යාල වනෝද්‍යානය තුළ ජංගම දුරකථන සබඳතා සීමා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
සංචාරකයන් හා සේවා සපයන්නන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වනජීවීන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා පිළිබඳ සැලකිල්ට ගෙන මෙම සීමා කිරීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව කියයි.
කොටියන්, අලින්, වලසුන් වැනි සතුන් අසවල් තැන සිටිතියි සෆාරි රියදුරන් ඇතුළු පිරිස් ජංගම දුරකථනවලින් සන්නිවේදනය කිරීමෙන් යාල පාලකයනට පමණක් නොව සතුන්ටත් මහජනයාටත් ගැටළු රැසක් පැන නැගී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. මේ ඉතාම හොඳ තීරණයක්. සංචාරක මග පෙන්වන්නන්ගෙන් විරෝධතා එවි. ඒ වුනාට මේ තීරණය වෙනස් කරන්න එපා. (ර)
ඒක හොදයි.(හේ)
කිසිම තේරුමක් නැති වැඩක් , සතුන් වෙනුවෙන් කරන්න ඕන තරම් වැඩ තියෙත්දීත් , මොනවද මේ සත 10 වැඩ ...?(නදී)
ඉතාම කාලෝචිත පියවරක්. මෙය සියලුම වනෝධ්‍යාන තුලත් අප්‍රමාදව ක්‍රියාත්මක කල යුතුයි. කුලී වාහන රියදුරන්ගේ දඩබ්බර ක්‍රියා මේ තුලින් නවතා දැමීමට හැකිවෙයිද සිතමි. වනොධ්‍යාන තුල කුලී වාහන සහ මඟ පෙන්වන්නන් සැපයීම මුළුමනින්ම වන ජීවී අමාත්‍යාංශය යටතට ගත යුතුයි. (නදී)
කිසිම හොදක් වෙන්නේ නෑ. මේ යක්කු වෝකි-ටෝකි පාවිච්චි කරයි. කැලේ අතරමං වුන කෙනෙක්ටවත් ගූගල් මැප් එකක් බලාගෙන එන්න තියෙන චාන්ස් එක ඔය නැති කරන්න හදන්නේ.(නදී)