යල් කන්නයේ වී මිලදි ගැනීම සඳහා අගෝස්තු 20 සිට ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය කළමනාකරු ඩබ්ලිබ්.ඕ තිලකරත්න මහතා පැවසුවේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු ගබඩා මේ වන විට පිරී පවතින හෙයින් ගාල්ල බූස්ස රජයේ ආහාර ගබඩාවට වී තොග මාරුකර යවා යල් කන්නයේ වී මිලදී ගැනිමට සූදානම් වන බව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී තිලකරත්න මහතා කීවේය.
පසුගිය මහ කන්නයේ වී විකුණා ගැනීමට නොහැකිව තවමත් ගොවීන්ගේ ලඟ වී තොග පවතින හෙයින් ඒවා මිලදී ගැනීම සම්බන්ධව ගොවි නියෝජිතයින් විමසීමේ දී ප්‍රාදේශිය කළමනාකරු කියා සිටියේ එක් කන්නයක වී එකම ගබඩාවක් තුළ ගබඩා කරන හෙයින් කන්න දෙකක වී මිළදී ගැනීම ගැටළුවක් බවයි.
පසුගිය මහ කන්නයේ වී මිළ දී ගැනීමේ දී ගොවින්ගේ වී මිළ දී ගැනීම අවසන් වන තෙක් සිදු නොවීම වී තොග ලඟ තබා ගැනීමට හේතුව විය. මේ නිසා පෞද්ගලික වෙළඳුන් අඩු මුදලකට වී මිළ දී ගැනීම නිසා ගොවීන්ට අසාධාරණයක් සිදු වූ බවද ගොවි සංවිධාන නියෝජිත්යෝ කියා සිටිති.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යලේ වී ගන්න හ’තොට සැරැසේ
දුමින්ද Wednesday, 05 August 2015 01:03 PM
ඔය කිලෝඑක රුපියල් 50 කට ගන්න වුණ පොරොන්දුවේ ඉතිරි කොටසද? (නි)