(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු ඊයේ පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව කිරින්ද පොලීසිය පවසයි.
මෙම මැලේසියානු ජාතික සංචාරකයා කැබ් රථයකින් රියදුරා ද සමග යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පිටත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි.
මැණික් ගඟ ආසන්නයේදී රථයෙන් බැස මුහුදු ප්‍රදේශයට මොහු පා ගමනින් ගොස් ඇතත්යළිත් නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කිරින්ද පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සහ යාල පලටුපාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අතුරුදන්ව සිටින මෙම සංචාරකයා සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම කිඹුලෙක්. යාල ඇතුළේ කෑම්පින් කරනකොට හොඳ දැනීමකින් ඉන්න ඕනෑ. දිවියයි, කිඹුලයි නිශ්ශබ්ද මරුවෝ. මමත් කීප විටක් මේ සතුන්ට ඇහැගැහිලා තියෙනවා මහ රෑ...
කැබ් රථයකින් රියදුරා ද සමග යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පිටත්ව ගොස් මැණික් ගඟ ආසන්නයේදී රථයෙන් බැස මුහුදු ප්‍රදේශයට මොහු පා ගමනින් ගොස් ඇතත්යළිත් නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මාර්ගෝපදේශකයන්ගේ අණට අකීකරු වුණොත් ??