යාපනය මැතිවරණ බල ප‍්‍රදේශය වෙනුවෙන් තරග කිරීමට තමා ලබාදුන් නාමයෝජනා පත‍්‍රය පිළිගන්නා තෙක් අගෝස්තු 17 වැනි දා මහා මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමෙන් මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ‘‘ අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’’ ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද (24) ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභ කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමද ප‍්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය අදාළ නාමයෝජනා පත‍්‍රය බාර ගැනීම නීතියට අනුකූලව තේරීම්බාර නිලධාරියා විසින් ප‍්‍රතික්ෂේප කළ බවටද තීන්දු කළේය.
පාර්ලිමේන්තු මැතිවරණ ආඥා පනතේ 15(3) වගන්තියට අනුකූලවන සේ පෙත්සම්කාර පක්ෂය නිසි නීතිමය අවශ්‍යතා සම්පූර්ණ නොකර ඉදිරිපත් කර ඇති බවද අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.
අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ගොනු කළ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවු අතර මැතිවරණ කොමසාරිස්වරයා, යාපනය දිස්ත‍්‍රික් තේරීම්බාර නිලධාරීවරයා, නීතිපතිවරයා ඇතුළු 24 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ තිබිණි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනය රිට් පෙත්සම විසි කරයි
අදිරි Saturday, 25 July 2015 03:05 AM
කවුද මේක දැම්මේ කියල නැහැනේ ?(නදී)
දුමින්ද Saturday, 25 July 2015 06:47 AM
හොඳ උත්සාහයක්. (ස)