යේමනයේ සිවිල් යුද ගැටුම් වලට මැදිව සිටිය දී චීන රජයේ සහයෝගයෙන් බේරා ගත් ශ්‍රී ලාංකිකයන් 43 දෙනාගෙන් 29 දෙනකු අද (08) රාත්‍රියේ දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යංශය කියයි.
යාබද ජිබුටි රාජ්‍යයේ සිට පැමිණෙන මොවුන් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රාත්‍රී 8.15ට පමණ කටුනායකට ළඟා වීමට නියමිතය.
ඔවුන් පිළිගැනීමට විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා ගුවන් තොටට යෑමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd