(අංජුල මහික වීරරත්න සහ මඩුකන්ද සිතුම් චතුරංග)
යෝධ වැව අභය භූමි ජල පෝෂක ප්‍රදේශයේ මායිම් ගල් දැමීමට බාධා කරන අය වහා අත්අඩංගුවට ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්නාරම දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පොලිසියට දැනුම් දුන්නේය.
යෝධ වැව අභය භූමි ජල පෝෂක ප්‍රදේශයේ අනවසරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳවද මෙහිදී නිලධාරීන් ජනාධිපතිවරයාට කරුණු සැල කර සිටි අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ඉහත දැනුම් දීම කළේය.
වැවේ මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එහිදී නිලධාරීන් කීවේ පුද්ගලයන් 40 දෙනකු විසින් මෙහි ඉඩම් අක්කර 293ක් අල්ලාගෙන සිටින අතර අඳ ගොවියන්ට එම ඉඩම් වගා කිරීමට ලබාදී තිබෙන බවයි.
ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේ මෙලෙස ඉඩම් අල්ලා ගත් අය සාමාන්‍ය ගොවීන් නොව වෙන බලයක් තිබෙන අය විය හැකි බවයි.
වැව් ,වන ජීවී ආදියට අයත් ඉඩම් එම ආයතන සතු කර ගත යුතු බව කී ජනාධිපතිවරයා එලෙස අත්පත් කර ගැනීමෙන් පසු යම් ප්‍රමාණයක් බැහැර කළ හැකිදැයි කියා දෙවැනිව සිතිය යුතු බව සඳහන් කළේය.
" මෙතරම් බලයක් තියෙන අය කවුද? මායිම් ගල් දැමූ පසු ඊට වෙන කවුරුන් හෝ ඇතුළු වෙනවා නම් ඒ අය අත් අඩංගුවට ගන්න" යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම කමිටු රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම රට කන්න හවුල්වෙච්ච අය. තාමත් හොරකම අතහැරල නෑ. සෑහෙන කලක් යයි පුරුදුවලින් ගලවගන්න.
අර නිළදාරින්ව මාරු කර කර අනුරාධපුර පූජාභූමියේ හෝටලයක් ගහගෙන ඉන්න මාලිමාවේ චන්ඩියා ඇල්ලුවද?
වැවට දාල හෝදලම දාමු.
චංඩි අල්ලන්න චංඩි ...
මේ ඉඩම් අල්ලාගෙන ඇත්තේ අනිවාර්යෙන් පොහොට්ටුවේ ගොට්ටෝ.. ජනාධිපති තුමනි නියෝග කලාට ප්‍රමාණවත් නැහැ.. වහාම පසු විපරමක් කරලා නියෝග ඉටුවෙලා නැත්නම් ආර් ප්‍රේමදාස වගේ ක්ෂණික පියවර අරගෙන අදාළ නිලදාරීන් හට වහාම දැඩි දැඩිවම් දෙන්න... මුන්ව නලවලා හරියන්නේ නැහැ... ඒ වගේ කීපයක් කරද්දී ලස්සනට රජයේ නිලදාරීන් බයටම හැදෙනවා.. පොලිසිය පියවර අරගෙන නැත්නම් උපරිම දඩුවම් දෙන්න..
තඹුත්තේගම චොප්පන්ගේ වැල් බයිනා..