යාපනය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් වී දර්ශනානන්දන් නාඳුනන පිරිසක් පහරදීමකින් තුවාල ලබා යාපනය රෝහටල ඇතුළත් කර ඇතැයි එහි ආචාර්වරයෙක් පැවැසීය. ඒ සිද්ධියත් සමග එහි සිසුහු දේශන වර්ජනය කළහ. යාපනය, කොකාවිල්හි දී ඔහුට පොලු මුගුරුවලින් පහරදී හිසටත් පාදවලටත් තුවාල කැර ඇතැයි එම ආචාර්යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
263
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපන සිසු නායකට මැර ප්‍රහාරයක්
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 07:02 PM
සාමාන්‍ය සිවිල් සමාජයේ වැඩිහිටියන් අතර තිබූ මැර ක්‍රියා වර්තමානයේ කිසිදු වෙනසක් නැතිව කුඩා දරුවන් පාසැල් ශිෂ්‍යයින් කරාත් ව්‍යාප්තවී ඇති බව මේ ක්‍රියා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබේ.හන්දි බෝක්කු උඩ රස්තියාදු ගහ ගහා රස්සාවක් කරන්න කිසිදු උගත්කමක් නැතිව හිටපු මැර සල්ලාල බේබදු ටිකට තමුන්නාන්සේලා කතිරේ ගහලා අවුරුදු පහෙන් පැන්ෂන් ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ රස්සාව අරන් දුන්නට පස්සේ එයාලාගේ ක්‍රියාකලාපය පාසැල් සිසුන් නැරඹීම නිසා වෙන්න ඇති ඒවා ආදර්ශයට අරන් මෙහෙම හැසිරෙන්නේ.. මම මගේ හෘද ශාක්ෂියට එකඟව ඇත්ත කිව්වේ. මට පක්ෂයක් පැත්තක් නැහැ. මම ස්වාධීන් බුද්ධිමතෙක්. මම මැරීගෙන රස්සාව කරලා යම්තම් පනම් අටක් හොයා ගෙන නොමැරී කාලා ඇඳලා ඉන්නවා.ඒත් උගත්කම ගැලපෙන රස්සාවක් නෙවෙයි. ඊට වඩා ගොඩක් පහළ රස්සාවක් කරන්නේ. මොනව කරන්නද උගත්කම ලබා ගන්න කැප කළ කාලය මොනවා හරි දේශපාලන පක්ෂයක පෝස්ටර් ගහන්න වැය කළා නම් රාජ්‍ය ආයතනයක සාමාන්‍යාධිකාරී කෙනෙක් හරි සභාපති කෙනෙක් හරි වෙන්න තිබුණා. කොහේද ඉස්කෝලේ යන කාලේ ගුරුවරු කියපු දේ අහලා අපිත් හොඳ ළමයි විදිහට හැදුනු කරුම විපාකය තමයි මේ ගෙවන්නේ. ඒක නිසා ඇත්ත කියපුවාම පොඩ්ඩක් රිදුනට ඒක හිනාවකින් බාර ගන්න.ඒක මහත්මා ගතියක්.ඒත් විද්‍යා තාක්ෂණ දැනුම අතින් අපට වඩා ඉහළ වුනාට දැන් හැදෙන පරම්පරාවට ඒ ගතියවත් නැතිබව කියන්නේ බොහොම කණගාටුවෙනුයි.