(සිතුම් චතුරංග සහ ප‍්‍රදීප් කුමාර)
යාපනය විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨයේ සිසුවියකගේ සිරුරු කොකාවිල් හි ඇයගේ නිවස තුළ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
ඇය ගෙළ වැලලාගෙන සිය දිවි හානි කර ගන්නට ඇතැයි ද ඇය මෙසේ සිය දිවි නසා ගැනීමට හේතුව කුමක්ද යන්න පිළිබදව නිශ්චිතව අනාවරණයවි නොමැති බව ද පොලිසිය පවසයි.
කෙසේ වෙතත් අදාල සිසුවිය ගෙළ වැලලාගැනීමෙන් අනතුරුව එය නිවැසියන් දැක ඇය කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ ද ඒ වන විට ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා කිලිනොච්චිය රෝහලේ තැම්පත් කොට ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලිලාද මැරුණේ, මරලාද එල්ලුවේ කියන එක හොයාගන්න එපෑයෑ.
යාපනේ විශ්ව විද්‍යාල සිසුන් එක දිගට දිවි හානි කරගන්නේ කුමක් නිසාද?