IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යූරෝ මිටිය පස්සෙන් මතුවෙයි

රුපියල් හතලිස් නම ලක්ෂ පන්දාස් හත්සිය හැට අටක් වටිනා  විදේශ මුදල් තොගයක් ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව  බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද  අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු කොළඹ පදිංචි 55 හැවිරිදි පරිඝණක අංගෝපාංග ව්‍යාපාරිකයෙකි.

අත් අඩංගුවට ගත් මුදල් අතර යුරෝ තිස් දහසක් තිබූ බව රේගුව කියයි.

ඔහු ඊයේ අළුයම සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුවට යාමට කටුනායකට පැමිණ තිබේ.

එම අවස්තාවේ රේගු නිලධාරීන්ට සැකකරු පිළිබඳ ඇති වු සැකයක් මත  ඔහු පසු පස හඹා ගොස්  පරික්ෂා කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.

මෙම මුදල් මිටිය ගම් ටේප් වලින් ඔතා ගුද මාර්ගයේ සඟවා තිබූ බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක හර්ෂ ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩී.එම්.ජී නිමල් තිලක, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ ඒ.කේ.ආර් සමන්ජිත් සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීහු සිදු කරති.

2 3

 



අදහස් (0)

යූරෝ මිටිය පස්සෙන් මතුවෙයි

ලංකා Monday, 08 February 2016 10:27 AM

ගුද මාර්ගයේ තිබු සල්ලි මිටිද මොහු මේ අතින් අල්ලන් ඉන්නේ! (බ)

:       0       0

රුවනි Monday, 08 February 2016 11:34 AM

ඇත්තටම ලංකාවෙන් පිටරටට මුදල් ගෙනියන්න පහසුකම් දෙන්න ඕනේ නවීන ලෝකයේ මුදල් අරගෙන ව්‍යාපාර කටයුතු සදහා යන්න ඉඩදෙන්න ඕනේ. ජනතාව දැනුවත් කරන්න ඕනේ මාධ්‍ය මගින්.ලංකාවට මුදල් ගෙන්න වගේම ගෙනියන්න ඉඩ දෙන්න. රේගු නීති නවිකරණය කළ යුතුය. (බ)

:       0       0

රිචි බාලසුරිය Monday, 08 February 2016 12:37 PM

ගුද මාර්ගය සල්ලි ආරක්ෂා සහිතව ප්‍රවාහනය කිරීම කාලයක් තිස්සේ සිදු වන්නක් , ඉඳ හිට හෝ මෙසේ අසුවනවා(කෞ)

:       0       0

වසන්ත Tuesday, 09 February 2016 01:25 AM

තමන්ගේ මහන්සියෙන් උපයන මුදල් ගෙනියන්න තහනම් ඇයි? (නි)

:       0       0

රොකි Monday, 08 February 2016 02:37 PM

රුවනිව හොඳයි මුදල් ඇමති ධුරයට පත් කර ගන්න. ආර්ථික විද්‍යාව ගැන මාර දැනුමක් නේ තියෙන්නේ! (අ)

:       0       0

ලංකාසිරි Monday, 08 February 2016 02:41 PM

පිටුපස හඹා ගිය නිසා තමයි එහෙනම් මේ සල්ලි ඇල්ලුවේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site