! (නි)

:       0       0

නිහතමාන Wednesday, 03 September 2014 08:44 AM

සෑම් මේක රජයෙන් කරන දෙයක් නොවෙයි. හිමි නමගේ ඉල්ලීම පිට ලංකාදීපයෙන් පලවුන පුවතට ලැබෙන ප්‍රතිචාර (නදී)

:       0       0

අජිත් Tuesday, 02 September 2014 09:03 PM

හොඳ වැඩක්. ඔබ සැමට බුදු සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 65 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 110 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 105 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 421 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1114 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 545 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1295 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site