යාපනය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් වී දර්ශනානන්දන් නාඳුනන පිරිසක් පහරදීමකින් තුවාල ලබා යාපනය රෝහටල ඇතුළත් කර ඇතැයි එහි ආචාර්වරයෙක් පැවැසීය. ඒ සිද්ධියත් සමග එහි සිසුහු දේශන වර්ජනය කළහ. යාපනය, කොකාවිල්හි දී ඔහුට පොලු මුගුරුවලින් පහරදී හිසටත් පාදවලටත් තුවාල කැර ඇතැයි එම ආචාර්යවරයා කීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය සිවිල් සමාජයේ වැඩිහිටියන් අතර තිබූ මැර ක්‍රියා වර්තමානයේ කිසිදු වෙනසක් නැතිව කුඩා දරුවන් පාසැල් ශිෂ්‍යයින් කරාත් ව්‍යාප්තවී ඇති බව මේ ක්‍රියා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබේ.හන්දි බෝක්කු උඩ රස්තියාදු ගහ ගහා රස්සාවක් කරන්න කිසිදු උගත්කමක් නැතිව හිටපු මැර සල්ලාල බේබදු ටිකට තමුන්නාන්සේලා කතිරේ ගහලා අවුරුදු පහෙන් පැන්ෂන් ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ රස්සාව අරන් දුන්නට පස්සේ එයාලාගේ ක්‍රියාකලාපය පාසැල් සිසුන් නැරඹීම නිසා වෙන්න ඇති ඒවා ආදර්ශයට අරන් මෙහෙම හැසිරෙන්නේ.. මම මගේ හෘද ශාක්ෂියට එකඟව ඇත්ත කිව්වේ. මට පක්ෂයක් පැත්තක් නැහැ. මම ස්වාධීන් බුද්ධිමතෙක්. මම මැරීගෙන රස්සාව කරලා යම්තම් පනම් අටක් හොයා ගෙන නොමැරී කාලා ඇඳලා ඉන්නවා.ඒත් උගත්කම ගැලපෙන රස්සාවක් නෙවෙයි. ඊට වඩා ගොඩක් පහළ රස්සාවක් කරන්නේ. මොනව කරන්නද උගත්කම ලබා ගන්න කැප කළ කාලය මොනවා හරි දේශපාලන පක්ෂයක පෝස්ටර් ගහන්න වැය කළා නම් රාජ්‍ය ආයතනයක සාමාන්‍යාධිකාරී කෙනෙක් හරි සභාපති කෙනෙක් හරි වෙන්න තිබුණා. කොහේද ඉස්කෝලේ යන කාලේ ගුරුවරු කියපු දේ අහලා අපිත් හොඳ ළමයි විදිහට හැදුනු කරුම විපාකය තමයි මේ ගෙවන්නේ. ඒක නිසා ඇත්ත කියපුවාම පොඩ්ඩක් රිදුනට ඒක හිනාවකින් බාර ගන්න.ඒක මහත්මා ගතියක්.ඒත් විද්‍යා තාක්ෂණ දැනුම අතින් අපට වඩා ඉහළ වුනාට දැන් හැදෙන පරම්පරාවට ඒ ගතියවත් නැතිබව කියන්නේ බොහොම කණගාටුවෙනුයි.