කොටි සංවිධානයට පැනවු සම්බාධක අභියෝගයකට ලක් කරමින් යුරෝපා සංගම් අධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට යුරෝපා සංගම් කවුන්සිලය තීරණය කළ බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
යුරෝපා අධිකරණ තීන්දුව මගින් යුරෝපා සංගමය කොටි සංවිධානයට එරෙහිව පැනවු ඇතැම් සම්බාධක අවලංගු වී ඇති බව අභියාචනයේ සඳහන් බව යුරෝපා සංගම් තානාපති කාර්යාල නිවේදනයේ සඳහන් වේ.
යුරෝපා අධිකරණය විසින් කොටි සංවිධානයට එරෙහිව පැනැවුණු සම්බාධක අභියෝගයට ලක් කරමින් හිතකර පරිදි තීන්දුවක් ගබා දී ඇති බවද එහි සදහන්වේ.
කොටි සංවිධානයට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබු සම්බාධක ඉවත් කරමින් යුරෝපා සංගම් අධිකරණය එම තීන්දුව ලබා දුන්නේ ඉකුත් ඔක්තෝබර 16 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජී.එල්. මුකුත් කරන්න බෑ කියද්දී, ඉල්ලීම කළ රනිල් මහතාට තුති. (ස)
දේශපාලන ඕපාදූප වලට ඉතා උනන්දුවෙන් අදහස් දක්වන උදවිය මේ සම්බන්ධව අදහස් දැක්වීමට උනන්දු නැහැ වගේ (නි)
අස්වයා ගියාම දොර වසාගෙන හුල්ලනවා. පටු දේශපාලන වාසි ගන්න රට උගස් කරන මේ ආණ්ඩුවට දිට්ට දම්ම වේදනීය කර්මය පඩිසන් දී ඇත. මේ මගඩි වැඩ වලින් ජනතාව මුලාකිරීමට බැරි අද සිටින ජනතාව සිතන්නේ ඔබලාට වඩා ඉදිරියෙන්. මොකද ජනතාව හොදින් බැට කෑ ඇත හැම දෙයකින්ම.(නදී)
එයාලට ඕනෑ විදිහට වැඩකරන ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් ඔය ප්‍රශ්න මුකුත් නැහැ. (නි)
විදේශ අමාත්‍ය අංශය නින්දෙන් නැගිටලා !(නදී)
මෙන්න ඉතා අවශ්‍ය දෙයක්. රට බේරාගන්න ඕනෑ කවුරුත් මුළු හිතින්ම මේ ක්‍රියාවලියට සහයෝගය දෙන්න. දේශපාලනය කරන්නත්, ගහමරා ගන්නත්, වේදිකාවල බය නැතුව කෑගහන්නත් අපිට ශ්‍රී ලංකාව නමින් රටක් ඕනෑ. (නි)