යල් කන්නයේ වී මිලදි ගැනීම සඳහා අගෝස්තු 20 සිට ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය කළමනාකරු ඩබ්ලිබ්.ඕ තිලකරත්න මහතා පැවසුවේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු ගබඩා මේ වන විට පිරී පවතින හෙයින් ගාල්ල බූස්ස රජයේ ආහාර ගබඩාවට වී තොග මාරුකර යවා යල් කන්නයේ වී මිලදී ගැනිමට සූදානම් වන බව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී තිලකරත්න මහතා කීවේය.
පසුගිය මහ කන්නයේ වී විකුණා ගැනීමට නොහැකිව තවමත් ගොවීන්ගේ ලඟ වී තොග පවතින හෙයින් ඒවා මිලදී ගැනීම සම්බන්ධව ගොවි නියෝජිතයින් විමසීමේ දී ප්‍රාදේශිය කළමනාකරු කියා සිටියේ එක් කන්නයක වී එකම ගබඩාවක් තුළ ගබඩා කරන හෙයින් කන්න දෙකක වී මිළදී ගැනීම ගැටළුවක් බවයි.
පසුගිය මහ කන්නයේ වී මිළ දී ගැනීමේ දී ගොවින්ගේ වී මිළ දී ගැනීම අවසන් වන තෙක් සිදු නොවීම වී තොග ලඟ තබා ගැනීමට හේතුව විය. මේ නිසා පෞද්ගලික වෙළඳුන් අඩු මුදලකට වී මිළ දී ගැනීම නිසා ගොවීන්ට අසාධාරණයක් සිදු වූ බවද ගොවි සංවිධාන නියෝජිත්යෝ කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කිලෝඑක රුපියල් 50 කට ගන්න වුණ පොරොන්දුවේ ඉතිරි කොටසද? (නි)