IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යනවාද නැද්ද හෙළ උරුමයේ තීරණය අද

ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා වලට ලැබුණු ප්‍රතිචාර සාකච්ඡා කරන හා ආණ්ඩුවෙන් යන්නේදැයි තීරණය කරන විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව හෙළ උරුමයේ ආරංචි මාර්ග කියයි.

හෙළ උරුමට ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ඉදිරිපත් වී ඇති යෝජනාව මෙම විශේෂ රැස්වීමේ දී සම්මත වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ජනපතිවරණයට පෙර ඉටු නොකළහොත් නියත වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ මතය බව ද දැනගන්නට ඇත.



අදහස් (0)

යනවාද නැද්ද හෙළ උරුමයේ තීරණය අද

දිසානායක Tuesday, 18 November 2014 12:32 AM

ඉදිරියේදී මේ රට වැටෙන ආර්ථික අගාධයට වැටෙන්නට ඉඩනොදී, මේ ශ්‍රී ලංකාවේ නාමයෙන්, පාට පාට දේශපාලනයෙන් තොරව,තමන් උපන් මව්බිමේ නාමයෙන් මේ ප්‍රබල විපක්ෂය සමඟ එකතු වෙන්න (නි)

:       0       0

ජයසෝම වැල්ලම්පිටිය Monday, 17 November 2014 01:47 PM

යන්නකෝ අනේ , ඉන්න එපා , තමන්ට නොහිබිනා තැන්වල.(හේ)

:       0       0

අනුල Tuesday, 18 November 2014 01:16 AM

මොනවා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කුමාර Monday, 17 November 2014 02:04 PM

මේ කරුමේ රටෙන්ම යනවානම් තමා හොඳ.(අ)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Monday, 17 November 2014 02:11 PM

මගේ විශ්වාසය නම් හෙළ උරුමය සන්ධානයෙන් ඉවත් වෙන්නේ නම් නැහැ.(අ)

:       0       0

සේනක Monday, 17 November 2014 02:21 PM

තවදුරටත් ඇදෙන්නේ නැතුව විසදුනා නම් ලොකු දෙයක්.(හේ)

:       0       0

බණ්ඩා Monday, 17 November 2014 02:30 PM

නමට පක්ෂ යන එකම තමා හොද . (අ)

:       0       0

සත්‍යපාල Tuesday, 18 November 2014 01:46 AM

බාලසුරිය මහත්තයෝ, ආණ්ඩුවේ ඇතුළේ ඉන්නකොට,ආණ්ඩුවේ හැමදෙයකටම අත උස්සනකොට චීවරධාරීන් හට දේශපාලනය කිරීම ගැන ප්‍රශ්නයක් තිබුනාද? අද හෙළ උරුමය ආණ්ඩුවට විරුද්ධව තම මතය ප්‍රකාශ කරනකොට තමයි මේ න්‍යාය මතක්වෙන්නේ. (නි)

:       0       0

රන්ජිත් Monday, 17 November 2014 03:03 PM

ආණ්ඩුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ජනපතිවරණයට පෙර ඉටු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත් වන්න මැතිවරණයකට තව වසර දෙකක් තියෙනවා මොකද කරන්න බැරි බොරුවනේ රජය කරන්නේ අයින් වෙන්න රටේ ඉදිරිය වෙනුවෙන් හරි තීරණේ ගන්න.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 17 November 2014 03:08 PM

ගියොත් ඉතින් ඒ එක්කම මතක බණක් කියල පාන්ෂකුලෙත් දීල සොහොන් කොතකුත් බැදන් ගියාම ලේසියි .රතන හැමදුරුවන්ට ඕන විදියට හෙළ උරුමය ක්‍රියා කරනවානම් අනිවාර්යයෙන් හෙළ උරුමයට දේශපාලන මරණය නියතයි...(අ)

:       0       0

බවර් -පැරිස් Monday, 17 November 2014 03:55 PM

පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ නම යෝජනා කරමි.(හේ)

:       0       0

නිමල් Monday, 17 November 2014 04:07 PM

අයින් වෙන්න හොරුත් එක්ක බැහැ !(හේ)

:       0       0

කසුන් Monday, 17 November 2014 04:18 PM

රටේ වෙනසක් බලපොරෝතුවෙනවා මොකද මේ යන ක්‍රමය ඉදිරියට හොද නැහැ තනිකර එකාදී පති පාලනයක් ගෙනියන්න බලපොරෝතුවෙන්නේ නැවත ලේ ගංගාවකට මුල පුරන්නේ. (අ)

:       0       0

අජිත් Monday, 17 November 2014 04:22 PM

රට හරිමගට ගන්න ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා හරියට හරි ඉදිරිය ගැන හිතල හරි තීරණයක් අරන් තියෙන්නේ මේ ගැන බුද්දීම්ත්ව බලන්න (අ)

:       0       0

සමන් පැරිස් Monday, 17 November 2014 04:24 PM

පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඉතා සුදුසුයි. ජයවේවා !!! (අ)

:       0       0

සම්පත් Monday, 17 November 2014 04:24 PM

ආණ්ඩුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ජනපතිවරණයට පෙර ඉටු නොකළහොත් නියත වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ මතය හරියට හරි යන්නම ඕනි මේ ආණ්ඩුවෙන්. (අ)

:       0       0

ශාන්ත පැරිස් Monday, 17 November 2014 04:26 PM

කියපු දේ කරන පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඉතා සුදුසුයි. (අ)

:       0       0

ශාන්ත පැරිස් Monday, 17 November 2014 04:29 PM

බලය රැඳෙන්න තන්හව නැති පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි තමයි එකම සුදුස්සා !!! (අ)

:       0       0

ඉසුරි පැරිස් Monday, 17 November 2014 04:37 PM

පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි බවර් පැරිස් මම ඔබගේ යෝජනාව ස්ථිර කරමි. (අ)

:       0       0

නිමල් Monday, 17 November 2014 04:42 PM

අනිවාර්යයෙන්ම රටේ වෙනසක් වෙන්න ඕනෑ (නි)

:       0       0

නිස්සංක Monday, 17 November 2014 04:47 PM

මටනම් මේ ආණ්ඩුව යන දිසාව කිසිම පැහැදීමක් නැහැ තනිකර තියෙන්නේ ගසා කෑමක් රටේ නිතිය වල් වැදිලා අතුරලියේ රතන හිමි ගේ මතය හරි වෙනසක් වෙන්න ඕනි කාලේ හරි. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 18 November 2014 03:49 AM

පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි තමයි එකම සුදුස්සා !!! (නි)

:       0       0

දිලාන් Tuesday, 18 November 2014 04:04 AM

බාලසුරිය මහත්තයට පුජ්‍ය පක්ෂය සන්ධාන ගත වෙනකොට ඔය ප්‍රතිපත්තිය තිබුනේ නැති එක හරි පුදුමයි නේ ? ඇහුවට තරහ වෙන්න එපා ලඟදි වෙන්න ඇති පන්සල පැත්තේ යන්න පටන් ගත්තේ. (නදී)

:       0       0

යොමාල් Monday, 17 November 2014 05:45 PM

අපි නම් ඔය මොන බලවේගයක්වත් ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

සුනෙත් Monday, 17 November 2014 06:19 PM

ගියොත් නම් ඔන්න අපි දන්නෙ නැහැ කිසිම දෙයක් (නි)

:       0       0

සේනාදීර Monday, 17 November 2014 06:21 PM

රතන හාමුදුරුවන්ගේ අදහස් වලට මම නම් කැමති නැහැ (නි)

:       0       0

යසිරු Tuesday, 18 November 2014 04:14 AM

බාලසුරිය බලාපොරොත්තු වෙන්නේ පුජ්‍ය පක්ෂය ආණ්ඩුවට එහෙයි කියාගෙන ඉන්නතාක් දේශපාලනයට සුදුසුයි කැපයි කියාද. (නි)

:       0       0

යසිරු Tuesday, 18 November 2014 04:14 AM

ඉඳලා වැඩක් නෑ ගියානම් තමයි හොද?(හේ)

:       0       0

ජයසිරි Monday, 17 November 2014 06:58 PM

දැන් මේ සමහරුන්ට ඕනෑ වෙලා තියෙන වෙනස මොකක්ද හැබෑටම? (නි)

:       0       0

සූරියසේන Monday, 17 November 2014 07:51 PM

මේක නම් අමුතුම දේශපාලන ක්‍රීඩාවක් වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

බාලසුරිය කොලොන්නාව Monday, 17 November 2014 08:26 PM

බෞද්ධයෙකු හැටියට සහ බෞද්ධාගම ඉගෙනගත් , සිංහල බෞද්ධයකු වන මා කිසිසේත් චීවරධාරීන් දේශපාලනය කිරීම අනුමත කරන්නේ නැහැ. ඔවුන්ට කරන්නට බොහෝ දේවල් තියෙනවා. චීවරධාරීන්ට තිබෙන්නේ ජනතාව අතරට ගොස් බුදුදහම පහදා දී, මිනිසුන් යහමඟට සහ බෞද්ධ දර්ශනයට යොමුකිරීමයි. හිමියනි, ඔබගෙන් අප බලාපොරොත්තු වන්නේ එයයි (නි)

:       0       0

චමිලා Tuesday, 18 November 2014 10:55 AM

හිටිය කියලා රටට මොනවාද කලේ ? (හේ)

:       0       0

චානක Monday, 17 November 2014 10:30 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 875 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site