උතුරු දුම්රිය මාර්ගය අරඹා මාසයකදී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් උපයාගත් බව යාපනය දුම්රිය ස්ථානාධිපතී ටී ප්‍රදීපන් මහතා කියයි.
සිකුරාදා (14) සිට රාත්‍රී තැපැල් දුම්රිය සේවයද යළි ඇරැඹේ.
දකුණේ සිට උතුරට මගීන් විසි එක් දාහක්ද උතුරේ සිට දකුණට මගීන් විසි අට දහසක්ද මුල් මාසයේ ගමන් කර ඇත.
සාමාන්‍ය දුම්රිය ගාස්තුව රුපියල් තුන්සිය විස්සකි.යාපනයේ කෘෂි නිෂ්පාදන දුම්රියෙන් කොළඹ ගෙන එන බව දුම්රිය නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම ඉහළ අදායමෙන් ලැබෙන ලාබයෙන් දුම්රිය මගීන්ටත් වඩාත් ගුණාත්මක සේවයක් ලැබෙනවා නම් මීටත් වැඩිය සතුටු විය හැකියි.(හේ)
කොච්චර ලාබ ලැබුවත් දුම්රිය දෙපාර්තමේන්තුව හැමදාම පාඩු ලබනවාලු. බහිරවයෝ ගිලිනවද දන්නේ නැහැ සල්ලි.(හේ)
කොච්චර ලාබ ලැබුවත් දුම්රිය දෙපාර්තමේන්තුව හැමදාම පාඩු ලබනවලු. බහිරවයෝ ගිලිනවද දන්නේ නැහැ සල්ලි.(අ)
දුම්රිය නඩත්තුවත් ඉහල මට්ටමකින් පවත්වා ගත්තනම් තවත් හොඳයි . මගීන්ගේ යුතුකම ඒවා ආරක්ෂා කර ගැනීම. ආරක්ෂා කරන්න සමහර දුම්රිය උඩින් කුඩ අල්ලන්න වෙන වෙලාවත් නැතුවම නොවේ. (අ)
කාලෙකට පස්සේ අහපු ගොඩක් හොද පුවතක්.. මේ වගේම අපිට පුලුවන්නම් දුම්රිය මාර්ග ජාලයට දඹුල්ල නගරයත් එකතු කරන්න අපතේ යන හා අතිරික්ත කෘෂි නිෂ්පාදන කොළඹට ගෙනල්ලා අපනයනය කරන්න පුළුවන්.. දැනට කොළඹට ලොරි මගින් ගෙන එන වියදම ගොඩක් අඩු කරගන්නත් පුළුවන්.(හේ)
දැන් වියදම අඩුවෙන් යාපනයේ යන්න පුළුවන්.(හේ)
පුද්ගලික බස් රථ ව්‍යාපාරිකයන් කොහොම හම්බ කර ගන්න ඇතිද? (ර)
පුද්ගලික බස් රථ ව්‍යාපාරිකයන් දිග කාලයක් කොහොම හම්බ කර ගන්න ඇතිද?
දැන් අඩු වියදමකින් යාපනයේ යන්න පුළුවන්.(හේ)
දැන් උතුරත් දකුණත් යා වී හමාරයි.(හේ)
යාපනේට දුම්රියෙන් යන්න කොච්චර වෙලාවක් යයිද?(හේ)
වංචා දුෂණ වලට ඉඩ නොතියා මෙම අදායම් මාර්ග වැඩි දියුණු කරගත්තොත් ඉක්මනින්ම දුම්රිය දෙපාර්තමේන්තුව ලාබ ලබන ආයතනයක් වේවි. (හේ)
හොදයි.(හේ)