ශ්‍රි ලංකාවේ එළැඹෙන ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමී ලෙස පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන බව යුරෝපා සංගමය පවසයි.
එසේම මෙරට සියලුම දේශපාලන පක්ෂ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ගරු කරමින් පුරවැසියන්ට නිදහසේ තමා කැමති නායකයින් තෝරා ගැනීමට අවශ්‍ය වට පිටාව සකසා දිය යුතු බවද යුරෝපා සංගමය වෙනුවෙන් කොළඹ පිහිටි යුරෝපා සංගම් තානාපති කාර්යාලය අද (02) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ලංකාවේ පැවැත්වෙන ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය අවධානයෙන් පසුවන බවත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සාමකාමී වටපිටාවක් අවශ්‍ය බවද එම සංගමය පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, නිදහස් සාධාරණ ජනාධිපතිවරණ තිබුනා නම් මීට කලින් වෙනස් ප්‍රතිඵල ලැබෙන්න තිබුනා (නි)
යුරෝපා සංගමයේ බලාපොරොත්තු ඉෂ්ටවේවිද? (නි)
ලෝකවාසි සියලු දෙනගෙ අදහස එ්ක.(හේ)
යුරෝපා සංගමය විතරක් නෙමෙයි අපේ රටේ මියළුම ජන කොටස් බලාපොරොත්තු වෙන්නෙත් සාමකාමී ඡන්දයක් තමයි. (නදී)
නිදහස් මැතිවරණයක් තුළ ජනපතිතුමාට පරාජය නියතයි.(හේ)
මේ විදිහට භීෂණය කිසිම කාලයක තිබුණේ නැහැ (නි)
යුරෝපයේ අප භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස , මානුෂික අයිතීන් ලංකාවේ අපිට නැහැ. මෛත්‍රී පාලනයක් යටතේවත් එය ලැබෙනු ඇතැයි සිතමි (නි)