ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය පැනවූ තහනම නිසා මේ වන විට මෙරටට රුපියල් කෝටි 975 ක් අහිමිවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහේෂිනී කොළොන්නේ මහත්මිය අද (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
පසුගිය වසරවලදී මෙරට ධීවර යාත්‍රාවන් ජාත්‍යන්තර මුහුදු සීමාවන් සම්බන්ධයෙන් වන අධීක්ෂණය, පාලනය, නිරීක්ෂණය සහ නෛතික යන අංශවලට අදාළව කටයුතු කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ජනවාරි 14 වැනිදා මෙම තහනම පැනවිණි.
තහනම ඉවත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැන අධ්‍යයනයට හා සාකච්ඡාවට එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් ඔක්තෝබරයේදී ලංකාවට පැමිණීමටද නියමිත බව ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක් විදින්නේ අසරණ ධීවර ජනතාවයි. (ර)
මේ තහනම දැම්මේ අර දත් දොස්තර මහත්තය ගිය ආණ්ඩුවේ ඇමති වෙලා ඉන්නකොට. ලොක්කගේ කට විතරයි, ධීවර ප්‍රශ්නේ එතනම තියෙද්දී මිනිහ පැන්න අලියා ගාවට. (අ)
ඉතින් මැඩම් හොරු ඉන්නේ ඔයගොල්ල ළඟනේ, (බ)
ඉන්දික එහෙම වුණාට එතුමාගේ සහෝදරයෙක් තමා ඊටපස්සේ මාලුටික විකුනන්න ගත්තේ.....එයාට නම් පාඩුවක් නැතුව ඇති....(අ)
ලංකාවේ මලු අස්වැන්න ලංකාවේ පරිභෝජනයටවත් ප්‍රමාණවත් නොවේ , අපි පිටරටින් ටින් මලු ගෙන්වනවා , තත්වය එහෙම තිබෙද්දී අපි මොකටද මලු පිටරට යවන්නේ ? අපේ තිබෙන මලුටිකත් පිටරට පැටවීම නිසා ලංකාවේමලු මිල වැඩිවී දුප්පත් මනුෂ්‍යකුට මලු කෑල්ලක් කන්න බැරි වේවි , යුරෝපෙට අපේ මලු එපා නම් අපි මලු ටින් කරමු එහෙම නැත්නම් කරවල වෙලමු . (අ)
දැන්වත් කට්ටියට තේරෙනවා ඇති අපිට වඩාත්ම අවශ්‍ය අපේ දේවල් ආනයන කරන බටහිර රටවල් මිසක් තමන්ගේ දේවල් අපිට විකුණනවා මිසක් අපේ දේවල් ආනයනය නොකරන චීනය වගේ රටවල් නෙවෙයි !! (ම)
ද සිල්වාගේ මතය අගය කරනවා. රට තුළ ටින් මාළු කිරීමේ කර්මාන්ත ශාලා ඇතිකරන්න පුළුවන් හම්බන්තොට, ත්‍රිකුණාමලේ, කල්මුනේ රටේ සම්පත් හරියට ප්‍රයෝජනයට අරගෙන නැහැ. මම දන්නා තරමට කොළඹ හෝටල් වලට මාළු වෙන රටවලින් ගෙනෙනවා. එළවළු පලතුරු ගේනවා. රටතුළ තිබෙන සම්පත් නිසි කළමනාකරණයක් කරනවා නම් විශාල රැකියා රැසක් ගොඩනඟන්න පුළුවන්. (නි)