මහරගම කඩයකි. වැඩිපුරම නිමි ඇඳුම් විකුණයි. නමේ හැටියට සුවඳ ගහයි. ඒත් ඩිස්කවුන්ට් සෙල්ලමෙන් විජ්ජා පෙන්වයි. ගුරුදා රාත්‍රී පාරිභෝගිකයෙක් යට ඇඳුම් කිහිපයක් මිලට ගත්තේය.
එකක මිල රුපියල් 190 ක් ලෙස බාර්කෝඩ් සංකේතයද සමග එහි සඳහන් කර ඇත. අනෙක් ජාතියෙන්ද එකක මිල රුපියල් 285කි. බිල ගෙවූ පසු පාරිභෝගිකයා අයකැමිවරියගෙන් ඇසුවේ එක් වර්ගයක ඇඳුමකට රුපියල් 220 ක් ලෙස දක්වා එයින් රුපියල් 30ක් අඩුකර ඇත්තේ ඇයිද යනුවෙනි. ‘සර්ට හොඳ ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා‘ ඉන් එහා ඇය සමග කථාවට නොගිය පාරිභෝගිකයා බිලත් බඩුත් සාක්කුවේ දමාගෙන ගෙදර ගියේය.
බිලේ හැටියට ඔහුට රුපියල් 180 ක් ඩිස්කවුන්ට් දී ඇත. ඒත් එක් ඇඳුමක මිල රුපියල් 190ක් බව එහි අලවා ඇති බාර්කෝඩ් සංකේතයේ සඳහන්වේ. බොහෝ කඩකාරයන් මේ විදියට මේ ඩිස්කවුන්ට් කපටිකම කරතියි කියති. රුපියල් 190ට මිල නියම කර ඇති භාණ්ඩය රුපියල් 220ක් යැයි බිලෙහි සඳහන් කර එයින් රුපියල් 30 ක් අඩුකළ විට ලැබෙන උත්තර 190කි. රුපියල් 190 සේ භාණ්ඩයේ සඳහන් කර තිබියදී බොරු ගණනක් දමා ඩිස්කවුන්ට් දෙන බව බිලේ ලිවීම මහා සෙප්පඩ විජ්ජාවකියි මේ පාරිභෝගිකයා කියයි.
මේ ඩිස්කවුන්ට් ප්‍රෝඩාව පාරිභෝගිකයා ගොනාට ඇන්ඳවීමකියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමේ හැටියට ගඳ තියෙන්නේ .නාසයට දැනෙන එකම දේ ගඳ පමණයි. (ස)
බාර් කෝඩ් ලේබලේ 285 තිබුනත් කෝඩ් එක වෙන මිලකට හෝ ප්‍රතිශතයකට වට්ටම් දෙන්න ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. (නදී)
බාර් කෝඩ් එක ලේසර් එකට අල්ලලා බිල් කරනවා නම් අයකැමිවරියට යමක් කරන්න බෑනේ.(ස)
මැරුන එකටත් දැන් වාසි ගණන් (නදී)
මැරුන එකටත් දැන් වාසි ගණන් (නදී)
දැන දැනම ඔහොම තැන් වලට යන අයට හොඳ වැඩේ (නි)
එතකොට මෙයා ලස්සනට අදින්න ගිහින් තියෙන්නේ යට ඇඳුම්ද? (අ)
තමගේ යටට අඳින ඇඳුමටත් ඩිස්කවුන්ට් ගන්න ගියාම ඔහොම වෙනවා. ඕවා ඔච්චර ගණන් ගන්න එපා (නි)