යුරෝපයට දෙසැම්බර් මස ශීත සෘතුවේ ආරම්භයයි . සුදෝ සුදුවන් හිම පුළුන් වලින් පරිසරයකට හැඩ ගැන්වෙන දෙසැම්බර් මස ප‍්‍රංශ ලලනාවටද විශේෂිත වේ.
ප‍්‍රංශය යනු කාන්තාව උතුම් කොට සලකන රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටකි. වචනයේ පරි සමාප්තයෙන්ම කාන්තාව මවක් ලෙස සලකන රටකි ප‍්‍රංශය.
එහි සුරූපිම යෞවනිය කළඑලි බසින්නේ ශීත සෘතුවේය කාන්තාවගේ නාරිලතාව හැඩ ගන්වා ඔප කරවන මෝස්තර, ආභරණ, ඇදුම් පැලදුම්, සුවඳ විලවුන් ආදි බොහෝ දැ සදහා සුවිශේෂිවු සුප‍්‍රසිද්ධ රටකි ප‍්‍රංශය.
ඉන් හැඩ ගැන්වෙන සුරීපි ප‍්‍රංශ යෞවනිය තෝරා ගන්නේ දෙසැම්බර් මාසයේය. මෙවර ඔවුන්ගේ කුසලතා පරීක්ෂණ සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේදීය. එහි විවිධ පෞරාණික හා සංචාරක කලාපයන්හි හී අලංකාර පසුබිම් ඉදිරිපස ප‍්‍රංශ සුරූපිණියන්ගේ විවිධ කුසලතා ලොවට එළි දැක්වෙයි.
ඒ සියලූ දෙයින් සමත් සුරූපිම කාන්තාව දෙසැම්බර 07 වැනිදා ප‍්‍රංශයට දායාද කළේය. යුරෝපයේ සුරූපි ශ්‍රී ලාංකික යෞවනියෝ ඊලඟ වසන්තයේදි කලඑළි බැසීමට සූදානමින් සිටීන්නීය .
යුරෝපයේ ප‍්‍රථම වතාවට පැවැත්වෙන මෙම උළෙල ඊලඟ වසන්තයේදි පැරීසියේදි පැවැත්වේ. ප‍්‍රංශය, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ඔස්ටි‍්‍රයාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය ආදි රට වලින් ඉදිරිපත්වන ලක් කුමරියන් අතරින් සුරූපිම යුරෝපා ලක් කුමරිය පැරීසියේදි අභිෂේක ලබන්නීය.
මේවන විට එහි ප‍්‍රථම අයදුම්කාරිය වීමේ වාසනාව දෙමළ සුරූපිනියක් හිමි වී ඇත.
ජාතීන් අතර සංහිදියාව ගොඩ නැගීම සදහා සංවිධානයේ මෙහෙවරට හොදම සාක්ෂියකි. ඉහත ප‍්‍රසංගය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හොද තෝතැන්නකි.
මෙහි බරපැන උතුරු, නැගෙනහිර වකුගඩු රෝගීන් හා අසරණ පිලිකා රෝගීන් රැක ගැනීමේ ව්‍යාපෘතියක් පෝෂණය කිරීමට දායක වේ . උතුරු මැද පලාතේ තෝරා ගත් දුෂ්කර ගම්මාන ආශ‍්‍රිත පන්සල්, කෝවිල්, පාසැල් කේන්ද්‍ර කොට සවි කරන විද්‍යුත් වතුර පෙරන එම ගම් වාසීන්ට ආසනික් සාන්ද්‍රන සංයුතිය අවම පිරිසිදු ජලය ලබා දීමට ද යොදා ගන්නා බව එම සංවිධානය කියයි.
රෝග කාරකය වැලැක්වීමේ ප‍්‍රථම අදියර ලෙස පිරිසිදු ජලය එම ගම් වාසීන්ට ලබා ගැනීම අද ඔවුන් ඉදිරියේ ඇති ප‍්‍රධාන අභියෝගයයි.
ප‍්‍රංශයේ ප‍්‍රංශ ලංකා සුභ සාධන සංවිධානය මෙම පිංකමේ පුරෝගාමියෝ වෙති. සංවිධානයේ සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා හා එහි ප‍්‍රධාන සංවිධායක මැක්සි සිල්වා මහතා ඇමතීම වැඩි විස්තර ලබා ගැනීමට හැක.
33660992515 හා 33662264451 2014 එම දුරකතන අංකයි.
වසන්තය යුරෝපයේ ලක් කුමරිය ලෝකයේ සුන්දරම අග නගරය වන පැරීසියේදී අභිෂේක ලබන වසන්තයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේට ඉස්සෙල්ල කට්ටිය හනි හනිකට ෆොටෝ ටික නම් පත්තරේට දාගෙන. (අ)
මට තේරෙන්නේ නෑ ඇයි අපට මේවට ආරාධනා නොකරන්නේ කියලා.(නදී)
ගොඩක් උතුම් කියාවක් (අ)
යහපත් වැඩක් ,,,, ජයවේවා (දී)
ආඩම්බරයි ,ලක් පුතුනි,දුවනියනි,(අ)
යහපත් වැඩක්. ජය! (අ)
ආඩම්බරයි. අපේ ලක් දු පුතුන් ගේ උතුම් ක්‍රියාවට.(නදී)
ආඩම්බරයි අපේ ලක් දු පුතුන් ගේ උතුම් ක්‍රියාවට.(නදී)
ඔබේ මේ කර්තව්‍ය සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවා ජාතින් අතර සමගිය තහවුරුවෙව. (දී)
මේ අයට බොහොම පින් විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් බොහොමයක්ම ලංකාවේ දුප්පත් අය ගැන හිතනවා (දිල්)
යහපත් ක්‍රියාවලියක්, ඔබ සැමට මෙම ක්‍රියාවලිය සාර්ථක අයුරින් කරගෙන යාමට දිරිය ලැබේවා !(දිල්)