(රොමේෂ් මධුෂංඛ)
යාපනය මාදගල් වෙරලතීරයට ගොඩගසා තිබූ රුපියල් මිලියන 41 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 126 ග්‍රෑම් 800 ක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් මුහුදු වෙරල ප්‍රදේශයේ සිදුකරන ලද පාමු සංචාර සෝදිසියකදී වෙරලේ දමාගොස් තිබූ උර 4 ක් දැක පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.
එහිදී උර පරික්ෂා කිරීමේදී පාර්සල් 55 ක මෙම කේරල ගංජා තොගය හමු වී ඇති අතර ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙවිත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සිටියදී නාවික හමුදා නිලධාරීන් දැක ජාවාරම් කරුවන් විසින් කේරලගංජා මෙලෙස දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කර සිටියි.
සොයාගත් කේරල ගංජා තොගය ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තබාගැනීමට පියවර ගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යාපනය වෙරළ තීරයෙන් කේරළ ගංජා මතුවෙයි