ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජයේ සහභාගීත්වයෙන් යාපනයේ පලාලි ඇති ගුවන් තොටුපොළ සහ ගුවන් පථය වැඩි දියුණු කිරීමටත් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමටත් පියවර ගෙන තිබේ.
මේ වෙනුවෙන් ඉන්දීය ගුවන් තොටුපොළ අධිකාරිය තාක්ෂණික සහ කාර්මික සහාය ලබා දීමට කටයුතු කරන බව යාපනයේ නේවාසික ඉන්දියන් කොන්සල් ජනරාල් ඒ. නඩරාජන් ප්‍රකාශ කරයි.
දැනට පවතින ඉඩ කඩ ප්‍රමාණය නැවත ප්‍රතිසංස්කරණය කරනවා විනා අලුතෙන් ඉඩම් පවරා ගැනීමත් සිදු නොවන අතර ගුවන් ධාවන පථය කිලෝ මීටර 2.3 ප්‍රමාණයෙන් පුළුල් කළ පසු බෝයිං 717 වර්ගයේ ජෙට් යානා ගුවන් තොටුපොළට බැස්ස වීමට හැකි වන අතර ගුවන් මගී සංඛ්‍යාව සියයකට ආසන්න ගුවන් යානා ද මෙම ගුවන් තොටුපොළ වෙත පියාසර කිරීමේ හැකියාව ද ලැබෙන බව ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය විශ්වාස කරයි.
මෙම ගුවන් තොටුපොළ අන්තර් ජාතික මට්ටමට ගෙන ඒමට ප්‍රථම අදියර ලෙස ද මෙය හැඳින්විය හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලාලි හමුදා කැම්ප් එක ඇතුලේ නේද මේ ගුවන් තොට තියෙන්නේ . එතකොට කැම්ප් එක ඉවත් කරනවද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න (බ)
මත්තල ගුවන්තොටුපල සුදු අලියෙක් කියන අලින්ට මේක තේරෙන්නේ නෑ උතුර වෙන් වීමේ එක මන් සලකුණක් මේක (අ)
තේරෙනකොට පාමා වැඩිද මන්දා. මොවුන් ඊලගට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉල්ලන බව මම ලංකාදීපේ මාස කීපයකට කලින් මෙ වගේම ලිව්වා. (බ)
කින් බෙනට්, ඔබ හරි (නි)
දියුණු කරට කමක් නැහැ, මේක හොඳ ප්‍රවේශයක් හැබැයි ඉන්දියාව ගාවගන්න එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. (ර)
ඔව් ඉතින්, මේ යන විදිහට එයාලට වෙනම ලොකු ගුවන් තොටුපළක්, වරායකුත් හදලා දෙන්න ඕනෑනේ. ඒකනේ මේ කරන්නේ. (නි)
යාපනය ලංකාවේ කොටසක් නොවෙන්න යන එක පියවරක් තමයි මේක. (කෞ)
මත්තල ගුවන් තොටුපල සුදු අලියෙක් මෙන්න ගුවන් තොටුපොල කටුනායකට වඩා ගුවන් යානා ඒවි. (ර)
සමහරු මේකේ අදහස් දාන්නේ හරියට යාපනය ලංකාවේ කොටසක් නෙමෙයි වගේනේ (නි)
ඉන්දියාව වැඩිය ගාව ගන්න එපා. අනික මත්තල තව අධියර තියනවා වැඩක් ගන්න පුළුවන් විදියට එන්න. එනිසා එයත් දියුණු කරනවානම්ම් හොදයි. (ර)
එය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙසට දියුණු කළා කියලා රට බෙදෙන්නේ නැහැනේ. (නි)
ඉන්දියන් ටෙක්නීෂියන්ලා තමයි මේ අයට මොළයක් නෑඋඹලට හාලුත් ඉන්දිඅවෙන් ගෙනන්න වෙලා (බ)
කටුනායක වසා දැමීමේ පළමු අදියර (අ)
හින්දි ෆ්ලිම් ;හින්දි සින්දු; වලට හින්දි කොල්ලන්ට, ආදරය කරන්න හොඳයි නම්...... රට ගිය ගැහැණු බොහමයක් එකට පවුල් කන්නේත් හින්දි උන් එක්කනම්...... ඒ සල්ලි හොදනම්, ඒ රටේ ඉන්දීය කොලනියක් වුනාම මොකද මේ රට..(බ)