යාපනය දිසාපති කාර්යාලය මෙහෙයවීමෙන් කචිචේරියේදී අද දන්සලක් පැවැත්වීය.
මහ දිසාපති සුන්දරෙයි අරුණෙයිනායගම් මහතාගේ ආරාධනයෙන් නාග විහාරාධිපති මීගහජදුරේ සිරිවිමල හිමියෝ එහිදී ධර්ම දේශනයක් කළහ.
බුද්ධාගම විශ්ව දහමක් මිස සිංහලයන්ට පමණක් සීමා වු දහමක් නොවන බව ඒ හිමියෝ කීහ.
යාපනයේ තැන තැන වෙසක් සැරසිලි ද බෞද්ධ කොඩිද ඔසවා තිබිණි.
මෙහි සියළු සැරසිළි කටයුතු ආරක්ෂක අංශ විසින් සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ සැදැහැවතුන් නොමැතිවිම ගැනනම් මගෙත් කණගාටුව (ස)
අනේ මන්දා ව්ව්නියාවෙන් මෙහා මිනිසුන් මේවා දකින්නෙ මාධ්‍ය හරහා. මම සැබෑ තත්ත්වය දන්න කෙනෙක්. මම නම් හිතන්නෙ අාරක්ෂක අංශ යොදා වෙසක් සැරසිලි කරවිමෙන් විෂම ජාතින් අතර සහයෝගිතාවය අැති කරන්න බැ. එ් නිසා මින් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක් රටට අවශ්‍යයි. (ස)
දිසාපතිතුමාට මගේ ආචාරය! ජාති ආගම් බේධ අවුලුවාගෙන සිටින උදවියට හොඳ ආදර්ශයක්. (නි)
ඉතා සතුටුයි. දිසාපතිතුමා තමන් තනතුරට සුදුස්සෙක් කියලා ඔප්පු කරලා තිබෙනවා. රජයේ උසස් පරිපාලන නිලධාරියෙක් සමාජයටත් යහපතක් කරමින් තමන්ගේ රාජකාරිය වැදගත් අයුරින් කරන හැටි ඉතා ප්‍රශංසනීයයි. (නි)
සදු සදු සාදු (දිල්)
ඔන්න මිනිස්සු. ගොඩාක් පින් ලැබෙනවා යාපනය දිසාපති තුමන් සුන්දරෙයි අරුණෙයිනායගම් මහත්මයාට. (දිල්)
සතුටු හිතෙන ප්‍රවෘත්තියක්. (නි)
මෙවැනි ලෝකයක් තමයි අපිත් පතන්නේ. බුදු සසුන බැබළේවා! (නි)
යාපනේ මෙහෙම දේ වෙයි කියලා කවුද හිතුවේ මීට ටික කලකට ඉහතදී. මේවා ආශ්චර්ය නොවේද? (නදී)
සුන්දරෙයි අරුණෙයිනායගම් මහ දිසාපතිතුමා සෑහෙන කැපකිරීමක් පුරවරය කර අලංකාර කර තිබෙනවා.බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිකර කළ පිංකම් බලයෙන් ඔබතුමාටත් සහය දුන් සැමටත් තෙරුවන් සරණ ලැබේවා! (නි)
දෙමළ භාෂාව පමණක් දන්නා අයට මෙම අදහස් විස්තර කරදෙන්න හැකි වුණා නම්....
විශිෂ්ට වැඩක්. බුදුදහම සියලු සත්වයන්ගේ හිත සුව පිණිසයි. දිසාපතිතුමන් ඇතුළු හැමදෙනාටම පින්. (නි)
මේ යුද්ධයකින් විනාශ වූ පැත්තක්ද කියලා හිතන්නවත් බැහැ.දිසාපතිතුමනි, ආගම් බේද නොතකා ඔබේ මේ මහත් කැපවීම රටටම ආදර්ශයක්.හරිම ශාන්තභාවයක් දැනෙනවා පින්තූර ටික බැලූවිට.සුභ වෙසක් දිනයක් වගේම බුදු සසුන බැබළේවා!(නි)
ඔබ සියලු දෙනාට තෙරුවන්සරණයි! (නදී)
සාදු සාදු සාදු! අසන්නත් දකින්නත් ලැබීම පිනක්. මෙයයි අපි පතන ලෝකය (නි)
අපි ජීවත්ව ඉන්න මේ පුංචි කාලයේ සුන්දරෙයි අරුණෙයිනායගම් මහත්මයා කළ දෙය අපි සියල්ලන්ම ආදර්ශයට ගනිමු (නි)
ඉතාමත්ම අගය කරනවා (නි)
සෙනඟ නම් ටිකක් අඩුයි වගේ නේද? (නි)
ඇත්තටම හිත යටින් මහා සතුටක් නැගෙනවා. ඒ සතුට දිගටම පවතීවා! (නදී)
දිසාපති කියලා කියන්නෙත් රජයේ නිලදරුවෙක් (නි)
වැල යන පැත්තට මැස්ස ගහනවා.(නදී)
අර ගම්පොල පාසලේ විදුහලිපතිට හොද ටොක්කක් යාපනේ දිසාපති තුමා ඇනල තියෙන්නේ . (අ)
බුදුහිමි දෙසූ සදහම් මඟ දේ සිසිල - දෑ කුල ගොත් කිසිත් නැත එම දහම තුළ -පින්වත් පින්වන්තයනි නොකර අරගල - තැන්පත් කරගනිමු බුදුදහම හදතුල. (ස)
අපේ කෝවිල් අැතුලේ පංසල් ගැහුවොත් සෙනග එයි. (ස)
ඔය "ඥානමී" කියන්නෙ මීයෙකුගෙ පමණ ඥානයක් තියෙන නිසා වෙන්න ඇති මගෙ හිතේ. (ස)
ඥානමි කියන්නේ ඥානයෙන් සර්ව සමිපුර්ණ කියන ඒකයි. (ස)
අපේ සමහරුන්ට දැන් මේකත් ප්‍රශ්නයක් (නි)
අර මැයි දිනේට වගේ බස් වලින් සෙනඟ ටිකක් කොළඹින් ගෙනාවා නම් හෙඳයි නේද? (ස)
මුළු රටටම ප්‍රීති වෙසක් (දී)
මෙවැනි උතුම් ක්‍රියාවක් කල ඔබ තුමාටත් සහය දුන් සැමටත් ගොඩක් පින්, හැම දේකම ඇදයක් කියන්න බලා සිටින උදවිය ගැන මේ උතුම් පොහෝ දිනයේ මගේ බලවත් කනගාටුව (දී)