රුපියල් හතලිස් නම ලක්ෂ පන්දාස් හත්සිය හැට අටක් වටිනා විදේශ මුදල් තොගයක් ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු කොළඹ පදිංචි 55 හැවිරිදි පරිඝණක අංගෝපාංග ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගත් මුදල් අතර යුරෝ තිස් දහසක් තිබූ බව රේගුව කියයි.
ඔහු ඊයේ අළුයම සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුවට යාමට කටුනායකට පැමිණ තිබේ.
එම අවස්තාවේ රේගු නිලධාරීන්ට සැකකරු පිළිබඳ ඇති වු සැකයක් මත ඔහු පසු පස හඹා ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.
මෙම මුදල් මිටිය ගම් ටේප් වලින් ඔතා ගුද මාර්ගයේ සඟවා තිබූ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක හර්ෂ ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩී.එම්.ජී නිමල් තිලක, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ ඒ.කේ.ආර් සමන්ජිත් සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීහු සිදු කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුද මාර්ගයේ තිබු සල්ලි මිටිද මොහු මේ අතින් අල්ලන් ඉන්නේ! (බ)
ඇත්තටම ලංකාවෙන් පිටරටට මුදල් ගෙනියන්න පහසුකම් දෙන්න ඕනේ නවීන ලෝකයේ මුදල් අරගෙන ව්‍යාපාර කටයුතු සදහා යන්න ඉඩදෙන්න ඕනේ. ජනතාව දැනුවත් කරන්න ඕනේ මාධ්‍ය මගින්.ලංකාවට මුදල් ගෙන්න වගේම ගෙනියන්න ඉඩ දෙන්න. රේගු නීති නවිකරණය කළ යුතුය. (බ)
ගුද මාර්ගය සල්ලි ආරක්ෂා සහිතව ප්‍රවාහනය කිරීම කාලයක් තිස්සේ සිදු වන්නක් , ඉඳ හිට හෝ මෙසේ අසුවනවා(කෞ)
තමන්ගේ මහන්සියෙන් උපයන මුදල් ගෙනියන්න තහනම් ඇයි? (නි)
රුවනිව හොඳයි මුදල් ඇමති ධුරයට පත් කර ගන්න. ආර්ථික විද්‍යාව ගැන මාර දැනුමක් නේ තියෙන්නේ! (අ)
පිටුපස හඹා ගිය නිසා තමයි එහෙනම් මේ සල්ලි ඇල්ලුවේ. (අ)