යාපන විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨවලට සිංහල සිසුන් කිහිපදෙනකු පැමිණ ඇති බව එහි පීඨාධිපති මහාචාර්ය වෙල්නම්බි කියයි.
පළමුවසර හා සිව්වැනි වසර දේශන ආරම්භ වූ බවත් තවත් සිසුන් එනු ඇති බවත් ඔහු කීවේය.
කලා පීඨයේ සිංහල සිසුන් අද (25) පැමිණ නොසිටිය බවත් විද්‍යා පීඨය ආරම්භව නොමැති බවත් සරසවි ආරංචි කියයි.
පසුගියදා සරසවියේ පැවැති පළමු වසර සිසුන් පිළිගැනීමේ උත්සවයක් අතරතුර සිසුන් කිහිප දෙනකුට ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් සරසවිය වසා දැමිණි.
යාපන විශ්ව විද්‍යාලයයේ පරිපාලන ගැටළු ආදී සියලු ගැටළු විසඳා එහි ඉගෙනුම ලබන දරුවන්ගේ ආරක්ෂාව ලබන සදුදා වන විට තහවුරු කර දෙන බවට අග්‍රාමාත්‍යවරයා ඇතුළු බලධාරීන් පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව ඉටුවන තෙක් තම දරුවන් විශ්ව විද්‍යාලයට නොයවන බවත් එම සංසදයේ සභාපති අරුණ ගුණසේකර මහතා කියයි.
COMMENTS
උතුරු නැගෙනහිර දමිල සහෝදරයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ සමගියෙන් සමාදානයෙන් සියලු ජාතින් සමග අත්වැල් බැදගෙන රටේ අභිමානයට කැළලක් නොවන විදිහට කටයුතු කරන්න කියලයි. (අ)
ඉසුරන්දි, ඔබ අපිව නිවටයින් කරන්න එපා. (නි)
දකුණේ විශ්ව විද්‍යාල වල ඉතින් ද්‍රවිඩ සිසුන් නැහැනේ නේද? (නි)
ශ්‍රී ලංකාව කියන්නේ බහුජාතික රටක්. සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු ජාතීන්ගෙන් පිරුණු රටක්. ඒ නිසා හැම ජාතියක්ම සහෝදරත්වයෙන් ඉන්නතාක් අපේ රට සුන්දර රටක් වේවි. අනිත් එක හැම විශ්ව විද්‍යාලයකම සියලුම ජාතින් නියෝජනය වෙනවා. ඉතින් හැම විශ්ව විද්‍යාලයකම මේ විදියට ගැටුම් ඇති වුණොත් මුළු ශ්‍රී ලංකාවේම ජාතින් අතර සහජීවනයට ලොකු තර්ජනයක් වෙන එක ඒකාන්තයි (නි)
යාපනය විශ්ව විද්‍යාල සිංහල සිසුන් වෙනුවෙන් හමුදා සේනාංකයක් සුදානමින් තබන්න වෙයිද දන්නෙ නැහැ මෙහෙම ගියොත් (නි)