යාල ජාතික වනෝදයානයේ කලාප අංක එක කොටසේ දී පසුගිය අගෝස්තු 28 දින මිය ගොස් සිටි දිවියා සම්බන්ධව යම් තොරතුරක් දන්නේ නම් එම තොරතුරු ලබා දෙන අයෙකුට රුපියල් 25000 ක් පිරිනැමීමට කටයුතු කර ඇති බව සමස්ත ලංකා වනජීවි නියාමක නිළධාරීන්ගේ සංගමයේ සභාපති එම් .අයි ඩබ් පීරිස් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
යාල ජාතික වනෝද්‍යානය වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පවතින මෙරට ප්‍රධාන ජාතික උද්‍යානයක් වන නිසා මෙහි වෙසෙන වන සතුන් ආරක්ෂා කර ගැනීම වගකීමක් වන හෙයින් ජීප් රථ ගමන් කරන මාර්ගයේ දී දිවියා මිය ගොස් සිටියේ දිවා කාලයේ ගමන් ගත් ජීප් රථයකට අසු විමෙන්ද, එසේ නැතිනම් පෙර දින රාත්‍රී ගමන් කළ වාහනයකටදැයි සොයා බලා වරද කල අයට නීතියෙන් උපරිම දඩුවම් ලබා දීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.
දිවියාගේ මරණය සම්බන්ධව වහා පරීක්ෂණයක් සිදු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇති අතර ඒ සඳහා පරීක්ෂණ කණ්ඩායමක්ද පසුගියදා යාල වනෝද්‍යානයට පැමිණ තිබේ.
මේ සම්බන්ධව තොරතුරු දන්නා අය පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසට සංගමයේ සභාපති වරයා ඉල්ලා සිටී. සභාපති 0716868303 ලේකම් 0718114492 භාණ්ඩාගාරික 0714227223 වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක වනජීවී සම්පත ජාතික ධනයකි. අගමැතිතුමා ගත් පියවර ප්‍රශංශනීයයි (නි)
ඒ වගේම යාල වැහුවට පස්සේ ලොක්කන්ගේ කෝල් වලට සහ ලිපි වලට කාටවත් ඇතුලට යන්න දෙන්න එපා කලින් අවුරුද්දේ කළා වගේ. නීතිය කාටත් එක සමානව කරන්න. මේ මාසය සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්න.(ම)
මට නම් හිතෙන්නේ අද ගණන් හිලව් අනුව රු.25000ක් මදිවෙයි වගේ. අඩුගානේ ලක්ෂයක්වත් දෙනවා කිව්වොත් නම් සාක්කිකාරයෝ පොරකකා එයි (නි)
ඔය එක්කම ප්‍රේමකිර්ති, සාගරිකා, විජය වගේ අයව මැරුවේ කවුද කියල හොයන්නත් පරීක්ෂණයක් කරන්නකෝ අගමැති තුමා (බ)
ඔව් මේක ලක්ෂේට එහා ලන්සු තියන්න ඕනේ වැඩක්. දිවියෙක් ලක්ෂ ගානක් වටිනවා ලංකාවට.කොච්චර අදායමක් උන් උපයලා දෙනවද අපේ රටට. (ම)