(රොමේෂ් මධුෂංඛ)
රජය පොරොන්දු වූ පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හෝ ඔවුන් වෙනුවෙන් නඩු කටයුතු කඩිනම් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසමින් යාපනය සරසවි සිසුහූ පිරිසක් අද (14) විරෝධතා පාගමනක් පැවැත්වූහ.
යාපනය සරසවිය ඉදිරියෙන් ආරම්භ වූ එම විරෝධතා පාගමන පලාලි මාර්ගය හරහා ගොස් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් අවසන් විය.
එහිදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයට බල කරන ලෙස ඉල්ලා ඔවුහු යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට ලිපියක් භාර දුන්හ.
එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ සෙල්ලම ආයෙත් පටන් අරගෙන. තව ටික දවසකින් තැන තැන බෝම්බ තියාවි.
දේශපාලන සිරකරුවන් සිටින්නේ දමිල අය පමණක් නොවේ සියලු ජාතීන්ගේ සිරකරුවන් සිටිනවා ඒක දේශපාලන පක්ෂ හා රජය විසින් කල යුතු කාර්යක්. ඒ සදහා විශ්වවිද්‍යාල වල සිසුන් කලබල විය යුතු නැ ඔවුන් කල යුත්තේ ඔවුන්ගේ ඉගෙනීම අවසන් කර ගැනීමයි. ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල සදහා සිසුවෙකුට ඉගෙනිමට ඇති කාලය ඔවුන්ගේ අධ්‍යන කාලයට වඩා එක වසරක් පමණ අමතරව ලබාදීමට රජය කටයුතු කල යුතුය. යම් හෙයකින් අසනීප හා පිළිගත හැකි තත්වයක් යටතේ පමණක් වසරකට වඩා දීර්ඝ කල යුතුය. දේශපාලන හෙන්චයියන් වසර 8 හා 10 වැනි කාලයන් විශ්වවිද්‍යාල වල රැදී සිටිමින් අනෙක් සිසුන්ගේ ඉගෙනීම අඩාල කිරීම වහා නතර කල යුතුය. ඔවුන්ගේ අධ්‍යන කාලයට වඩා එක වසරක් ඉක්මවූ පසු විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට කුලපතිගේ අවසරයක් හා පැය 8 වඩා රැදී සිටීම රැස්වීම් හෝ වෙනයම් සංවිදාන කටයුතු කිරීම සපුරා තහනම් කල යුතුය. මෙසේ නොකළහොත් මහජන මුදල් විනාස කරමින් මේ අය සියලු සිසුන්ගේ අනාගතය අදුරු කරමින් හා ජනතාවගේ මුදලක් කා දමමින් කාලය ගෙවනු ඇත.