IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


'යාල් දේවි' කියන්නෙ යුද්ධය විකුණන්න හදන එකක් නෙමෙයි

2016-06-29-ent-36

2016-06-29-ent-37මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය තුළ එහා මෙහා මාරුවන වීඩියෝවක් ලෙස "යාල් දේවි" රූපවාහිනි කතාමාලාවේ ප්‍රචාරය පටය හැඳින්විය හැකිය. සිංහල දමිළ මිනිසුන් අතර ඇති සහෝදරත්වය සහ කුරිරු යුද්ධයෙන් පසුව එම මිනිසුන්ගේ ජීවිත කෙසේ හැඩගැහුණේද යන්න කියාපෑමට උත්සාහයක් දරනා කතාමාලාවක් ලෙස "යාල් දේවි" රූපවාහිනි කතාමාලාව හැඳින්විය හැකිය. මෙහි ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වන සුභාෂිනී බාලසුබ්‍රමනියම් එම කතාව පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.

"යාල් දේවි" ගැන කියනවානම් මේ වෙනකම් මෙගා නාට්‍යවලින් තිබුණු විලාසිතාවෙන් එහා ගිය කතාවක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොටස් 40 කින් විතර කියන කතාවක් මෙගා පැත්තට හැරුණා කියලා කියන්න පුළුවන්. ඒ තරම් ලස්සන කතාවක් කියලා කියන්න පුළුවන්. මෙගා ටෙලිනාට්‍යවල අවසානය මොකක්ද කියල රංගනයෙන් දායක වන කවුරුත් දන්නේ නැහැනේ. නමුත් "යාල් දේවි" එකේ අවසානය මොකක්ද කියලා අපි හැමෝම දන්නවා. ඒවගේ නාට්‍යයක් තමයි "යාල් දේවි" කියන්නේ. ඒ වගේම කසුන් සමීර කියන්නේ තරුණ අධ්‍යක්ෂකවරයෙක්. "මීදුමක් වගේ" හොඳ නාට්‍යයක් කරපු කෙනෙක්. අනෙක් පැත්තට හැරිලා "යාල් දේවි" කියන නාට්‍යයෙන් වෙනසක් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. 

ඒ සඳහා දායක කරගෙන තියෙන කණ්ඩායමත් ගොඩක් සහයෝගයක් දක්වනවා. මොරින් ආන්ටි, සාරංග අයියා, විනු, ශෙහානි, නිරංජනී වගේ කට්ටිය එකතු කරගෙන තියෙන එකම පුදුමයි. මොකද ඒ චරිත සඳහා හරියන කට්ටිය තමයි මේ සඳහා දායක කරගෙන තියෙන්නේ. ඒ බව දැනෙන්නෙ ඒ අයත් එක්ක රංගනයෙන් දායක වෙද්දී. "යාල් දේවි" කියන්නෙ යුද්ධ කාලයේදී තිබුණු ප්‍රශ්න පෙන්නන එකක් නෙමෙයි. "යාල් දේවි" කියන නම බලද්දී ගොඩක් අයට හිතෙයි ආයෙත් ඉතිං යුද කතාවක් හා එහිදී තිබුණ යුද්ධය පෙන්නයි කියලා. නමුත් එහෙම නෙමෙයි. එතැනින් එහාට අද වෙනකොට ජීවිතය කොහොමද තියෙන්නේ, සිංහල හා දෙමළ මිනිස්සු අතර තියෙන මිත්‍රත්වය කොහොමද? ඒ අය අතර තියෙන පොඩි පොඩි ප්‍රශ්න මොනවාද කියලා හරි ලස්සනට කියපු කතාවක් තමයි "යාල් දේවි" කියන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුභාෂිනිගේ ෆේස්බුක් ගිණුම

 

2016-06-29-ent-354



අදහස් (0)

'යාල් දේවි' කියන්නෙ යුද්ධය විකුණන්න හදන එකක් නෙමෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 513 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 314 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site