යාපනය,අධිකරණ සංකීර්ණයට අලාභහානි කළැයි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 18 දෙනාගෙන් දෙදෙනෙකුට ඇප ලබාදීම යාපනය,මහේස්ත්‍රාත් පි.ශිවකුමාර් මහතා නියෝග කළේය.
යාපනය,කයිට්ස්,පුන්කුඩිතිිව් ප්‍රදේශයේදි මරා දැමුණු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ මරණ්‍යට වගකිව යුතු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය නගරයේ මැයි මස 20 වැනිදා පැවති විරෝධතාවයක් අතරතුර අදාළ පිරිස යාපනය අධිකරණය සංකීර්ණයට අලාභහානි කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර,අදාළ පිරිසට අවස්ථා ගණනාවකදි ඇප ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු පස්සට මොනවා වෙයිද කියලා. (ර)
උතුරු-දකුණු සීමාවක් නැති නීතියේ ආදිපත්‍ය. (ස)
හොද වැඩේ.(හේ)