(සිතුම් චතුරංග)
යාපනය ඇතැම් කෝවිල් තුළ ආගමික උත්සව අතරතුර සිදුකෙරෙන සත්ව බිලි පූජා නොපවත්වන ලෙස යාපනය මහාධිකරණ විනිසුරු මාණික්වාසගර් ඉලන්චේලියන් මහතා අද (24) තහනම් නියෝගයක් නිකුත් කළේය.
සමස්ත ලංකා හින්දු මහා සභාව යාපනය මහධිකරණයේ ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.
යාපනයේ ඇතැම් කෝවිල් තුළ දේව පූජාවන් සඳහා මහා පරිමාණයෙන් සත්ව බිලි පූජාවන් පවත්වන අතර, ඒ තුළින් සත්ව හිංසන හා ඝාතන රැසක් සිදු කරන බව සෛව මහා සභාව පෙත්සම මගින් කරුණු ගොනුකොට තිබිණ.
බිලි පූජාවන් සිදු කරන්නේ නම් අදාළ කණ්ඩායම් අත්අඩංගුවට ගන්නා ලෙස උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අධිකරණ නියෝග යොමුකරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්. අත්තානං උමං කත්වා නහනෙයිය න ඝාතයේ. තමන් උපමා කොට අනුන් නොනසන්න
සත්ව ඝාතනය සහ බිලිපුජා පැවැත්වීම හින්දු ආගමට සහ බුද්ධාගමට පටහැනිය. සාධාරණ තීන්දුවක්. කරුණාකර මෙම නිතිය ලංකාවේ අනිත් පළාත්වලත් ක්‍රියාත්මක කරන්න. මසට සතුන් ඝාතනය කිරීම එම සතුන්ට අවම වේදනාවක් සහ බියක් ඇතිවන පරිදි සත්ව ගාතනාගාර තුල පමණක් සිදු කළහැකි විදිහට නීති පනවන්න. විනිසුරු තුමාට සහ ගරු අධිකරණයට මගේ ස්තුතිය පලකරනවා
ඉලන්චේලියන් විනිසුරු තුමා පෙරළිකාර තීන්දු දෙන නිර්භීත, එඩිතර විනිසුරුවරයෙක්. මුන්නේෂ්වරමේ මීට සමාන තීන්දුවක් විනිසුරුතුමෙක් දුන්නහම ඊට විරුද්ධව වැඩිපුරම අදහස් පළකළේ කවුද දන්නවද, බෞද්ධයෝ! දැන් ඔන්න අනික් කට්ටිය පටන් ගනී මේ විනිසුරුතුමාව විවේචනය කරන්න.
සාධාරණ එඩිතර තීන්දු දෙන නියම මනුස්සකමක් ඇති මෙතුමා අගවිනිසුරුකමට වුවද සුදුසුය
පුදුමය නම්, මේ බිලි පුජා අනුමත කරන දේව භක්තිකයන් මසට ගවයන් මැරීම අනුමත නොකිරීමය.තමා සන්තෝස කිරීමට අහිංසක සතුන් මරණ එක අනුමත කරන දෙව්යන් කව්ද, බලාපොරොතු විය හැකි පිහිට කුමක්ද.
ඉලන්චේලියන් විනිසුරුතුමාට අපේ ප්‍රණාමය.
මෙතුමාට මම දණ ගසා වන්දනා කරමි. මිනිසත් බවේ මහා අනගි උත්තමයෙක්. සාදු ,සාදු , සාදු . යහපතක්ම වේවා උත්තමාණෙනි .
මේ විනිසුරුතුමන් මානව හිතවාදී පුද්ගලයෙක්. අපි දුටුවා ඔහුගේ ආරක්ෂකයා ඝාතනය වුනු අවස්ථාවේ මේ විනිසුරුතුමන්ගේ ක්‍රියා කලාපය වගේම සංවේදී භාවය... ඩි සිල්වා කීවා සේම මෙතුමා අගවිනිසුරුකමට සුදුසු පුද්ගලයෙක්.
අහිංසක සත්වයන්ගේ ජිවිතය බෙිරා දිමට මග සැලසු ඔබතුමාට ගාෙඩක්පිං
එකඟයි!
මේ තීන්දුව සිංහල මහාධිකරණ විනිසුරුවෙක් දුන්නානම් ප්‍රසන ගොඩයි. ඉස්සෙල්ලම අපේ අය විනිසුරු තුමාගේ පැටිගිරිය සොයනවා. ඊට පසු විවේචන පටන් ගන්නවා.
බැරි වෙලාවත් හාමුදුරු කෙනෙක් ගේ වැරෙද්දක්කට උසාවියෙන් සුළු තහනමක් වත් කළා නම් මෙතන බලන්න තිබුනා.
මෙම විනිසුරු තුමා ඉතාමත්ම ශ්‍රේෂ්ට , ගුණවත් විනිසුරු තුමෙකී .
මේ රටේ හිතක් පපුවක් තියෙන ඕනෑම මනුස්සයෙක් සත්ව හිංසනයට අකමැතියි.මෙතුමා මේ දුන් අණට අප කවුරුත් හිසනමා ආචාර කලයුතුයි.
කෝවිලේ කොහෙද දෙවිවරු? මෙන්න දෙවිවරු.
කෝවිල් වල පූජාවන්ට පමණක් නෙවෙයි අනෙක් ආගමික කටයුතු වලට කරන සත්ව ඝාතනත් තහනම් කරන්න ඕනේ. පසුගිය මාසයේ මුල දහස් ගණනක් සිව්පා සතුන් ඝාතනය කරන්න ඇති...
ශ්‍රේෂ්ඨ තීරණයක් ඔබට යහපතක්ම වේවා...!!!
බලන්න අසරණ සතුන්ගේ ජිවිත බේරාගැනීමට කෙලින් නිර්භීත සාධාරණ තින්දු දෙන මානව හිතවාදී විනිසුරුවරයාට, ලංකාවේ අන්‍ය ආගමික, අන්‍ය ජාතික මනුෂ්‍යයින් දක්වන ප්‍රතිචාර.... මනුස්සකමට ජාති, ආගම්, කුල භේද, අදාල නැත. සංහිඳියාව කියන්නේ මේකයි මහත්වරුනි, වසරකට නිෂ්ඵල ලෙස බිලිදෙන සතුන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමේ පිනම ඇති ඔබතුමාට නිවන් දකින්න. ඔබතුමාගේ ජීවිතය බේරාගැනීමට වෙඩි උණ්ඩයට පපුව දුන් පොලිස් නිලධාරියා ඔබතුමාගේ ගුණ ධර්ම ගැන හොඳින් දැනගෙන ඉන්න ඇති...