ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ ක්‍රෙගීබර්න් නගරයේ යූරොක් දහම් නිකේතන විහාරයේ කඨින මහා පිංකම කෝට්ටේ සන්තින්ද්‍රිය නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවත්විණි.
දහම් පාසලේ දරුවන් තම විනය ගරුක බව හා ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය එම කඨින පෙරහැරේ ප‍්‍රදර්ශනය විය.
උතුරු වික්ටෝරියා බෞද්ධ සංගමයේ සහ අන්‍ය ආගමික දායක දායිකාවන්ගේ මුල්‍ය හා ද්‍රව්‍යමය ප‍්‍රදානයන්ගෙන් යූරොක් දහම් නිකේතන විහාරස්ථාන භූමියේ, සිදුහත් උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා පිළිම නෙළා ඇති අතර, මකර තොරණින් ඇතුළුවනවාත් සමග වෙහෙර වහන්සේ නමක්, අවලෝකිතේෂ්වර හිටි පිලිම වහන්සේ, බෝධීන් වහන්සේ සහ අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුවක් ද ශ‍්‍රී ලාංකිකයින්ට මෙන්ම අන්‍ය ආගමිකයන්ටද වන්දනාමාන කිරීමට ඉදිකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අලංකාර අන්දමට ඉදිරිපත් කර ඇති විස්තරයක්. සියලුම දෙනාට පින් සිදුවේවා. (ස)
විදේශ රටකදී මෙතරම් විශාල පිරිසක් සහිතව මෙවන් දෙයක් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඔබ වහන්සේලා හැම දෙනාටම මෙම කටයුතු තව දුරටත් ඉතාම හොදින් කරගෙන යාමට දිර්ඝායුෂ ලැබේවා! (නි)
හරිම ලස්සන උතුම් පින්කමක්. 1000 ට වඩා එනවා.පන්සල හරිම ලස්සනයි. ලොකු හාමුදුරුවන්ගේ බණ දේශනා හරිම අර්ථවත්. සංවිධාන කටයුතු ඉතාම ඉහළයි.පන්සල දිනෙන් දින දියුණුවට පත්වෙනවා (නි)
ලොව පුරා කඨින පිංකම් පැවැත්වීම මුළු ලොවටම ආශිර්වාදයක්. (ස)
මෙල්බන් නුවර බොදු සදහම් හඬ වීදු - සදහම් නිකේතන වෙහෙරට යමු සාදු (ස)
දහම් විල ෴ "අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වාණය පිණිස කටයුතු කර ගනිවු ! http://dahamvila.blogspot.com/ (ස)
මෙවන් මහා සඟරුවනක් විදේශයකදී දකින්න ලැබීමත් ප්‍රීතියක්. විදේශයක සිටින දරුවන් සහ බැතිමතුන් මෙලෙස දැකීම ඊටත් වඩා ප්‍රීතියක්. මෙම මහා පුණ්‍ය ක්‍රියාව හේතු කොටගෙන සියල්ලෝටම ආර්ය මාර්ගයේ යාමට සිත්හී අධිෂ්ටාන ශක්තිය වැඩේවා. (ස)
අපේ හාමුදුරුවනේ මම ශ්‍රීලාල් කලකින් මුණ නොගැසුනත් අතීතයේ අපට කල උපකාර මතකයි. ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!!(නදී)
හරිම ලස්සනයි. (ස)