(රොමේෂ් මධුෂංඛ)
යාපනය මල්ලාකම් ප්‍රදේශයේ සිදුවූ ගැටුම දුර දිග යාමෙන් පොලිස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.
පසුගිය 17 වැනිදා රාත්‍රියේ මල්ලාකම් ප්‍රදේශයේ දේවස්ථානයක පැවැත්වූ වාර්ෂික මංගල්‍යය අවස්ථාවකදි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුනු අතර එය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද ගැටුමට සම්බන්ධ පිරිස් පහර දි ඇති අතර එම අවස්ථාවේදී තරුණයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහරදී පිස්තෝලය උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 25 හැවිරිදි තරුණයෙකු ජීවිත්ක්ෂයට පත් විය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලේ හා චුන්නාකම් පොලිසියේ ප්‍රධානත්වයෙන් අංශ කිහිපයක් ඔස්සේ සිදු කරන ලද පරික්ෂණ වලින් අදාල ගැටුමට සෘජුවම සම්බන්ධ වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සවස මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රම පිරිස් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ඩි පාට් දමන අයට පක්ෂ, ජාති, ආගම නොබලා උපරිම දඬුවම් දිය යුතුයි... හිතාගෙන ඇති දැන් ආපහු කාලේ ඇවිත් කියලා...
චණ්ඩි පාට් දමන උන්ට පක්ෂ ,ජාති , ආගම නොබලා උපරිම දඬුවම් දිය යුතුයි....හිතාගෙන ඇති දැන් ආපහු කාලේ ඇවිත් කියලා.....