ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සඳහා සහාය දීමට යුරෝපා සංගමය අද (15) යූරෝ මිලියන අටක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 130ක) ව්‍යාපෘති දියත් කලේය. අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානය(ICT) සහ එක්සත්ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDEO) ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව සමග එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාද් බද්‍යුදීන් මහතා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති අතර තරඟකාරීතවය වැඩි දියුණු කරමින් නිදහස් හා ජාත්‍යන්තර වෙළඳාමට සහභාගී වීමටත් ඒ තුළින් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමටත් ව්‍යාපාරිකයන්ට සහාය වීමට මේ ව්‍යාපෘතිය ඉවහල් වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ගොඩක් සල්ලි! දැන් ඉතින් අපිට ගිනිපොලියට චින්නුන්ගෙන් සල්ලි ණයට ගන්න ඕනි නෑ. (අ)
මුදල් අපතේ අරින්නේ නැතුව වැඩ කලොත් හරි. (අ)
යුරෝපා සංගමය අපි ගැන මොනවා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ මේ මුදල රනිල් හෝ මහින්ද පාවිච්චි කරපු වාහනේ තරම්වත් වටිනා මුදලක්ද එයාලා හිතන්නේ අපි හිගන්නු කියලා
අත හිත දෙන එක විතරයි කියල තිබෙන්නේ එහෙම දෙන්න ඒගොල්ලෝ ඉල්ලන්න්නේ මොනවද කියල කියන්න අපේ අය ඉදිරිපත් වෙන්නේ නැත. පොලිස් සහ ඉඩම් බලතල දෙන්න කියනවද කියල කවුරුත් හොයන්නේ නැත. අපේ ජාතියටම වැදිලා තිබෙන හේනේ ඕකයි. (අ)
චමල් මේකත් එක පාවාදීමක් තමයි. හොරිත් මොකද නිකන් ලැබෙනවානම් කස කස ඉන්න නේද චමල්? අනේ හපොයි. (අ)
අපේ සංවර්ධනය දැකලා අපිව බිලීබා ගන්න හදපු උප්පරවැට්ටියක්. ඔය සල්ලි එපා හිඟාකෑවත්. (නි)
හිත කෙසේවෙතත් අත දායි දිගටම රටේ අභ්‍යන්තර කටයුතු වලට. නිකම් දෙනවා නම් හෙම්බිරිස්සාව වුණත් ගන්න බලාගෙන ඉන්න අපේ අය අත හිත විතරක් නොවෙයි ඔලුවත් දාගන්න දොර ජනේල සියල්ලම විවෘත කරලා දේවි. (නි)
කෝටි 138 යනවා ඉල්ලලා තිබෙන කාර් ටික දෙන්නම. සුනාමිය නිසා ඉබේම ලැබුන ජී එස් පී ය නැවත ලබාගන්න යුරෝපා සංගමයට වැඳ වැඳ ඔවුන් පස්සේ යනවා. මොකද අපි ජී එස් පී ලබාදුන්නා කියන්න. (නි)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට අතහිත සහ කට. ලංකාවට කටගැසීමේ අයිතිය පොඩ්ඩ පොඩ්ඩ වැඩිකරනවා වගේ. බලාගෙන, ගන්නවා වගේම දෙන්නත් වෙනවා. එ්කනේ ගනුදෙනු කියලා අපි ඉගෙනගන්නේ. (නි)
දැන් ඉතින් කියයි මෙන්න රට බටහිරට පාවා දෙනවෝ කියල (අ)