IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යාල දිවියා මැරුණු හැටි කිව්වොත් සල්ලි මල්ලක්

යාල ජාතික වනෝදයානයේ කලාප අංක එක කොටසේ දී පසුගිය අගෝස්තු 28 දින මිය ගොස් සිටි දිවියා සම්බන්ධව යම් තොරතුරක් දන්නේ නම් එම තොරතුරු ලබා දෙන අයෙකුට රුපියල් 25000 ක් පිරිනැමීමට කටයුතු කර ඇති බව සමස්ත ලංකා වනජීවි නියාමක නිළධාරීන්ගේ සංගමයේ සභාපති එම් .අයි ඩබ් පීරිස් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

යාල ජාතික වනෝද්‍යානය වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පවතින මෙරට ප්‍රධාන  ජාතික උද්‍යානයක් වන නිසා මෙහි වෙසෙන වන සතුන් ආරක්ෂා කර ගැනීම වගකීමක් වන හෙයින් ජීප් රථ ගමන් කරන මාර්ගයේ දී දිවියා මිය ගොස් සිටියේ දිවා කාලයේ ගමන් ගත් ජීප් රථයකට අසු විමෙන්ද, එසේ නැතිනම් පෙර දින රාත්‍රී ගමන් කළ වාහනයකටදැයි සොයා බලා වරද කල අයට නීතියෙන් උපරිම දඩුවම් ලබා දීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

දිවියාගේ මරණය සම්බන්ධව වහා පරීක්ෂණයක් සිදු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇති අතර ඒ සඳහා පරීක්ෂණ කණ්ඩායමක්ද පසුගියදා යාල වනෝද්‍යානයට පැමිණ තිබේ.

මේ සම්බන්ධව තොරතුරු දන්නා අය පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසට සංගමයේ සභාපති වරයා ඉල්ලා සිටී. සභාපති 0716868303 ලේකම් 0718114492 භාණ්ඩාගාරික 0714227223 වේ.



අදහස් (0)

යාල දිවියා මැරුණු හැටි කිව්වොත් සල්ලි මල්ලක්

වසන්ජය Tuesday, 08 September 2015 05:57 AM

රටක වනජීවී සම්පත ජාතික ධනයකි. අගමැතිතුමා ගත් පියවර ප්‍රශංශනීයයි (නි)

:       0       0

මොහාන් Tuesday, 08 September 2015 06:00 AM

ඒ වගේම යාල වැහුවට පස්සේ ලොක්කන්ගේ කෝල් වලට සහ ලිපි වලට කාටවත් ඇතුලට යන්න දෙන්න එපා කලින් අවුරුද්දේ කළා වගේ. නීතිය කාටත් එක සමානව කරන්න. මේ මාසය සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්න.(ම)

:       0       0

පෙරේරා Tuesday, 08 September 2015 06:49 AM

මට නම් හිතෙන්නේ අද ගණන් හිලව් අනුව රු.25000ක් මදිවෙයි වගේ. අඩුගානේ ලක්ෂයක්වත් දෙනවා කිව්වොත් නම් සාක්කිකාරයෝ පොරකකා එයි (නි)

:       0       0

විජයබාහු Tuesday, 08 September 2015 07:47 AM

ඔය එක්කම ප්‍රේමකිර්ති, සාගරිකා, විජය වගේ අයව මැරුවේ කවුද කියල හොයන්නත් පරීක්ෂණයක් කරන්නකෝ අගමැති තුමා (බ)

:       0       0

ලක්සිරි Tuesday, 08 September 2015 09:39 AM

ඔව් මේක ලක්ෂේට එහා ලන්සු තියන්න ඕනේ වැඩක්. දිවියෙක් ලක්ෂ ගානක් වටිනවා ලංකාවට.කොච්චර අදායමක් උන් උපයලා දෙනවද අපේ රටට. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site