ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා වලට ලැබුණු ප්‍රතිචාර සාකච්ඡා කරන හා ආණ්ඩුවෙන් යන්නේදැයි තීරණය කරන විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව හෙළ උරුමයේ ආරංචි මාර්ග කියයි.
හෙළ උරුමට ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ඉදිරිපත් වී ඇති යෝජනාව මෙම විශේෂ රැස්වීමේ දී සම්මත වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ජනපතිවරණයට පෙර ඉටු නොකළහොත් නියත වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ මතය බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී මේ රට වැටෙන ආර්ථික අගාධයට වැටෙන්නට ඉඩනොදී, මේ ශ්‍රී ලංකාවේ නාමයෙන්, පාට පාට දේශපාලනයෙන් තොරව,තමන් උපන් මව්බිමේ නාමයෙන් මේ ප්‍රබල විපක්ෂය සමඟ එකතු වෙන්න (නි)
යන්නකෝ අනේ , ඉන්න එපා , තමන්ට නොහිබිනා තැන්වල.(හේ)
මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
මේ කරුමේ රටෙන්ම යනවානම් තමා හොඳ.(අ)
මගේ විශ්වාසය නම් හෙළ උරුමය සන්ධානයෙන් ඉවත් වෙන්නේ නම් නැහැ.(අ)
තවදුරටත් ඇදෙන්නේ නැතුව විසදුනා නම් ලොකු දෙයක්.(හේ)
නමට පක්ෂ යන එකම තමා හොද . (අ)
බාලසුරිය මහත්තයෝ, ආණ්ඩුවේ ඇතුළේ ඉන්නකොට,ආණ්ඩුවේ හැමදෙයකටම අත උස්සනකොට චීවරධාරීන් හට දේශපාලනය කිරීම ගැන ප්‍රශ්නයක් තිබුනාද? අද හෙළ උරුමය ආණ්ඩුවට විරුද්ධව තම මතය ප්‍රකාශ කරනකොට තමයි මේ න්‍යාය මතක්වෙන්නේ. (නි)
ආණ්ඩුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ජනපතිවරණයට පෙර ඉටු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත් වන්න මැතිවරණයකට තව වසර දෙකක් තියෙනවා මොකද කරන්න බැරි බොරුවනේ රජය කරන්නේ අයින් වෙන්න රටේ ඉදිරිය වෙනුවෙන් හරි තීරණේ ගන්න.(හේ)
ගියොත් ඉතින් ඒ එක්කම මතක බණක් කියල පාන්ෂකුලෙත් දීල සොහොන් කොතකුත් බැදන් ගියාම ලේසියි .රතන හැමදුරුවන්ට ඕන විදියට හෙළ උරුමය ක්‍රියා කරනවානම් අනිවාර්යයෙන් හෙළ උරුමයට දේශපාලන මරණය නියතයි...(අ)
පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ නම යෝජනා කරමි.(හේ)
අයින් වෙන්න හොරුත් එක්ක බැහැ !(හේ)
රටේ වෙනසක් බලපොරෝතුවෙනවා මොකද මේ යන ක්‍රමය ඉදිරියට හොද නැහැ තනිකර එකාදී පති පාලනයක් ගෙනියන්න බලපොරෝතුවෙන්නේ නැවත ලේ ගංගාවකට මුල පුරන්නේ. (අ)
රට හරිමගට ගන්න ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා හරියට හරි ඉදිරිය ගැන හිතල හරි තීරණයක් අරන් තියෙන්නේ මේ ගැන බුද්දීම්ත්ව බලන්න (අ)
පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඉතා සුදුසුයි. ජයවේවා !!! (අ)
ආණ්ඩුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ජනපතිවරණයට පෙර ඉටු නොකළහොත් නියත වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ මතය හරියට හරි යන්නම ඕනි මේ ආණ්ඩුවෙන්. (අ)
කියපු දේ කරන පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඉතා සුදුසුයි. (අ)
බලය රැඳෙන්න තන්හව නැති පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි තමයි එකම සුදුස්සා !!! (අ)
පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි බවර් පැරිස් මම ඔබගේ යෝජනාව ස්ථිර කරමි. (අ)
අනිවාර්යයෙන්ම රටේ වෙනසක් වෙන්න ඕනෑ (නි)
මටනම් මේ ආණ්ඩුව යන දිසාව කිසිම පැහැදීමක් නැහැ තනිකර තියෙන්නේ ගසා කෑමක් රටේ නිතිය වල් වැදිලා අතුරලියේ රතන හිමි ගේ මතය හරි වෙනසක් වෙන්න ඕනි කාලේ හරි. (අ)
පොදු අපේක්ෂකයා හැටියට ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි තමයි එකම සුදුස්සා !!! (නි)
බාලසුරිය මහත්තයට පුජ්‍ය පක්ෂය සන්ධාන ගත වෙනකොට ඔය ප්‍රතිපත්තිය තිබුනේ නැති එක හරි පුදුමයි නේ ? ඇහුවට තරහ වෙන්න එපා ලඟදි වෙන්න ඇති පන්සල පැත්තේ යන්න පටන් ගත්තේ. (නදී)
අපි නම් ඔය මොන බලවේගයක්වත් ගණන් ගන්නේ නැහැ (නි)
ගියොත් නම් ඔන්න අපි දන්නෙ නැහැ කිසිම දෙයක් (නි)
රතන හාමුදුරුවන්ගේ අදහස් වලට මම නම් කැමති නැහැ (නි)
බාලසුරිය බලාපොරොත්තු වෙන්නේ පුජ්‍ය පක්ෂය ආණ්ඩුවට එහෙයි කියාගෙන ඉන්නතාක් දේශපාලනයට සුදුසුයි කැපයි කියාද. (නි)
ඉඳලා වැඩක් නෑ ගියානම් තමයි හොද?(හේ)
දැන් මේ සමහරුන්ට ඕනෑ වෙලා තියෙන වෙනස මොකක්ද හැබෑටම? (නි)
මේක නම් අමුතුම දේශපාලන ක්‍රීඩාවක් වගෙයි පෙනෙන්නේ (නි)
බෞද්ධයෙකු හැටියට සහ බෞද්ධාගම ඉගෙනගත් , සිංහල බෞද්ධයකු වන මා කිසිසේත් චීවරධාරීන් දේශපාලනය කිරීම අනුමත කරන්නේ නැහැ. ඔවුන්ට කරන්නට බොහෝ දේවල් තියෙනවා. චීවරධාරීන්ට තිබෙන්නේ ජනතාව අතරට ගොස් බුදුදහම පහදා දී, මිනිසුන් යහමඟට සහ බෞද්ධ දර්ශනයට යොමුකිරීමයි. හිමියනි, ඔබගෙන් අප බලාපොරොත්තු වන්නේ එයයි (නි)
හිටිය කියලා රටට මොනවාද කලේ ? (හේ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්... (නි)