(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
වයඹට ජලය ගෙන ඒමේ දෙවැනි අදියර යටතේ පොල්පිතිගම පෙරේදා (24) පැවැති උත්සවයට ආසනයේ එකම මන්ත්‍රීවරයා වන තමාට ඇරියුම් නොකළ බවත්, එහි සිහිවටන පුවරුවලින් තමාගේ නම පවා ඉවත් කිරීමට ඇතැමුන් කටයුතු කර ඇති බවත් හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම පැවති උත්සවයට නොපැමිණියේ මන්දැයි විමසූ අවස්ථාවේදී ඒකනායක මහතා ඊට පිළිතුරු දෙමින් මෙසේදකීය.
යාපහුව දියවර ගෙන ඒමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට මමත් විශාල කැප කිරීමක් කළා. වයඹ ඇළ ක්‍රියාත්මක වන විට එහි අධීක්ෂණය සඳහා ව්‍යාපෘති කාර්යාලයක් ඉදිකිරීමට පවා තැනක් සොයා ගැනීමට නොහැකිවී නිලධාරීන් එදා අසරණ වී සිටියදී මා මැදිහත් වී පොල්පිතිගම පොලිසිය අසල සමුපකාරය සතු ඉඩමක් නිරාකරණය කර දුන්නා. එම කාර්යාලය ඉදිකිරීමට මුල්ගල තැබුවේ මමයි. එහි වැඩ නිමවෙනතුරුම අධීක්ෂණය කළේත් මමයි. නමුත් එම ගොඩනැගිල්ලේ සමරු පුවරුවට මගේ නමවත් ඇතුළත් කරලා නැහැ.
ඇමති තනතුරු එපා කියා මා ඉවත් වුවත් යාපහුව ආසනයේ ඉන්න එකම මන්ත්‍රීවරයා තවමත් මා බව ජනාධිපතිවරයා ඇතුළු උත්සවය සංවිධානය කළ සියලු දෙනාම දන්නවා. නමුත් යාපහුව ආසනය මුල් කරගෙන පවත්වන රාජ්‍ය උත්සවයට ආසනයේ සිටින එකම මන්ත්‍රීවරයා වන මට ආරාධනාවක් කර නැතත් ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මගේ නමට ආරාධනා පත්‍රයක් ඊට දින කිහිපයකට පෙර ඉඩම් අමාත්‍යාංශයට යවා තිබෙනවා.
මම සිය කැමැත්තෙන් ඒ තනතුරෙන් ඉවත්වී මාස ගණනක් වෙනවා. එය රටම දැන සිටියත් උත්සවය සංවිධාන කළ සංවිධාන කමිටුව ඒ බව නොදැන එලෙස ඇරියුම් කිරීම ගැන මම පුදුම වෙනවා. එසේ ආරාධනා පත්‍රයක් යවා ඇත්තේ උත්සවයට පැමිණීම වැළැක්වීමට බව පැහැදිලි වෙනවා. ආසනයේ එකම මන්ත්‍රීවරයා වන මා නැතත් ආසනයේ විවිධ පක්ෂවල ආසන සංවිධායකවරුන් හා පිටතින් ආ මැති ඇමතිවරුන් මුල්කරගෙන උත්සවය පැවැත්වුවා.
ඒ උත්සවයේ පිළිගැනීමේ කථාව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාටත් වයඹට වතුර ගෙන ඒම පිළිබඳව ඉතිහාස කතාව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටත් දීම ගැන මගේ කිසිම අප්‍රසාදයක් නැහැ. නමුත් යාපහුවේ ජනතාව වෙනුවෙන් මේ දියවර ගෙනෙන්නට යම් හඬක් නැගූ වැඩක් කළ මට හිමි තැන නොදී ඒ තැන පිටතින් පැමිණි අයට දීම ගැන ජනතාව අතරින්ම අප්‍රසාදය පළවෙනවා.
යාපහුව සශ්‍රීක කරන්නට දියුණු කරන්නට වැඩ කළ අප සිටියදී ඒ වෙනුවෙන් දර දිය ඇදපු අප අතහැර තවත් පිරිසක් සමග පෙළහැර පවත්වාගෙන ගිය බව ඊට සහභාගි වූ ආරාධිතයන්ට පසක් නොවුණාට මා කළ කැපවීම් යාපහුවේ හා ගල්ගමුවේ ජනතාවට තවමත් අමතක වී නැතැයිද ඒකනායක මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකව තම හිතට එකගව වැඩකරන " මහජන සේවකයාට" මහජන මුදල් නාස්තිකාර නිර්මාණය කර සාදන නාමපුවරුවල " තමාගේ නම්ගම් ලියාගැනීමට අවශ්‍ය නැත". එමෙන්ම වැඩ " නොකරන මිනිසා නිතරම තමන්ගේ නම්ගම් මහජන මුදල් යහමින් වියදම් කර " නාමපුවරු වල විශාල අකුරෙන් ලියාගන්නේය. මෙය මොලය තිබෙන ලිවීමට කියවීමට හැකි මිනිසුන් පිළිපදින පරම සත්‍යකි.
තමන් පත් උනේ ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න නම් උත්සව වලට ආරාධනා නොකළ එකට වත් තමන්ගේ නම පුවරු වල නැති එකටවත් කලබල කරන්නේ මොකටද? තමන් පත් උනේ උත්සව වලට යන්න සහ තමන්ගේ නම පුවරු වල දමා ගැනීමට නම් කලබල කලාට කමක් නැහැ.
කොල්ලුපිටියේ ඉඳල පොලිපිතිගමට දුරත් ඇතිනේ
රටට වැඩක් නොකලොත් හිස ළඟ පිහිටුවන ගලෙත් නම නැතිවේවි.
කැඩුණු සපත්තු දෙක දාගෙන එන්න බැරි නිසා වෙන්න ඇති ආරාධනා නොකරන්නේ...
සපත්තුවේ හිලක් තිබිලා වැටෙන්න ඇති. එ්කයි ආරාධනාවට කියන්න අමතක වෙලා තියෙන්නේ...
ඇරයුමක් දෙන්න වටිනාකමක් තියෙන්න ඕනේ. නුඹ නාඩන් නුඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩම්.
ඔබතුමාලාව අපි කෝටි ගණන් බදු මුදල් ගෙවමින් නඩත්තු කරන්නේ උත්සව වල කතා පවත්වමින් නිකරුනේ කාලය ගතකරන්න නොව රට ඉදිරියට ගෙන යන්නයි. ඔය උත්සවයට දයාසිරි ජයසේකරත් ගියානම්, ගාමිණී ජයවික්‍රම පෙරේරාත් ගියානම්, අර රතන හාමුදුරුවෝ කියන ආකාරයේ උත්සව සැරසිල්ලත් ගියානම්, ඔබතුමාත් ඔතනට යන්න ඕනේද? ඔබතුමාලගේ පෙරගමන් රථ, පසුගමන් රථ, ගෝලයන්ගේ රථ ඇතුළු නොකී මෙකී රථ නවත්වන්න ඔතන ඉඩ තිබෙනවාද?
ජීනා මැඩම්ටත් දුකහිතිලා ඇති.
ඔව් ඉතින් මැති ඇමැතිවරු හැමෝම එක්ක අතවැසියොත් පිරිවරාගෙන අපේ බදු මුදල් වලින් පැට්රල් ගහගෙන උත්සවවලට ගිහින් කාලා බීලා බොරු කියමින් නිකන් කාලේ කමින් විනෝද වෙන්න... රට යන්නන් වාලේ ඔහේ ඉබාගාතේ යාවි... සල්ලි මදිවුනොත් පරිපුරක ඇස්තමේන්තුවක් දමලා කෝටි 100-200 ගන්න පුළුවන්.... එහෙම මදි වුනොත් පිටරටින් ගිනි පොලියට ණයක් ගන්න පුළුවන්.., අනාගත පරපුර ඉන්නවා නොවැ ඕවා ගෙවන්න...
පොල්ලෙලි වලට උත්සව වලට ආරාධනා කරන සිරිතක් තවම ලංකාවේ නැහැ.
රටට වැඩක් කරන්න ඕනේ නැහැ මේගොල්ලන්ට නම දා ගතහම ඇති. මේ වගේ අයට ඡන්දෙ දෙන හරකුත් ඉන්නවනේ