යාපන සරසවියේ බෞද්ධ සංගමයේ දෙවැනි වරටත් යාපන - පලාලි පාරේ තිරුණවෙලි හන්දියේදී සිසිල් බීම දන්සලක් දුන්හ. නාග විහාරාධිපති මීගහජඳුරේ සිරි විමල හිමියෝ ආගමික වතාවත් පැවැත්වූහ. දෙමළ හා මුස්ලිම් සිසුහුද  බෞද්ධ සංගමයට සහාය වූහ. යාපන සරසවි බෞද්ධ සංගමය ඇරැඹුයේ 2011දිය.