ගාල්ල වරාය සංචාරක රුවල් ඔරු නවත්වන ස්ථානයක් හා මගී නැව් පැමිණෙන වරායක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා ජපන් අරමුදල් යෙදවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශය ලබාගැනීමට අවශ්‍ය සියලු සැලසුම් සකස්කරමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ලෝක උරුම ගාල්ල කොටුව සඳහා වූ කළමනාකරණ සැලැස්ම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමේ දී ගාලු උරුමය පදනම පවසයි.
ගාල්ල වරාය පුළුල් වාණිජ නගරයක් ලෙස වැඩිදියුණු කිරීමේ සැළැස්මක් කලින් යෝජනා වී තිබිණි. එසේ වුව ද ඒ පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් පැහැදිලි වූයේ එලෙස වරාය පුළුල් කිරිමේ දී ලෝක උරුමයක් වන ගාලු කොටුවට හානි සිදුවිය හැකි බවයි. එබැවින් එම සැළැස්ම හකුළා ගැණිනි. පසුව ගාල්ල වරාය රුවල් ඔරු නවත්වන ස්ථානයක් හා මගී නෞකා පැමිණෙන වරායක් ලෙස වැඩිදියුණු කිරීමට සැළසුම් සකස් කැරිණි. මෙලෙස වරාය සංවර්ධනය සඳහා ජපන් ආධාර ලැබීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක් (හේ)
වැඩක් නැහැ කියන හම්බන්තොට වරයට ගෙන ගියා නම් ඉවරයිනේ. සල්ලිත් ඉතුරුයි. රට වටේ මුහුද තිබුන පළියට රට වටේ වරායන් හදන්න ඕනෑ නැහැනේ. (නි)
බොහම හොද වැඩක් (අ)
ඕවා තියෙන විදිහටම තියෙන්න අරිනවා නම් වැඩිය හොඳයි (නි)