මහරගම කඩයකි. වැඩිපුරම නිමි ඇඳුම් විකුණයි. නමේ හැටියට සුවඳ ගහයි. ඒත් ඩිස්කවුන්ට් සෙල්ලමෙන් විජ්ජා පෙන්වයි. ගුරුදා රාත්‍රී පාරිභෝගිකයෙක් යට ඇඳුම් කිහිපයක් මිලට ගත්තේය.
එකක මිල රුපියල් 190 ක් ලෙස බාර්කෝඩ් සංකේතයද සමග එහි සඳහන් කර ඇත. අනෙක් ජාතියෙන්ද එකක මිල රුපියල් 285කි. බිල ගෙවූ පසු පාරිභෝගිකයා අයකැමිවරියගෙන් ඇසුවේ එක් වර්ගයක ඇඳුමකට රුපියල් 220 ක් ලෙස දක්වා එයින් රුපියල් 30ක් අඩුකර ඇත්තේ ඇයිද යනුවෙනි. ‘සර්ට හොඳ ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා‘ ඉන් එහා ඇය සමග කථාවට නොගිය පාරිභෝගිකයා බිලත් බඩුත් සාක්කුවේ දමාගෙන ගෙදර ගියේය.
බිලේ හැටියට ඔහුට රුපියල් 180 ක් ඩිස්කවුන්ට් දී ඇත. ඒත් එක් ඇඳුමක මිල රුපියල් 190ක් බව එහි අලවා ඇති බාර්කෝඩ් සංකේතයේ සඳහන්වේ. බොහෝ කඩකාරයන් මේ විදියට මේ ඩිස්කවුන්ට් කපටිකම කරතියි කියති. රුපියල් 190ට මිල නියම කර ඇති භාණ්ඩය රුපියල් 220ක් යැයි බිලෙහි සඳහන් කර එයින් රුපියල් 30 ක් අඩුකළ විට ලැබෙන උත්තර 190කි. රුපියල් 190 සේ භාණ්ඩයේ සඳහන් කර තිබියදී බොරු ගණනක් දමා ඩිස්කවුන්ට් දෙන බව බිලේ ලිවීම මහා සෙප්පඩ විජ්ජාවකියි මේ පාරිභෝගිකයා කියයි.
මේ ඩිස්කවුන්ට් ප්‍රෝඩාව පාරිභෝගිකයා ගොනාට ඇන්ඳවීමකියි කියති.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යන්නේ ලස්සනට අඳින්න : එන්නේ ගොනාට ඇඳගෙන
සමන්ති Thursday, 16 July 2015 01:50 PM
නමේ හැටියට ගඳ තියෙන්නේ .නාසයට දැනෙන එකම දේ ගඳ පමණයි. (ස)
අසෝක Saturday, 18 July 2015 04:54 AM
බාර් කෝඩ් ලේබලේ 285 තිබුනත් කෝඩ් එක වෙන මිලකට හෝ ප්‍රතිශතයකට වට්ටම් දෙන්න ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. (නදී)
විශ්ව Thursday, 16 July 2015 02:11 PM
බාර් කෝඩ් එක ලේසර් එකට අල්ලලා බිල් කරනවා නම් අයකැමිවරියට යමක් කරන්න බෑනේ.(ස)
දුමින්ද Saturday, 18 July 2015 05:23 AM
මැරුන එකටත් දැන් වාසි ගණන් (නදී)
දුමින්ද Saturday, 18 July 2015 05:23 AM
මැරුන එකටත් දැන් වාසි ගණන් (නදී)
යෝනක Thursday, 16 July 2015 11:00 AM
දැන දැනම ඔහොම තැන් වලට යන අයට හොඳ වැඩේ (නි)
පමණ Friday, 17 July 2015 03:53 AM
එතකොට මෙයා ලස්සනට අදින්න ගිහින් තියෙන්නේ යට ඇඳුම්ද? (අ)
කින් බෙනට් Thursday, 16 July 2015 04:52 PM
තමගේ යටට අඳින ඇඳුමටත් ඩිස්කවුන්ට් ගන්න ගියාම ඔහොම වෙනවා. ඕවා ඔච්චර ගණන් ගන්න එපා (නි)