
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බදු පදනම යටතේ ගුවන්යානා 11ක් ලබාගන්නේ එය ප්‍රතිව්‍යුහගතකරන තුරු පවත්වාගෙනයාමට බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ව්‍යාපාරයක් වැටුණු පසු ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බව කී ඇමතිවරයා දැනට ලබාගෙන ඇති ගුවන්යානාවල බදු කාලය අවසන් වුවහොත් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ව්‍යාපාරයක් නැතිවන බව ද සඳහන් කළේය.
මෙය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් පවත්වාගෙන නොගියහොත් ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවන්නේ කේඩෑරි වූ ව්‍යාපාරයක් ලෙස බවද ඇමතිවරයා කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ කට. ඔයා ගනුදෙනුවලදී හම්බවෙන කොමිස් ගැනත් කියන්නකෝ.
කොපමණ කාලයකටද? පැහැදිලි දැක්මක් නැති පඩංගු ටියුෂන් ගුරෙක් නොදන්න බයිල කියවනවා.