කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු වූ අරුලානන්දන් නිශාන්තන් රුපියල් කෝටි 24කට අධික වටිනාකමකින් යුතු හෙලිකොප්ටර් යානයක් විනාශ කිරීමට යොදා ගත් ගුවන් යානා මිසයිල කොපුව ගුවන් හමුදා කෞතුකාගාරයට ලබාදීම සදහා රත්මලාන ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරීවරයාට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතිසි නිකුත් කළේය.
ති‍්‍රකුණාමලය මහාධිකරණයේදී ඔහු නිදහස් විය.
මොහු ප‍්‍රභාකරන්ගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු බවත් ගුවන් යානා නාශක මිසයිල පුහුණුවක්ද ලබා ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 24ක රාජ්‍ය දේපල විනාශ කිරීමට මෙම හිටපු කොටියට දෙන දඬුවම මොකක්ද.? පොදු දේපල පනත ක්‍රියාත්මක කරන්නේ නැද්ද (බ)
එයාට කවදහරි දවසක ගුවන් හමුදා කෞතුකාගාරයට ගිහිල්ල බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් මෙන්න මේකෙන් ගහල තමයි මම උඹලගෙ ෆලයිට් එක බිමදාල ඒකෙ හිටපු අය මැරුවෙ කියල.(අ)
කමක් නැහැ. ඒ කොටියා නිදහස්. වීරෝදාර රණවිරුවන් ,සිංහල බෞද්ධ අයිතිය ගැන කතා කරන බෞද්ධ භික්ෂුන් , සිරගෙට යවන්න. (බ)
දවසක කොටින්ගේ ඔක්කොම ඊලාම් සිහිවටන දාලා ඊලාම් කියලම කෞතුකාගාරයක් හදාවි. (අ)
මෙය කෞතුකාගරයක තැබීමට සුදුසු නැත. මෙවැනි අපරාධයක් කළ අයෙකු නිදහස් කිරීමද ඉතා නරක ආදර්ශයකි.(බ)
නියම සිංහල දේශපාලන නායකයෙක් නැති සිංහල ජාතියට වින කරන හැම ද්‍රෝහියෙකුටම සාප වේවා. (බ)
ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු කටයුතු සඳහා භාවිතා කල අවි කෞතුකාගාර වල තැන්පත් කර මහජන ප්‍රධාර්ශනයට තැබීම රටේ අභිමානයට කැළලක්. මා පදිංචි රටේත් දෙවැනි ලෝක යුධයේදී පාවිච්චි කරනලද අවි කෞතුකාගාර රැසක් තිබෙනවා. එහෙත් ඒවා බොහෝවිට තිබෙන්නේ ජර්මන් හමුදා පරාජය කිරීම සඳහා හෝ ජර්මන් හමුදා මෙරට ආක්‍රමණය කරද්දී අල්ලා ගත් අවි වීම කැපී පෙනෙනනවා. (ර)