(ඩයනා උදයංගනී)
තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 400 ක පාඩුවක් වී ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් සඟරාව වාර්තා කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් හා එල්ටීටීඊ යත් ඒ හා සමාන මුදලක් යුද්ධය වෙනුවෙන් වැය කර ඇති බව එහි දැක්වෙන්නේ යැයි ඇමතිවරයා සඳහන් කළේය.
යුද්ධයෙන් සිදුවූ පාඩුව ශ්‍රී ලංකාව මෙතෙක් ගණනය කර නැතැයිද ඇමතිවරයා කීවේය.
මේ පාඩුව ගැන සිතා බලාවත් යළිත් යුද්ධයක් ඇති නොවීමට පියවර ගත යුතු බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ බහුතරයකට යුද්දයක් තිබුනද කියලවත් මතක නැහැ. තිස් අවුරුදු යුද්ධයක් කරද්දී හැමදේම කලේ ණය අරගෙන තමයි. යුද්දය ඉවර වීමෙන්ම රටට ඉතුරු වුන ධනය කොතරම්ද ? අන්තිමට ඒ හැම දෙයක්ම බැර වුනේ මහින්දගේ ගිණුමට.. හැබැයි ඒ මනුස්සයා ණය අරගෙන රටට මහා විශාල වැඩ කොටසක් කළා.
යුද්දේ වියදම ආපහු අරගන්න ගහන්න මැදමුලන බද්ද
දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ ජපානය සහ ජර්මනිය යුද්දෙට ගිය වියදම ගැනවත් ඒකෙන් වෙච්ච පාඩුව ගැනවත් ගණන් හද හදා හිටියේ නැහැ. ලංකාවේ යුද්දේ වගේ නොවයි ඒ රටවල් දෙකම අළු වෙලා, පොලවට සමතලා වෙලා තියෙද්දිත් ඒ අළු අතරින් නැගිටලා ලෝකයේ ඉහලම තැනකට ඔවුන් ඉතාම සුළු කලකින් පැමිණියා.
මේ ආණ්ඩුව ඕවා ගණන් බලමින් ඉන්නැතිව රට දියුණු කරන්න වැඩකරන එකයි හරික්රමය... රටේ දියුණුව හොඳටම බිංදුවටම බැහැලා කියලා තේරෙන්නේ පිටරට රැකියා කරන අයට පමණයි. එයට හේතුව අපේ සල්ලිවල අගය බිංදුවටම බැහැලා තියෙන නිසා අපට ලැබෙන අගය පිටරට ඉඳන් සල්ලි එවනකොට හොඳයි. නමුත් රටේ එකොනොමි එක හොඳටම බැහැලා...
ඔය මුදල් කාටද ලැබුණේ? යුද්දේ සැබෑ අයිතිකරුවන් තමයි ඔවුන්....
මහා බැංකු මගඩියට සමාන මුදලක්නේ වසර 30ක් සටන් කරලා වියදම් කරලා තියෙන්නේ...
ඒ වගේද තාමත් යුද්දය තිබ්බා නම්.. අපිට අහිමිවෙන ජීවිත සංඛ්‍යාව... ඒවා මුදලින් මනින්න බෑ ඇමැතිතුමෝ .. (ඕන ගොනෙක්ටත් යුද්ධ කරන්න බැහැ වගේ....)
ඇත්තටම මෙයා කට අරින්නේ නැතිව ඉන්නවා නම් වාසියි. කට ඇරියොත් ගොන් කතාවක් තමයි එළියට එන්නේ.
දැන් යුද්ධය තිබ්බා නම් කොළඹත් ඒ අය අල්ලලා.
ජඩ පාලනයේ ඉන්න කෙනෙක්. මේ වගේ අය මොනවට තියාගෙන ඉන්නවාද?
කිරිඇල්ල ඇමතිතුමා දැනුයි නින්දෙන් අවදි වෙලා. ඔය ටික ඉන්දියන් සඟරාවකින් හරි ඉගෙන ගත්ත එක ඉතාමත් වටිනවා.. දැන්වත් යුද්ධය ඉවරකර, සාමය උදාකර, ආර්ථික වර්ධනයක් ඇති කළ මිනිහට හොරා හොරා කියන එක නවත්වා, අපි වගේ ගෞරව කරන්න. අපිත් ජනවාරි 08, 2015 දී වරදක් කරලා ඒවා විශ්වාස කළා. තවත් අපිට බොරු කියා දෙන්න නම් එපා.
යුද්ධ කරන්නේ ලාභ ලබන්න නෙවෙයි ඇමතිතුමෝ. ලාභ ලබන ව්‍යාපාර කරන රට ආරක්ෂා කරගන්න. මේ පින්බිම රැකගත්තේ හැමදාම යුද්ධ කරලා තමයි.
ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වුණාට ඇමැතිකම් කරන්න බැහැ.