තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් අදියර දෙකක් යටතේ පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේදී යොෂිත රාජපක්‍ෂගේ යාපනය චැලෙන්ජර්ස් පිල සහ චානක චන්දිමාල්ගේ වයඹ බ්ලැක්ස් පිල සමස්ත සම ශූරයන් බවට පත්වූහ.
බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (03) අවසන් වූ දෙවැනි සහ අවසන් අදියරේ ශූරයන් බවට යාපනය චැලෙන්ජර්ස් පිල පත්වූ අතර අනු ශූරතාව බස්නාහිර වෝරියස් පිලට හිමිවිය.මහනුවරදී පැවැති පළමු අදියරේ සහ දෙවැනි අදියරේ ලකුණු එකතු කර වැඩිම ලකුණු ලැබූ පිලට ශූරතාව හිමිවිය. ඒ අනුව යාපනය චැලෙන්ජර්ස් සහ වයඹ බ්ලැක්ස් යන කණ්ඩායම් දෙක ලකුණු 37 බැගින් ලබා සිටියහ.යාපනය පිල පළමු අදියරේ හත්වැනි ස්ථානය (12) ද, දෙවැනි දියරේ පළමු ස්ථානය (25) ද ලැබූ අතර වයඹ පිල පළමු අදියරේ පළමු ස්ථානය (25) ද, දෙවැනි අදියරේ හත්වැනි ස්ථානය (12) ද ලැබීය.
දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵලඅවසන් මහා තරගයයාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (26-17)
තෙවැනි ස්ථානය ඌව වයිපර්ස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී (35-19)
5 වැනි ස්ථානයඋතුරු මැද ටයිපෝන්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී. (28-14)
7 වැනි ස්ථානයවයඹ බ්ලැක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී. (17-14)
9 වැනි ස්ථානයමධ්‍යම කිංග්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී. (12-7)
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යාපනය චැලෙන්ජර්ස් - වයඹ බ්ලැක්ස් කාල්ටන් රග්බි සම ශූරතාව දිනති
නිපුණ Monday, 04 June 2012 06:35 AM
අන්තිමේදී ඕකෙ ශූරතාවය ජැෆ්නා චැලේන්ජර්ස්ල ගනීවි. මොකද සුපිරි රගර් ක්‍රීඩකයෙක් ඉන්නෙ ඔය කණ්ඩායමේනේ
චන්දන Wednesday, 06 June 2012 09:11 AM
රගර් වලට නම් රජ සැළකිලි.අනික් ඒවාට කුඩම්මාගේ සැළකිළි
බොධිපාල Tuesday, 05 June 2012 08:26 AM
යාපනය ටීම් එක කප් 1 නොගත්තනම් තමයි පුදුම වෙන්න ඕන.
සන්ජු Wednesday, 06 June 2012 10:28 AM
කොහොමද සහෝදර මොළේ?
වාසල Monday, 04 June 2012 12:13 PM
සම ශූරතාවය දුන්නු චෙක් දෙකේ තියෙන මුදල නම් වෙනස් ලොක්කා...
ප්‍රභෝද Wednesday, 06 June 2012 12:39 PM
ඕවාට වියදම් කරපු සල්ලි අහිංසක මිනිස්සුන්ට දුන්නනම් මොකද වෙන්නේ..ඕවා බලන්නේ කවුද? ලංකාවට සල්ලි ලැබෙන වැඩක් කරන්නකෝ...
අනුරාධ Tuesday, 05 June 2012 12:32 PM
මේවත් වැඩද අනේ
ඔසඳ Tuesday, 05 June 2012 01:19 PM
මම නම් හිතන්නේ වයඹ බ්ලැක්ස් කණඩායමේ පැහැදිලි ජයග්‍රහණය තමයි මේ දෙකට බෙදලා තියෙන්නේ
රොෂාන් Tuesday, 05 June 2012 02:32 PM
ඔව් ඉතින් මේ පාර ලීග් එකත් උස්සන්න නේ බලන්නේ..මහනුවර එක්ක රගර් ගහල දිනන්න බැරි නිසා බොරු චෝදනා දාල එයාලව ලීග් ඒකෙන් හලන්න නේ යන්නේ..ඔහොම යමුකෝ ..දිට්ටධම්ම කර්ම කියල දෙයකුත් තියනවනේ ..
ජොලි සීයා Wednesday, 06 June 2012 02:13 AM
සිනහ යන සටන් සහ ඇග කිලිපොලා යන පෙම් ජවනිකා....