හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාවේ අවසන් දිනය වන අද (1) පාගමන කිරිබත්ගොඩින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකවරු කියති.
පෙරවරු 10ට පමණ කිරිබත්ගොඩට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස එහි සංවිධානය කර තිබූ රැලියකට එක්වූහ. බෙංගමුවේ නාලක හිමියෝ එහි සිටින පිරිස පන්සිල්හි පිහිටුවා පාගමනට ආශිර්වාද කළහ. රැලිය ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඉතිහාසයේ දැවැන්තම පාගමන මෙය බවයි. පාගමන පිටත්වීමට දැන් හොඳ නැකැත් වේලාව බවද කී හිටපු ජනපති මෙය ආණ්ඩුව පළවා හැරීමේ වෙඩි මුරයක් බවද පැවසීය.
ජායාරූප - ළහිරු හර්ෂණ
ජායාරූප - තරිඳු ජයවර්ධන



















COMMENTS
රටට වින කරන අය තමයි මේ ඉන්නේ මහින්ද විනාශ කළා තවත් විනාශ කරනවා (බ)
මේ ආණ්ඩුවෙන් වෙන සෙතක් නැති බව ඇත්තයි..එත් මේ පාද යාත්‍රා කළා කියලා අමුතුවෙන් වෙන සෙතකුත් නෑ (රේ)
පාර අවහිරවන මෙම යාත්‍රා ඉක්මණින්ම අවසන් වේවා! (නි)
තව ටික වේලාවකින් මේ ගැන දැනගන්න ලැබෙයි.(හේ)
කිසිම අර්ථයක් නැති වැඩක් (නි)
සිංහයෙක් වගේ හිටිය මහින්ද මහත්තයා නේද මේ පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ. දකිනකොටත් දුකයි (නි)
පොඩි ඉඩක කොටු ගහලා මිනිස්සු ගාල් කරලා මෙච්චර ආවා කියලා සතුටු වෙන්න. අපිටත් අහන්න වෙන්නේ දැන් සතුටුද කියලයි. රවටාගන්නේ තමාවම නේද (නි)
මේ අයට මුකුත් සංග්‍රහයක් එහෙම නැද්ද ලැහැත්ති කරලා.(හේ)
රට රැකීමට පෙරට යන ඔබ සැමට උණුසුම් සුබ පැතුම්.(හේ)
කුමක් සිදුවේද?(හේ)
මෙයාට නැකත දුන්නේ ඉස්සෙලා තැනින්මද දන්නේ නැහැ.(හේ)
රටට වින කරන අය තමයි මේ ඉන්නේ මහින්ද විනාශ කළා තවත් විනාශ කරනවා (බ)
අනේ පවු. බෝධිසත්වයෝ ටිකයි මෙතන ඉන්නේ. (බ)
ගල් පොලු වෙඩි පහරවල් නැත යහපාලනයේ පිහිටයි (බ)
මේක කාලයාත්ත්‍රාවක් වගෙයි පෙනෙන්නේ..(රේ)
රටටම පිළිලයක් වූ යුද්ධය නැති කරපු එකත් ,අපේ රණ විරුවන් වත් අමතක කරන්න එපා ..(රේ)
අවසන් දිනයේදී කුමක් සිදුවේද?(හේ)
බලමුකෝ සෙනඟ කොපමන ඉදීද කියලා.(හේ)
ජය ජය රට පාවාදෙන, බටහිර ගැති රුකඩ වැඩබැරි ආණ්ඩුව පන්නමු..රට පාවාදී සංවර්ධනය නතර කල , බෙදුම්වාදයට දොළ පිදේනි දෙන කුමන්ත්‍රණය පරදවමු ...හමුදාව සුදානම් අප ඔබ සමගයි නියෝගය පමණක් දෙන්න...!(අ)
ආයිත් නැකැත් වේලාව. නැකැත් වේලාව බලලා තමයි මෙයාට අවුරුදු 2ක් කලින් ගෙදර යන්නත් වුනේ, පාගමන යන්නත් වුනේ. (හේ)
රටට වෙලා තියන සෙතේ පිටරට ඉන්න උදවියට තේරෙන්නේ නැහැ ,සල්ලි තියෙන මුදලාලිලාටත් දැනෙන්නේ නැහැ තුන්වැනි පන්තියේ අපි වගේ දුපත් මිනිස්සුයි බැටකන්නේ. අපේ ඡන්දය අරගෙන බලය ලබාගෙන අපිට කොකා පෙනවන යහපාලනය හරිම කැතයි (බ)
අකුරු කියවන්න ලියන්න තේරුම් ගන්න බැරි රට ලෝකය ගැන හයක් හතරක් නොදන්නා මිනිස්සු ගැන දුකයි. එත් අවසාන ෆොටෝ එක දැක්කම ඊටත් වඩා දුකයි..(රේ)
මෙලෝ රහක් නැහැනේ..(රේ)
මේකට තමා කියන්නේ බලේ තියන කොට මොලේ නැ මොලේ තියන කොට බලේ නැ කියල මාර දුකක් හිතෙනවා අප්පා අපි ගැන හිතලා පුදුම වදයක් නේ විදින්නේ මේ මහත්තුරු නරකද සිසිල් බිම ටිකවත් දුන්නොත් (බ)
වෙන රටවල ඉන්න දේශපාලකයන්ට තියෙන ප්‍රශ්න තමයි අලුත් දේවල් රටේ හදන්නේ කොහොමද, රටේ අදායම වැඩි කරගන්නේ කොහොමද, ජනතාවට හොද ජීවන තත්වයක් දෙන්නේ කොහොමද කියන එක.....(බ)
යහපාලනේට එරෙහි පිරිස මෙපමණ නම් ගොඩක් සතුටුයි. (හේ)
අනේ හාමුදුරුවරුනේ, ඔය වැඩ කරන්නේ නැතුව යන්න දුර ගම්නියම් ගම් වලට. ගිහින් මිනිසුන්ට ධර්මය අවබෝධ කරවලා රට ජාතිය පිළිබඳව අවබෝධයක් ලබාදෙන්න. මතකද බුදුරජාණන් වහන්සේ පිටිසර ගම්නියම් ගම් වලට වැඩියා. ඔය කරන වැඩවල ඉස්සරහ ඉන්න පිරිස විහින් පරාජයවුණු පිරිසක්. ඔය සිවුර කෑලි 52 කට කපලා තියෙන්නේ කුඹුරු යායක් මතක් කරන්න. නැතුව එම සිවුර ඇඳගෙන සෙල්ෆෝන් වල එල්ලිලා, ෆේස්බුක් වල එල්ලිලා කෝලම් නටන්න නෙමෙයි (නි)