යාපනය විශ්ව විද්‍යාලයයේ ඇති වූ ගැටුම අන්තවාදී ක්‍රියාවක් නොව බහුවාදයට එල්ල වූ ප්‍රහාරයක් යැයි ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව යනු විවිධ ජාතීන්, ආගම්, සංස්කෘතීන් ඇතුළු විවිධාංග රැසකින් සමන්විත රටක් බව ද ඔහු කීවේය. උතුරේ අන්තවාදී ක්‍රියා නිසා දකුණේ අන්තවාදීන්ට ලකුණු ලැබෙන බවත් දකුණේ අන්තවාදී ක්‍රියා නිසා උතුරේ අන්තවාදීන්ට තම පටු අරමුණු ඉටු කරගැනීමට අවස්ථා ලැබෙන බවත් ඔහු පැවැසීය.
'මේ රට ගොඩනැගිය හැකි එකම පදනම බහුවාදයයි. යාපනයේ සිදුවීම බහුවාදයට එල්ල වූ ප්‍රහාරයක්. ජාතිවාදීන්ට ඉඩ දුන්නොත් අපට රටක් නැති වේවී. දකුණේ සිංහල විතරක් කියනකොට උතුරේ දෙමළ විතරයි කියනවා.'
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් අපිට කිසිකෙනෙක් විශ්වාස කිරීමට බැහැ (නි)
දකුණේ අය කවදාද එහෙම කිව්වේ? ඔය දෙමළ අය අපිටත් වැඩිය හොඳට මෙහෙ ඉන්නේ. (නි)
යුද්ධය තිබුණු කාලෙදිත් දෙමළ ජනතාවට ලංකාවේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමට සිංහල ජනතාව ඉඩදුන්නා. නමුත් සිංහල ජනතාවට උතුරේ ජීවත්වීමට ඉඩ ලැබුනාද? අද දෙමළ දේශපාලකයන්ට ඒවා අමතක වෙලා (නි)
දකුණේ කවුරුවත් සිංහල විතරයි කියලා කියලා නැහැ. උතුරේ අය තමයි එහේ දෙමළ විතරයි කියන්නේ. මනෝගනේෂන් විතරයි අවම වශයෙන් මෙහෙමවත් මේ ගැන කතාකරන්නේ. (නි)
ඕවා යාපනේ ඉන්න අයට කියන්න. එයාලා තමයි රජයේ විශ්ව විද්‍යාලයේවත් ඉන්න දන්නේ නැත්තේ. (නි)
කවුරුත් කියලා නැහැ දකුණ විතරයි සිංහලයින්ට අයිති කියලා. මුළු රටේම ඉන්න ශ්‍රී ලංකාවාසීන්ට රට අයිතියි. යාපනේ සරසවියේ ඇතිවුණේ ඇත්තටම අන්තවාදී ක්‍රියාවක් තමයි. ඔය කතා කරන අය ඇමෙරිකාවේ, කැනඩාවේ හෝ වෙනයම් රටක ඔය කතා කියන්නේ නැහැ. ඒවායේ ඔය මොන ජාතිවාදෙවත් නැහැ. (නි)
සමහරු නොදන්නවා වෙන්න ඇති සිංහල කලා වැඩසටහන් බොහොමයක් පටන්ගන්නේ සරස්වතී දේවියට පහනක් තියලා සරස්වතී පූජාව පවත්වලා බව. උතුරේ දෙමළ විතරක් වුණාට දකුණේ එහෙම නොවන බව සමහරුන්ට නොපෙනෙන එක පුදුමයි (නි)
මුලින් උතුර හදාගන්න! උතුර හැදුනොත් දකුණ ඉබේම හැදෙයි. වැරැද්ද වැරැද්ද විදියට දකින්න. බොරු පටලවන්න එපා (නි)
මම කොළඹ විශ්ව විද්‍යාලේ ඉගෙනගත්තේ කොළඹ හතර වටේ බෝම්බ පුපුරන හමුදාවේ මරණ හැමදාම දකුණට එන කාලේ. එතකොටත් උතුරෙන් ආ දෙමල සහෝදර ශිෂ්‍යයන් සැහෙන ප්‍රමාණයක් අපිත් එක්ක ඉගෙනගත්තා. ඔවුන් හිටියේ අපේම සහෝදරයෝ වගේ. වචනයකින්වත් කවුරුවත් රිද්දෙවේ නැහැ. දකුණට සහජීවනය ගැන කියලා දෙන්න එන අයට කවුද ජාතිවාදියෝ කියන එක මේකෙන් පැහැදිලි වේවි කියලා හිතනවා (නි)
1980 ගණන් වලත් මෙහෙම දේවල් සිදුවුණා. නමුත් දකුණේ කිසිම විශ්ව විද්‍යාලයක කිසිම දවසක මෙවැනි දේවල් සිදුවෙලා නැහැ. (නි)
මහත්තයෝ, අපි නම් කවදාවත් දකුණේ සිංහල විතරයි කිව්වේ නැහැ. උතුරේ තමයි ප්‍රභාකරන්ගේ මතවාදය වන දෙමළ විතරයි කියලා තාම කරගහගෙන ඉන්නේ. අපිට නෙමෙයි ඕක එහාට ගිහින් කියන්න (නි)
සිදුවුණ ක්‍රියාව වසාගැනීමට බහුවාදය නමැති අලුත් වචනවල එල්ලෙන්න එපා. ඔය කියන තර්කය ඇත්ත නම් ලෝකයේ අනිත් බොහෝ රටවලටත් බහුවාදය කියන එක තියෙන්න ඕනෑනේ. (නි)
කොහෙද දකුණේ සිංහල විතරක් කියන්නේ ? (හේ)
සක්සුදක්සේ පැහැදිලි මෙය අන්තවාදී/ජාතිවාදී ක්‍රියාවක් බව.සහජීවනය මොකක්ද කියලා උතුරු නැගෙනහිර ඉන්න අයට පැහැදිලි කරදුන්නොත් මේකට විසදුමක් ලැබේවි බොහෝ දුරට. (බ)
සංහිදියාව තියෙන්නේ දකුණට විතරද (බ)
කතාව දෝලාවෙන් ගමන පයින් සන්හිදියාවත් මේ වගේ (බ)