යුරෝපයේ කඨින අතර මංගල කඨින පිංකමක් ජර්මනියේ බෝකුම් නගරයේදි පැවැත්වුණි. ජර්මනියේ උතුරු වයඹ ත‍්‍රිමාණයට අයත් ඩෝර්ට්මුන්ඞ් ප‍්‍රධාන නගරයට ආසන්නව පිහිටි විවිධ විශයන්හී සුවිශේෂි විශ්ව විද්‍යාල පද්ධතියක් පිහිටි ශිෂ්‍යයන්ගේ නිදහස් භූමියක් ලෙස ප‍්‍රසිද්ධ රමණීය නගරයකි බෝකුම්.
බෝකුම් බෞද්ධ විහාරාධිපති බෝකුම් විශ්ව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තම්මැන්නාවේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් ජර්මන් බෞද්ධ පින්වතුන්ගේ සහාභාගිත්වයෙන් අලංකාර කඨින පිංකම ප‍්‍රථම වරට පැවැත්විණි.
ජර්මනියේ බර්ලින් විහාරයේ දික්වැල්ලේ සීලසුමණ හා කෝන්ගස්පිටියේ ශාසනාරක්ඛිත , රත්මලේ පුඤඤරතන , ජිනානන්ද හා කන්නිමහර පියසිරි යන හිමිවරු පිංකමට වැඩම කළහ. එදින දවස පුරා ආගමික වැඩ සටහන් පැවැත්විණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දෙයක් සිදුකළ එක ලොකු දෙයක් (නි)
ගොඩක් සතුටක් දැනුන අපේ හාමුදුරුවන්ට නිරෝගි සුව සාධු !!! (බ)